දෙවැනි වරටත් විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම එරට ගුවන්තොටුපළේදී මහත් හරසරින් සිය කණ්ඩායම පිළිගනු ලැබීය.
පිරිමි කණ්ඩායමේ නායක ඩැරන් සමී ඇතුළු සාමාජිකයන් කිහිප දෙනකු සෙන් ලුසියා හි ග්‍රැන්ට්ලි ඇඩම්ස් ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි අතර ඔවුන් පිළිගැනීමට ක්‍රීඩා ඇමැති ස්ටෙපන් ලෑෂ්ලි සහ සංචාරක ඇමැති රිචඩ් සීලි එහි පැමිණ සිටියහ. බාබඩෝස් ක්‍රිකට් සංගමයේ සභාපති හිටපු ක්‍රීඩක ජොයෙල් ගානර් ද එහි ආවේය.
අති විශාල ජනකායක් සහ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පවුලේ අය හිත මිතුරන් ඇතුළු බොහෝ පිරිසක් එහි පැමිණ සිටියහ.
රථ පෙරහරකින් ඔවුහු මග දෙපස රැස්ව සිටි පිරිසටද ආචාර කරමින් ගමන් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බටහිර ඉන්දීය කොදෙවු සියලුම සාමාජිකයන් මහත් අභිමානයක් ලොවට පෙන්වා දී ඇත. එය මුළු ක්‍රිකට් ලෝකයටම අනගි වටිනාකමකි. කණ්ඩායමක එකමුතුකම ඔවුන් ඉතා හොඳින් ලෝකයට පැහැදිලි කර ඇත. බහුතරයක් ශ්‍රී ලාංකික ක්‍රිකට්ලෝලීන් ඔබ ඇතුළු කණ්ඩායමට හදවතින් සුබ පැතූහ. (නි)
ක්‍රීඩකයෝ ඉන්න ඕනෑ ප්‍රේක්ෂකයොත් එක්ක. එතකල් ක්‍රීඩාව රටේ සහ ජනතාව අතර තියේවි. මිටවඩා තව උදාහරණ කුමටද? එ්කටත් එක්ක අපේ රටේ සමහර ක්‍රීඩකයෝ! (නි)
අපේ රටේ ක්‍රිකට් විනාශ කරන්න හදන අයට කොදෙවු සමගිය පාඩමක් වේවා! (නි)
නියමයි. මගෙන් සුබ පැතුම්! (නි)