(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම් )
සේවය නිමවා නිවසට යමින් සිටී 18 හැවිරිදි තරුණියක නිවසට ඇරලවීමට යැයි පවසා ලොරි රථයක නංවාගෙන ගෙලට කිනිස්සක් තබා ලොරි රථය තුලදීම සමූහ දූෂණයක් කළ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර අරුක්ගොඩ සහ එගොඩඋයන ප්‍රදේශයේ පදිංචි 45, 24 සහ 23 වියැති පුද්ගලයන් බව පොලිසිය කීය.
සමූහ දූෂණය කිරීම සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු සහ සහායකයාද එයට අනුබලදීම සම්බන්ධයෙන් ලොරි රථ හිමිකරුද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය.
ඉකුත් 03 දා රාත්‍රි පානදුර නගරයේ වෙළද සැලක සේවය නිමවා නිවසට යමින් සිටී තරුණිය නිවසට ඇරලවීමට ලොරි රථයකට නංවාගෙන වාද්දුව ප්‍රදේශයේ පාළු වත්තකට රැගෙන ගොස් ගෙලට කිනිස්සක් තබා දූෂණය කල බවට වින්දිත තරුණිය කල පැමිණිල්ලක් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාවුල්ල මහතාගේ සෘජු අධීක්ෂණය පොලිස් කණ්ඩායම් දෙකක් සිසීටීවී දර්ශණ සියයකට වැඩි ප්‍රමාණයක් පරීක්ෂා කිරීමෙන් පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
තරුණිය නංවාගෙන සමූහ දූෂණයට ලක්කල ලොරි රථය , බියගැන්වීමට යොදගත් උල්පිහිය සහ පුළුන් කොට්ටයක්ද නඩුභාණ්ඩ වශයෙන් සොයාගත් බව පොලිසිය කීය.
ස්ත්‍රී දූෂණ චෝදනා එල්ලවී ඇති එක් සැකකරුවෙකු මාස අටකට පෙර විවාහවී ඇති අයෙකු බවද පොලිසිය සදහන් කරයි. සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ගේ වෘෂණ කෝෂ ගලවලා හෝමෝන විදින්න ඕනේ.මුන්ගේ ශිශ්නය පන නැති වෙන්න
ඉන්දියාවේ වගේ මුන්ට මරණ දඬුවම දෙන්න.
වැඩක් නෑ. නීතියක් , දඬුවමක් නැති රටක පොලීසියේ වෙහෙස අහක යනවා.
දෙන්න අඩු වශයෙන් අවුරුදු 20ක හිර දඬුවමක් වත්.
ඇටෙත් එක්කම කපලා ගන්න ඕන
මේ මෝඩ කෙල්ල ඇයි මේ මහ රෑ අඳුනන්නේ නැති ලොරිවලට නගින්නේ.