(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ව්‍යාජ ලෙස සකස් කළ තාවකාලික රියදුරු බලපත්‍ර මුදලට විකුණු පන තිවක අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.

සැකකාර යුවළ සන්තකයේ තිබී ව්‍යාජ තාවකාලික රියදුරු බලපත්‍රයක් පොලිස් භාරයට ගෙන ඇත.

එම කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් ව්‍යාජව සකස් කරන ලද තාවකාලික රියදුරු බලපත්‍රයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයකට අදාළව සැකකාර අඹු සැම යුවළ වේරහැර ජනතා මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

සිදුකළ වැඩිදුර විමර්ශනයේදී මෙම සැකකරු සහ සැකකාරිය විසින් වසර එකහමාරක පමණ කාලයක සිට ව්‍යාජ තාවකාලික රියදුරු බලපත්‍ර සකස්කර රුපියල් 5000 සිට මිල ගණන් වලට අලෙවි කර ඇති බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්ය අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගමගේ මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.