IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලලිත්/අනූෂ නඩුවෙදි නීතිය කඩලා

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් නොකර මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය උසාවි ක්‍රියාපටිපාටිය උල්ලංඝනය කර ඇතැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද ප්‍රකාශ කළේය.

ඒ අනුව කොල්ලුපිටිය මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති, නියෝජ්‍ය පොලිස්පති හා බස්නාහිර පළාත් සහකාර පොලිස් අධිකාරිට නොතීසි නිකුත් කරන ලෙසද අතිරේක මහේස්ත්‍රාත් නියෝග කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා මහජන දේපළ පනතේ වගන්ති උල්ලංඝනය කිරීම පිළිබඳව නොවැම්බර් 5 වැනිදාට පෙර හේතු දක්වන ලෙසද මහේස්ත්‍රාත් එෆ්සීඅයිඩියට නියෝග කළේය.

පිටරට ගමන් තහනම් කරමින් අනූෂ පැල්පිටට එරෙහිව පනවා ඇති නියෝගය ඉවත් කරන ලෙස කළ ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කළේය. මහේස්ත්‍රාත්වරයා පැවසූයේ එෆ්සීඅයිඩිය හිතුමතේට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා මහජන දේපළ පනත උල්ලංඝනය කර ඇති බවයි.

මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ රුපියල් 25000කට වැඩි වංචා සම්බන්ධයෙන් විශේෂ හේතුවක් නැත්නම් සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කළ යුතු බව මහජන දේපළ පනතේ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් බවයි.

එෆ්සීඅයිඩිය එම පිළිවෙතින් බැහැරවී වීරතුංග හා පැල්පිට මහාධිකරණයට ඉදිරිපත් කර ඇප ලබාදී ඇතැයිද අතිරේක මහේස්ත්‍රාත් කීවේය. මහේස්ත්‍රාත් ප්‍රශ්න කළේ ඔවුන් මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් නොකළේ ඇයිද යන්නයි. නීතිය කඩකළ එෆ්සීඅයිඩියම තමා ඉදිරියට පැමිණ පැල්පිටගේ ගමන් තහනම ඉවත් කරන ලෙස ඉල්ලන බවද පැල්පිට අධිකරණයට පවා පැමිණ නොසිටි බවද එෆ්සීඅයිඩිය කිසිම ලියවිල්ලක් ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කර නැති බවද මහේස්ත්‍රාත් කීවේය.

පොලිසියේ මේ ක්‍රියා කලාපය උසාවියට අවමන් කිරීමක් යැයිද නීතිය අනුව ක්‍රියාකිරීමට නීතිපති පොලිසියට මග පෙන්විය යුතුයැයිද මහේස්ත්‍රාත් කියා සිටියේය.

 



අදහස් (0)

ලලිත්/අනූෂ නඩුවෙදි නීතිය කඩලා

ස්මිත් Thursday, 08 October 2015 11:13 AM

එෆ්සීඅයිඩී එකටත් මුන් සල්ලි දීලද (බ)

:       0       0

සත්‍යයා Thursday, 08 October 2015 10:45 PM

අපට කියන්න තියෙන්නේ " අවසර කල් රහස් තැන - ලොක්කෝ කවුරුද වරදේ නොබැඳෙන" කියලා. පොලිසියේ ඔය "සෙනෙහස" පොඩි මිනිසුන්ට නැත්තේ මොකද? (නි)

:       0       0

ජයනාත් Thursday, 08 October 2015 01:48 PM

එෆ් .සී .අයි .ඩී.එකත් වමට යනවා වගේ..! (බ)

:       0       0

විජිත් Saturday, 10 October 2015 12:54 AM

එක්වරක් නොව දෙවරක්ම හිතන්නට තරම් ප්‍රශ්නයක් මේ නඩුව. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site