
(අංජුල මහික වීරරත්න)
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ ශ්‍රී ලංකාව සඳහා ඊශ්‍රායෙල් තානාපති රූවෙන් අසාර් මහතා අතර හමුවක් ගොවිජන මන්දිරයේදී පැවැත්විණි.
දෙරට අතර කෘෂිකර්මික,පශු සම්පත්,වාරිමාර්ග තාක්ෂණ හුවමාරුව, ආයෝජන සහයෝගීතා, සහ නවීන කෘෂිකර්මික ක්‍රමවේදයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.
ශ්‍රී ලංකාවට ගැලපෙන කෘෂිකර්මික ආකෘතියක් පිළිබඳව වැඩිදුර අවබෝධයක් ලබා ගැනීම සඳහා ඊශ්‍රායලයේ සංචාරය කරන්නැයි තානාපතිවරයා මෙහිදී අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාට ආරාධනා කළේය. එම සංචාරයේදී ඊශ්‍රායලයේ නවීන කෘෂිකර්ම තාක්ෂණයන්, ව්‍යාපෘති සහ ක්‍රමවේද දැකබලා, ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය නවීකරණය කිරීම සඳහා අවශ්‍ය දැක්මක් ලබාගත හැකි වනු ඇතැයි තානාපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ අවස්ථාවක්..
එක වැවක් තියන් යුරෝපෙටම එලවලු දෙන රටෙන් වැව් දහස් ගානක් තියන් පලතුරු ආනයනය කරන රටට ආරාධනා කිරීම ...
දකුණු කොරියාව, තායිවානය, හොංකොං, සිංගප්පූරුව ගොඩ ගියේ ඊශ්‍රායලය යාළුවෙක් විදියට තියං හිටිය හින්දා. ලෝකයේ බහුතරයක් විද්‍යාව, සෞඛ්‍ය, තාක්ෂණය අතින් ඉහළින්ම ඉන්නේ යුදෙව්වෝ. මේ අපි පාවිච්චි කරන ජංගම දුරකථන, අන්තර්ජාල තාක්ෂණය පවා යුදෙව් නිර්මාණ. හිතන්න ඊශ්‍රායලයේ මුහුදු ආශ්‍රීත රසායනික කම්හලක් දැම්මොත් හම්බන්තොට රටට ඩොලර් බිලියන 50-100ක් හොයන්න පුළුවන්. මුස්ලිම් රටවල් වුනත් බයයි ඊශ්‍රායලයට මොකද සවුදි අරාබිය කට හොල්ලන්නේ නෑ ඊශ්‍රායලය දැක්කම.
රටේ කෘෂිකර්මය දියුණු කරගන්න බොහෝ වටිනා උපදෙස් ගත හැකි රටක්.
විමල් වීරවංශ හෙට කතා කරයි. විදේශීය බලවේග ලංකාව ඊශ්‍රායලයට සින්නක්කර විකිණිමට යයි කියලා.