විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදලින් රුපියල් කෝටි 60 ක සිල්රෙදි පසුගිය ජනපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ ජනපති අපේක්ෂක ප්‍රවර්ධනය කිරීම සඳහා ලබාදුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා හිටපු විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති අනූෂ පැල්පිට ඇප මත මුදා හරිනු ලැබූහ.

රුපියල් ලක්ෂය බැගින්වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප 3ක් මත ඔවුහු මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.