හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් නොකර මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය උසාවි ක්‍රියාපටිපාටිය උල්ලංඝනය කර ඇතැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද ප්‍රකාශ කළේය.
ඒ අනුව කොල්ලුපිටිය මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති, නියෝජ්‍ය පොලිස්පති හා බස්නාහිර පළාත් සහකාර පොලිස් අධිකාරිට නොතීසි නිකුත් කරන ලෙසද අතිරේක මහේස්ත්‍රාත් නියෝග කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා මහජන දේපළ පනතේ වගන්ති උල්ලංඝනය කිරීම පිළිබඳව නොවැම්බර් 5 වැනිදාට පෙර හේතු දක්වන ලෙසද මහේස්ත්‍රාත් එෆ්සීඅයිඩියට නියෝග කළේය.
පිටරට ගමන් තහනම් කරමින් අනූෂ පැල්පිටට එරෙහිව පනවා ඇති නියෝගය ඉවත් කරන ලෙස කළ ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කළේය. මහේස්ත්‍රාත්වරයා පැවසූයේ එෆ්සීඅයිඩිය හිතුමතේට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා මහජන දේපළ පනත උල්ලංඝනය කර ඇති බවයි.
මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ රුපියල් 25000කට වැඩි වංචා සම්බන්ධයෙන් විශේෂ හේතුවක් නැත්නම් සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කළ යුතු බව මහජන දේපළ පනතේ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් බවයි.
එෆ්සීඅයිඩිය එම පිළිවෙතින් බැහැරවී වීරතුංග හා පැල්පිට මහාධිකරණයට ඉදිරිපත් කර ඇප ලබාදී ඇතැයිද අතිරේක මහේස්ත්‍රාත් කීවේය. මහේස්ත්‍රාත් ප්‍රශ්න කළේ ඔවුන් මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් නොකළේ ඇයිද යන්නයි. නීතිය කඩකළ එෆ්සීඅයිඩියම තමා ඉදිරියට පැමිණ පැල්පිටගේ ගමන් තහනම ඉවත් කරන ලෙස ඉල්ලන බවද පැල්පිට අධිකරණයට පවා පැමිණ නොසිටි බවද එෆ්සීඅයිඩිය කිසිම ලියවිල්ලක් ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කර නැති බවද මහේස්ත්‍රාත් කීවේය.
පොලිසියේ මේ ක්‍රියා කලාපය උසාවියට අවමන් කිරීමක් යැයිද නීතිය අනුව ක්‍රියාකිරීමට නීතිපති පොලිසියට මග පෙන්විය යුතුයැයිද මහේස්ත්‍රාත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එෆ්සීඅයිඩී එකටත් මුන් සල්ලි දීලද (බ)
අපට කියන්න තියෙන්නේ " අවසර කල් රහස් තැන - ලොක්කෝ කවුරුද වරදේ නොබැඳෙන" කියලා. පොලිසියේ ඔය "සෙනෙහස" පොඩි මිනිසුන්ට නැත්තේ මොකද? (නි)
එෆ් .සී .අයි .ඩී.එකත් වමට යනවා වගේ..! (බ)
එක්වරක් නොව දෙවරක්ම හිතන්නට තරම් ප්‍රශ්නයක් මේ නඩුව. (නි)