ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවත් එම පක්ෂයේ ලාල් කාන්ත මහතා බස්නාහිර පළාත් සභාවෙන් ඉල්ලා අස්වීමත් අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවත් එය වැරදි ආකාරයට වාර්තා නොකරන ලෙසත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සියලු මාධ්‍යයෙන් ඉල්ලා සිටියි.
“ලාල් කාන්ත මහතා ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇත්තේ අගෝස්තු 10 වැනිදා පුර්ණ කාලිනව වෘත්තිය සමිති ක්‍රියාකාරිත්වයේ යෙදීමට පළාත් සභා මන්ත්‍රීකම ඔහුට බාධාවක් බැවින් ඔහු පළාත් සභාවෙන් ඉල්ලා අස්වූ බව විජිත හේරත් මහතා කියයි”.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක කියන්න ඕනේ ලාල් කාන්ත (නදී)
කාට තියෙන්නෙත් බල තණ්හාව... (නි)
පුදුමේ කියන්නේ 10 වැනිදා අස්වීමේ ලිපිය බාර දී 17 වැනිදා ඡන්දය ඉල්ලනවා. එතකොට 17 වැනිදා පත් වුණා නම් එවිටත් ඉල්ලා අස් වෙනවද? (අ)
ඉල්ලා අස්වෙලා තියෙන්නේ බස්නාහිර පළාත් සභාවෙන් මිසක්, පක්ෂෙන් නෙමෙයි. පුවතක් කියවල තේරුම් අරන් අදහස් පලකරනවානම් තමයි වටින්නේ.. (අ)
17 පත්වුණා නම් කොහොමත් පළාත් සභාවේ ඉන්න බැහැනේ. අනිත් පක්ෂ වැඩකරන විදියට ජවිපෙ ගැන හිතන එක වැරදියි (නි)
ඕක ලාල් කාන්ත කිව්වොත් පිළිගන්නම්. (නි)
මේ ගැන ලාල් කාන්ත පැහැදිලි ලෙස විස්තර කර අැත. කරුණාකර සොයා බලන්න. 17 පත්වුණා නම් කොහොමත් පළාත් සභාවෙන් ඉල්ලා අස්වීමට සිදුවෙනවා නේද නීතිය අනුව? (නි)
ඒත් 10 වැනිදා බස්නාහිර පළාත් සභාවෙන් ඉල්ලා අස්වුණේ 17 න් පසුව පාර්ලිමේන්තු එන්න බලාගෙන නෙමෙයිද? (නි)