ලෝක ආර්ථිකය විශාල පසුබෑමකට පත්ව තිබියදී මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 8.3ක ඉහළ ප්‍රගතියක් ලබා ගැනීම පිළිබඳව අපට අවංකවම සතුටු විය හැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. ජනාධිපති එසේ පැවසුවේ 62වැනි වාර්ෂික මහා බැංකු වාර්තාව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ජනපතිට පිළිගන්වනු ලැබීමෙන් අනතුරුවය. අප ලබාගත් ආර්ථික ප්‍රගතියේ ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාව වෙත සාධාරණ වන ආකාරයට ගලා යන තත්ත්වයට පත් කිරීම අපගේ වගකීමක් බවත්, දශක තුනක් පැවැති යුද්ධය අවසන් කිරීම නිසා මෙසේ ආර්ථික ප්‍රගතියක් ලත් බවත් ජනාධිපති පැවැසීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවට ප්‍රතිලාබ ලැබෙනවානම් හොඳයි. බොරුවට මිනිස්සු රවට්ටනවට වඩා.
ආර්ථිකය වර්ධනයවන රටක මුදල් ඒකකය ශක්තිමත්වීම සිදුවේ. ඒහෙත් අපේ මුදල දවසින් දවස බාල්දුවෙයි. සමාජමය පිරිහීම අනුවත් ආර්ථිකය වර්ධනය වී ඇතැයි පිළිගත නොහැකි ය.
සිරාවට
මහ බැංකු වාර්තා බොරු මේවා හදන්නේ බොරු සංඛ්‍යා ලේඛණ පෙන්නලා. ජනතාව රවට්ටන්න කෝ ඔය කියන ප්‍රතිලාභ ?