IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලලිත් වීරතුංගට, අනූෂ පැල්පිටට ඇප

විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදලින් රුපියල් කෝටි 60 ක සිල්රෙදි පසුගිය ජනපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ ජනපති අපේක්ෂක ප්‍රවර්ධනය කිරීම සඳහා ලබාදුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා හිටපු විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති අනූෂ පැල්පිට ඇප මත මුදා හරිනු ලැබූහ.

රුපියල් ලක්ෂය බැගින්වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප 3ක් මත ඔවුහු මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

 

 



අදහස් (0)

ලලිත් වීරතුංගට, අනූෂ පැල්පිටට ඇප

චන්න බුවනක Wednesday, 07 October 2015 05:31 PM

පරාක්‍රම.... එහෙමත් එකක්ද ? (බ)

:       0       0

ධම්ම Wednesday, 07 October 2015 12:30 PM

මේ තරම් මුදල් තිබේ නම් ඇයි හැමදාම අයවැය පරතරයක්? (ර)

:       0       0

ෆාරා Wednesday, 07 October 2015 01:42 PM

එදා ශක්තිමත් ප්‍රභූ පිරිසක් අද නිකම්ම නිකන් හිර කාරයෝ, ඔන්න ලංකාව, මේක බලල අපි භාවනා කරමු. (බ)

:       0       0

රාධා Wednesday, 07 October 2015 01:46 PM

මේකට උපදේශකයෙකුත් සම්බන්දයි නේද ? (බ)

:       0       0

නන්දලාල් Wednesday, 07 October 2015 09:55 AM

පව් අනේ.... පින් අතේ වැඩක් කරන්න සම්මාදම් වෙලා උසාවියේ ලගින්නත් උනා නේ? අද මෙහෙම ඇප මත පිට උනත්, නඩු ඇහුවම මහා උළු ගෙදර යන්න වෙයිද දන්නෙත් නැහැ !! මගේ සීයා කියනවා නරක මිත්‍ර ආස්සරේ නිසා මෙහෙම උනා කියල. (ස)

:       0       0

රන්ජිත් Wednesday, 07 October 2015 02:19 PM

රටේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලිවලින් සෙල්ලන් කරලා තියෙන තක්කඩියන්ට උපරිම දඩුවම් දිය යුතුයි.(හේ)

:       0       0

විජිත් Wednesday, 07 October 2015 10:09 AM

මෙය ලොකු මතබේදයකට තුඩුදෙන නඩුවක් වේවි...යමෙක් යමෙකුගෙන් යමක් ( මහජනයාට අයත් දෙයක් ) හොරකම් කරලා ඒ හොරාගත් දෙය මහජනයාට බෙදුවයි මොහොතකට සිතමු. එතකොට පළමුව ඒ දෙය හොරකම්කල තැනැත්තා '' හොරෙක් '' නොවෙයිද...? අනේ මන්ද...මටනම් හොරා හොරාමයි..නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. (බ)

:       0       0

ඩෙන්සිල් Wednesday, 07 October 2015 03:06 PM

ඇයි ඇප දුන්නේ.(හේ)

:       0       0

පරාක්‍රම Wednesday, 07 October 2015 03:59 PM

පවු අනේ ! ලේලි කෙනෙක් හිතවත් "අන්කල්කෙනෙකුගේ" පැත්ත අරගෙන පොඩි සහනයක් දීම වරදක් ද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site