කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි මාවතේ දෙමහල්නිවසක් තුළ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්තානයක් වටලා එහි කළමනාකාරිණිය බව කියන අට මස් ගැබිණි කාන්තාවක් ඇතුළු කාන්තාවෝ තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. අත්අඩංගුවට ගත් සෙසු කාන්තාවන් වයස අවුරුදු 21 සහ 36 අය බව ද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්නෙ කොහෙද මල්ලේ පොල් වගේ සමහරු ලියවිල්ලක් අල්ලාගෙන දඟලනවා. අද රටේ රක්ෂා නෑ කියන්න බෑ. ඕනෑ තරම් තියෙනවා. හොයල බලන්න. වැඩි දෙනෙකුට ඕන අසීමිත අවශ්‍යතා සඳහා ක්ෂණික මුදල්. හැබැයි ඒ අය මහන්සි වෙන්න කැමති නැහැ. වරද තියෙන්නේ එතන. ඔතනින් 5% කටත් අඩුයි සාධාරණී කරණය කරන්න පුළුවන් අය (නදී)
අද ලංකාවේ ඕනෑම ටවුන් එකක මේ ගොල්ලන්ව හොයා ගන්න බැරි නැහැ. 3 වීල් එකක් කතා කලොත් ඒ ගොල්ලෝ ගිහිල්ලම දායි අදාල තැනට. ඒ කියන්නේ මේ රැකියාවේ යෙදෙන සෑහෙන පිරිසක් රට පුරාම ඉන්නවා. තව පිට රට කට්ටියත් ලංකාවට ඇවිල්ල මේක කරනවා. ඉතින් එහෙම කරන්නේ මේ රැකියාවට ඉල්ලුමක් තියෙන නිසයි. අපේ රටේ විතරක් නෙමේ ලෝකේ පුරාම 99% රටවල මේ දේ තියෙනවා. හැබැයි සමහර රටවල් මේ රැකියාව නීතිගත කරලා සමාජ රෝග පැතිරීම අඩු කරලා තියෙනවා. සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න හදනවා නම් මේවා නැතුව බැරි වෙනවා. නමුත් අපේ රටේ සංස්කෘතියට සදාචාරයට කොතරම් ගැලපෙනවද කියන එක ගැනත් හොයල බලන්න වෙනවා. මොකද අපේ රට බෞද්ධ බහුතරයක් ඉන්න රටක් නිසා. (නදී)
සමන් ඔබ දන්නා කෙන්ගෙඩියක් නැත, කුමාර් ගේ අදහසේ ඇති වරද ඇතැමුන් විසින් පෙන්වාදී ඇත. මෙම එසැන පුවත් තුල ඇත්තේ එකිනෙකාගේ පුද්ගලික අදහස්ය. එම නිසායි ලොව පැරණිම ලියවිල්ලක කතාව ඇදිල ආවේ. එහෙම නැතිව මාතෘකාවෙන් පිට යන්නට මෙහි කිසිවෙකුට ඇති උවමනාවක් නැත. ඔබ දන්නවා පැරිස් වල ඇති රැකියා බැංකුවේ (පෝල් ඔම්ප්ලුවා) ඇති රැකියා ඇබෑර්තු පුවත් පත් වල දැම්මොත් දිනපතා පුවත් පත් 100 යකටත් වඩා මදි බව. ඔබ ගණන් බලන්නේ ලංකාවේ ඇති සති අන්ත පුවත් පත් වල ඇති පුරප්පාඩු දැන්වීම් සංඛ්‍යාව ගැන පමණි. සති පතා ඇති එම ඇබෑර්තු රටෙහි ඇති රැකි රක්ෂා හිගය පියවීමටත් මදියි. රැකිරක්ෂා ප්‍රශ්ණය ඕනෑම රටකට පොදු කරුණකි. නමුත් අප රටේ අධ්‍යාපන ක්‍රමය රටේ අවශ්‍යතාවන් ගැන සිතා විධිමත් සස්කරණයක් වීමේ ඇති අවශ්‍යතාවයක් ඇතිවූ දිනෙක ඔය පැරණිම රැකියාව කිරීමේ අවශ්‍යතාවක් කාටවත් ඇතිවන්නේ නැත. නමුත් ඔබ කියන පරිදි ඇතැම් අලස යට මෙම රැකියාවට කැමති උනාට බහුතරයට ඔබගේ ගණන් බැලීම අදාළ නැත. අප රටේ ප්‍රශ්ණය ඇත්තේ රටේ ඇති ක්‍රමයේ මිස රැකියා බලාපොරොත්තු වන්නන් තුල නොවේ. අන්න එතනයි ඔබට වැරදුනු තැන. (නදී)
විජේබා මහත්මයා, ඔයකියන මානව ඉතිහාසය පිළිබඳ සාක්ෂි කොහෙද හමුවෙලා තියෙන්නේ? (නි)
ඉතින් දැන් රට යන විදිහට ඕවා නැතිව බැහැනේ. සමහරු පාටිත් දාන්නේ ඕව ගැන කියල.(අ)
සම්බහයතැනක සේවය කරන්නේ නැති ඒවා ඇතිකරා නම් ආණ්ඩුවේ හෝ වෙනත් සමජවිරෝදී වැඩකරන අයයි මේවා ඇති කරන්නෙ. කිසිවෙකුට ඇත්ත වුවමනාවක් නම් නැහැ. (අ)
මොනවා වුනත් ලෝක අපරාධයක්.වෙන අල්ලන්න දෙයක් ඇත්තෙම නැද්ද? (දී)
මෙහි භයානක කම නම් මේවාට පාසල් සිසුන්ද යාමට ඇබ්බැහි වී තිබීමයි. (දී)
අනේ අපට මොකද මුදල් ඇති අයට හොඳයි . නැති අයට උපයන්නත් හොඳයි . (දී)
ලොව පැරැණිම රැකියාව ගණිකා සේවය නොවන බව කීමට කැමතියි , ලොව පැරණිම ලියවිල්ල වූ බයිබලයට අනුව; පැරණිම රැකියා එකක් නොව දෙකකි , ගොවිතැන හා සත්ත්ව පාලනය. (දී)
ජීවත් වීමට රැකියා නැති නිසා ගම්බද තරුණියන්ට මහලු දෙමව්පියන් රැකගැනීමට කුමණ හෝ රැකියාවක යෙදෙන්න වෙලා තියෙනවා. ගෙදරට බරක් නොවෙන්න මේ අය මෙහෙම ඇවිත් තියෙන්නේ. මොවුන්ට දඬුවම් කිරීම නොව රජයේ අනුග්‍රහයෙන් සමාජ ගත කිරීමයි සිදුවිය යුත්තේ. සමාජ සේවා දෙපාර්තමේන්තුවට මෙම අය උදෙසා සේවයක් කල හැකියි නේද (නදී)
ඕක නීති ගත කරන්න. (නදී)
කුමාර්, ඔබගේ තර්කය නිවැරදි නැහැ. "රැකියාව" යන්නෙන් අර්ථ දැක්වෙන්නේ වේතනයක් හෝ ගෙවීමක් වෙනුවෙන් හාම්පුතෙකුට සේවය කිරීමයි. එකල ගොවිතැන සහ සත්ත්ව පාලනය කල අය සතුන්ගෙන් ලැබෙන ප්‍රතිලාභ ලබාගත්තා මිස වේතනයක් ලබාගත් සේවකයන් නොවේ. (නදී)
ඇත්තටම මට ඔබ ගැන හරිම කනගාටුයි. ලොව පැරණිම ලියවිලි බයිබලයට වඩා කිහිපයක් තියනබව ඔබ නොදන්නවාද? හොදට දැනීම ලබා ගැනීමට මග කියවීමය. කියවීමෙන් මිනිසා සම්පුර්ණවේ. (නදී)
කුමාර් කියපු දෙය හරි. ඔය ගණිකා කියන එක පැරණිම රස්සාව කියන එකෙන් එ්කට නිකන් බොරු වටිනාකමක් එකතු කරනවා. ඇත්ත එ්ක නෙමේ. ගොවිතැන සහ සත්ව පාලනය තමා පරණම රස්සා දෙක. (නදී)
ලොව පැරණිම ලියවිලි ඉන්දීය හා ශ්‍රී ලංකාවේ සෙල් ලිපි? මෝහන්දජාරෝ හරප්පා සංස්කෘතියේ ලියවිලි බයිබලයට වඩා පැරණි බවත් අපේ මහාචාර්ය පරණවිතාන ශුරීන් ඒවා කියවීමට සමත් වූ බවත් ශ්‍රී ලංකාවාසීන්ට දැන් අමතක වෙළාද? (නදී)
ලොව සත්වයාගේ බිහිවීම සිට මනුෂ්‍යා දක්වා විකාශනය වීමේ ඉතිහාසය, ගණ ගෝත්‍ර සමාජවල මාතෘ මුලික දිවි පැවැත්ම, පීතෘ මුලික සමාජය දක්වා පරිවර්තනය වීමට බල පෑ ආර්ථික සහ බලය පිලිබඳ සියලු සාදක අධ්‍යනය නොකර මෙම රැකියාවෙහි පැරණි බව තීරණය කල නොහැකියි. මානව ඉතිහාසය සාක්ෂි දරන්නේ ගණිකා වෘර්තිය යනු ලොව පැරණිම රැකියාව ලෙසයි. (නදී)
කුමාර් හරි. නමුත් ගණිකා වෘතියත් අයිති වෙන්නේ මේ කාලෙටම තමා. ඒ කොහොමද දන්නවද? මිනිහ ගොවිතැනට හරි සත්තු බලාගන්න හරි ගෙදරින් ගියාම දවස් ගණනකට එන්නේ නැහැ. ඉතින් ගෑනි යනවා. එතනින් තමා ගණිකා වෘතිය පටන් අරගෙන තියෙන්නේ. (නදී)
ගයන්, කුමාර් කියපු දේ හරි වෙන්නේ කොහොමද ? එයා කියනවා ලොව පැරණිම ලියවිල්ල ගැන (නදී)