දක්ෂ ක්‍රිකට් පුහුණුකරුවකු වූ ලයනල් මෙන්ඩිස් මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී බ්‍රහස්පතින්දා (8) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලෝක කුසලනය දිනා ගැනීමට නායකත්වය දුන් අර්ජුන රණතුංග ඇතුළු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් රැසකගේම පුහුණුකරුවා වූයේ ලයනල් මෙන්ඩිස් මහතාය.
මිය යන විට 80 වැනි වියේ පසුවූ ඒ මහතා කොළඹ ආනන්ද විදුහලේ ක්‍රිකට් පුහුණුකරු ලෙස වසර ගණනාවක් සේවය කළේය.
කොළඹ එන්.සී.සී ක්‍රිකට් ඇකඩමිය අරඹමින් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ ක්‍රීඩකයින් රැසක් බිහි කිරීමට පුරෝගාමී වූ ලයනල් මෙන්ඩිස් මහතාගෙන් ගුරු හරුකම් ලබාගත් ක්‍රිකට් ක්‍රීඩකයන් අතර මහේල ජයවර්ධන, රොෂාන් මහානාම, බන්දුල වර්ණපුර, සිදත් වෙත්තමුණි වැන්නන් වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රීඩාවේ යුග පුරුෂයෙක්....(බ)
මටත් මෙතුමා උගන්නලා තියෙනවා. හැමෝටම සමලෙස පුහුණුව ලබාදුන් නිහතමානී මහත්මයෙක්. (ර)
මාගේ ආදරණිය ගුරු තුමෙකු වූ සර්ට නිවන් සුව පතමි.! (ර)
අනර්ග ඉනිමක අවසානය.. ඔබතුමාට නිවන් සුව පතමි (බ)
මෙතුමාගෙන් ක්‍රිකට් පමණක් නෙවෙයි මහත්මයෙක් විදිහට සමාජයේ හැසිරෙන්නේ කොහොමද කියල ඉගෙන ගන්න පුළුවන් වුණා (බ)
ඔබට නිවන් සුව ගුරුතුමනි (ම)
මේ ලෝකේ හැමෝම අවසන් හයේ පහර ගහල නික්ම යනවා... ඔබට නිවන් සුව....(ම)
ඔබතුමාට නිවන් සුව ලැබේවා. අර්ජුන හරිම පින්වන්තයි. තම ගුරුතුමාට මියයන්න කලින් උපහාරයක් කළා. ඊට දායක වුණ හැමදෙනාටම එතුමාට කළගුණ සැලකුවට දැන් සතුටු ඇති (බ)
අයියෝ ,හොදවෙලාවට මැරෙන්න සති දෙක තුනකට කලින් හරි ලයනල් මහතා ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය අගයල උත්සවයක් තියල ලයනල් මහත්තයාගේ ගෝලයන් පිරිස ලයනල් මහතාට උපහාර උළෙලක් පැවැත්තුවේ....(බ)
ඔබට නිවන් සුව ගුරුතුමනි (බ)