
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකානු ඩොලර් බිලියන 432 ක දළ වත්කමක හිමිකම් කියන වෝල්ටන් පවුල ලොව ධනවත්ම පවුල ලෙස සිය ස්ථානය නැවත වරක් ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබී ඇත.
වෝල්ටන් පවුලේ දළ වත්කම හංගේරියාවේ සහ ග්‍රීසියේ දළ දේශීය නිෂ්පාදිතයේ එකතුවටත් වඩා වැඩි අතර එය ඉරානයේ දළ දේශීය නිෂ්පදිතයද පසු කරයි. වෝල්ටන් පවුල යනු වෝල්මාට් සුපිරි වෙළෙඳසැල් ජාලයේ හිමිකරුවන් වේ. සෑම් සහ බඩ් වෝල්ටන් සහෝදරයන් විසින් 1962 වසරේදී වෙළෙඳසැලක් ලෙස ආරම්භ කළ වෝල්මාට් මේ වනවිට සුපිරි වෙළෙඳසැල් ජාලයක් බවට පරිවර්තනය වෙමින් ගෝලීය දැවැන්තයෙක් බවට පත්ව ඇත.
ඇමෙරිකාවේ පමණක් වෝල්මාට් සුපිරි වෙළෙඳසැල් 4600 ක් තිබෙන අතර ලෝකය පුරා වොල්මට් සුපිරි වෙළෙඳසැල් 10,750 ක් තිබේ. සෑම් වෝල්ටන් 1992 වසරේදී අභාවප්‍රප්ත වූ අතර බඩ් වෝල්ටන් 1995 වසරේදී අභාවප්‍රාප්ත විය.
සෑම් සහ බඩ් මිය යාමෙන් පසුව වෝල්ටන් පවුලට වොල්මාට් සුපිරි වෙළඳසැල් ජාලයේ කළමනාකාරිත්වය හිමි වූවේය. මේ වනවිට ක්‍රීඩා සමාජවල පවා හිමිකාරීත්වය වෝල්ටන් පවුලට තිබෙන අතර සෑම් වෝල්ටන්ගේ දියණියක් වන නැන්සි වෝල්ටන් ලෝරි, ඩොලර් මිලියන 300 ක් වටිනා කාඕස් නම් සුපිරි යාත්‍රාවකටද හිමිකම් කියයි. එය ලොව කාන්තාවක් විසින් හිමිකාරීත්වය දරන විශාලතම යාත්‍රාවද වේ.
වෝල්ටන් පවුල 2022 වසරේදී ඩෙන්වර් බ්‍රොන්කොස් එන්.එෆ්.එල් කණ්ඩායම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.7 කට මිලදී ගෙන තිබූ අතර එය ඇමෙරිකානු ඉතිහාසයේ කණ්ඩායමක් මිලදී ගත් වැඩිම මිලද විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කජු පිසාචයා දැක්කත් ඇති... ඕක හෙන ගැහුවා වගේ පොළවට සමතලා වෙයි..
කාර්යක්ෂම නැණවත්, ධෛර්යමත් මිනිසුන්...
ඇයි අපෙන් ඉන්නේ රාජපක්ෂ පවුල.. හරියට ගණන් හදලා බැලුවොත් වොල්ටන් පවුලත් බය වෙනවා. අවුරුදු 15ක වත් ඉතිහාසයක් නැතුව අද ඉන්න තත්ත්වය දැක්කාම..
සීයාගේ සුපර්මාකට් හින්දා ගොඩ ගිය මිනිස්සු