පුත්තලම රෝහලේ ගිලන් රියේ ගැටුමට සම්බන්ධ ලොරි රියදුරා විසි හතර පැයක් ඇතුලත අත්අඩංගුවට ගන්නා ලෙස ද, එසේ නොගන්නේ නම් වර්ජනය අඛණ්ඩවම කරගෙන යන්නේ යැයි ද පුත්තලම රෝහලේ වෛද්‍යවරු ඇතුළු සියලුම සේවකයෝ කියති.
මේ අතර ලොරි රියදුරා වන පානදුරේ උත්සව භාණ්ඩ ආයතනයක සුජිත් ජීවා සෙනසුරාදා රාත්‍රියේ දී හලාවත වැඩ බලන මහේස්ත්‍රාත් දුෂ්‍යන්ත නානායක්කාර මහතා රුපියල් දෙලක්ෂයක පෞද්ගලික ඇප මත මුදා හරිනු ලැබීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නීතියට බලපෑම් කරන්න රෝහල් සේවකයන්ට තියෙන අයිතිය මොකද්ද. පොලිසිය වැඩ කරන්න ඕනෙත් එයාල කියන විදියටද. (හේ)
පොලිසිය පවසා තිබුණෙ පරික්ෂා කිරීමෙන් පසු , ගිලන් රථයේ රියදුරාට නින්ද යාම නිසා සිදුවුණ අනතුරක් කියා, මිනිසුන් නීතිය අතට ගැනීම වැරදියි.(හේ)
දැන් ඔය වර්ජනයේ ඉන්න අය හොදටම දැකල තියෙනවද ලොරි රියදුරාගෙමයි වැරැද්ද කියල. එහමනම් කමක් නෑ. (ස)
බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
හැබෑවටම මේ රෝහල් සේවකයන්ට පිස්සුද ?(හේ)
මිනිහා බෝට්ටුවකි ඉන්දියාවට ගිහින් තිබුනොත් තමයි වැඩේ.ඉන්ටර්පෝල් එකෙන් අල්ලනකම් වර්ජනය කරනවද?(හේ)
ගිලන්රථයේ රියදුරාට නින්ද ගිහින් හැප්පිලා මැරුණට ඒ දවසේ කුලියට දුවන අහිංසක මනුස්සයා මොනවා කරන්නද.?(හේ)
ලොරියේ තිබුණු දේවල් අපි දන්නවා.රියැදුර අල්ලන්නේ නැත්තේ එ් නිසා. (ස)
දැන් මේකෙන් අසරණ වෙන්නේ ලෙඩුන්. මේගොල්ලන්ට බොහොම අමාරුයි මේ අයගේ කෙනෙක් නැති වුනාම. එත් අර නිවුන් දරු ප්‍රසුතියේදී අම්මව දාල ගිහින් පුද්ගලික සේවයේ යෙදුන දොස්තර ගැන මේ කට්ටිය ඔක්කොම නිශ්ශබ්දයි. මේ නැති වුන තරුණ වෛද්‍යතුමියටත් , ප්‍රසුතියේදී මියගිය පස් දරු මවගේත් එකම වටිනා කාන්තා ජීවිත තිබුනේ. (ස)
මියගිය ඇයගේ ජීවිතය වෙනුවෙන් තවත් ජීවිත ගානක් බිල්ලට දීම කිසිසේත්ම අනුමත කළ නොහැක.(හේ)
පුදුම ආදරයක්නේ මේක? ඔය ආදරේ ලෙඩ්ඩු ගැනත් හිතුන නම් කොච්චර හොඳද? (හේ)
අනිවාර්යෙන්ම රියදුරු අත්අඩංගුවට ගත යුතුයි.(හේ)
ලොක්කාගේ වේදිකා දෙන ආයතනය ,රියදුරු ටත් රැකවරණ , අනේ අපිට අබ සරණ , අැප දෙන්නේ දෙන්නෙකුත් මැරිලා , ඔහොම යන්. (ස)
ඇප ලබාදී ඇත්තේ මහේස්ත්‍රාත් තුමා බව සදහන් ව ඇත. ඒ කියන්නේ වෛද්‍ය නිලධාරීන් අධිකරණයට වඩා ඉහල බවද? (ස)
දොස්තරලගේ වරදින් ලෙඩෙක් මරුනමත් වර්ජන කරන්නකෝ....(ස)
අත්‍යවශ්‍ය සේවා වල පත්වීම් කොන්ත්‍රාත් පදනම මත දෙනවා නම් මේ ප්‍රශ්න මෙච්ච්ච්ර දුර දුවන්නේ නැහැ. (හේ)
එක දෙයක් ගැන සතුටුයි, දොස්තරලා , නර්ස්ලා සහ සුළු සේවක යන නෝනා මහත්තුරු ටික එකට එකතු වෙලා වැඩක් කරනවා.(හේ)
රියදුරු අසුනට නගිනකොට කවුරුත් දැනගන්න ඕනේ යන්නේ තමන් විතරක් නෙමෙයි කියලා.(හේ)
මේ වගේ දේවල් පාරේ යනකොට වෙනවා.බොරුවට එ්ක අල්ලගෙන තව රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ජීවිත අවදානමක නොදා වැඩ පටන් ගන්න. වෛද්‍යවරියගේ අවසන් කටුයුතු වලට සහය වෙන්න.ඒ කටුයුතු අවසන් කරන්න.බොරු උද්ඝෝෂණ එපා.(හේ)
මේ කියන නිවුන් දරුවන්ගේ මව පිලිබඳ පුවත මාත් කියෙව්වා. හරිම දුකයි. මෙවැනි සිද්ධි ගැන නොපමාව පරීක්ෂණ පවත්තවා අදාළ වැරදිකරුවන්ට දඬුවම් නොදුන්නොත් වෘත්තීය නොසැලකිල්ල රෝහල්වල සාමාන්‍ය සිද්ධි බවට පත් වේවි. මේ පුවතේ ලොරි රියදුරාට වගේම තමයි වෛද්‍යවරුන්ටත් තමන්ගේ වෘත්තීය ගැන වගකීමක් තිබෙනවා. (අ)
ශ්‍රි ලංකාවේ රියදුරන්ගේ නොසැලකිලිකම නිසා රටට අහිමි උන මෙවැනි වටිනා ජිවිත කොපමණද? නමුත් වැරැද්ද නිවැරදිවෙන බවක් පේන්න නැහැ.තව කොපමණ මේ වගේ ජිවිත නැතිවෙයිද. මේක තවත් එක මරණයක් පමණද??? අපේ රටේ තියෙන තත්වය නම් හරිම කණගාටුයි. (ස)
මොකද රූපවතී මෙතනදි නිහඬ? බෙහෙත් ගබඩාවෙ හිරවෙලාද? (ස)
මේ අයට පිස්සු. (නදී)
රෝහල් සේවකින්ගේ හෝ දොස්තරලාගේ වැරදි වලට පරීක්ෂණ පවත්තන්න ගියොත්, එකටත් වර්ජනය කරයි.(හේ)
රජකම් කළත් කළකම් පලදේ.(හේ)