දක්ෂ ක්‍රිකට් පුහුණුකරුවකු වූ ලයනල් මෙන්ඩිස් මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී බ්‍රහස්පතින්දා (8) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලෝක කුසලනය දිනා ගැනීමට නායකත්වය දුන් අර්ජුන රණතුංග ඇතුළු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් රැසකගේම පුහුණුකරුවා වූයේ ලයනල් මෙන්ඩිස් මහතාය.
මිය යන විට 80 වැනි වියේ පසුවූ ඒ මහතා කොළඹ ආනන්ද විදුහලේ ක්‍රිකට් පුහුණුකරු ලෙස වසර ගණනාවක් සේවය කළේය.
කොළඹ එන්.සී.සී ක්‍රිකට් ඇකඩමිය අරඹමින් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ ක්‍රීඩකයින් රැසක් බිහි කිරීමට පුරෝගාමී වූ ලයනල් මෙන්ඩිස් මහතාගෙන් ගුරු හරුකම් ලබාගත් ක්‍රිකට් ක්‍රීඩකයන් අතර මහේල ජයවර්ධන, රොෂාන් මහානාම, බන්දුල වර්ණපුර, සිදත් වෙත්තමුණි වැන්නන් වෙති.
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලයනල් මෙන්ඩිස් ජීවන ඉනිම නිම කරයි
දුමින්ද Friday, 09 October 2015 06:33 AM
ක්‍රීඩාවේ යුග පුරුෂයෙක්....(බ)
උදිත මදුමල් පෙරේරා Friday, 09 October 2015 06:47 AM
මටත් මෙතුමා උගන්නලා තියෙනවා. හැමෝටම සමලෙස පුහුණුව ලබාදුන් නිහතමානී මහත්මයෙක්. (ර)
උපුල් Friday, 09 October 2015 07:24 AM
මාගේ ආදරණිය ගුරු තුමෙකු වූ සර්ට නිවන් සුව පතමි.! (ර)
සංජීව Friday, 09 October 2015 07:45 AM
අනර්ග ඉනිමක අවසානය.. ඔබතුමාට නිවන් සුව පතමි (බ)
සංජීව Friday, 09 October 2015 07:48 AM
මෙතුමාගෙන් ක්‍රිකට් පමණක් නෙවෙයි මහත්මයෙක් විදිහට සමාජයේ හැසිරෙන්නේ කොහොමද කියල ඉගෙන ගන්න පුළුවන් වුණා (බ)
තුෂාන් Friday, 09 October 2015 08:04 AM
ඔබට නිවන් සුව ගුරුතුමනි (ම)
අබරන් Friday, 09 October 2015 08:53 AM
මේ ලෝකේ හැමෝම අවසන් හයේ පහර ගහල නික්ම යනවා... ඔබට නිවන් සුව....(ම)
අයි.කේ.එස් චන්ද්‍රසිරි Friday, 09 October 2015 04:56 AM
ඔබතුමාට නිවන් සුව ලැබේවා. අර්ජුන හරිම පින්වන්තයි. තම ගුරුතුමාට මියයන්න කලින් උපහාරයක් කළා. ඊට දායක වුණ හැමදෙනාටම එතුමාට කළගුණ සැලකුවට දැන් සතුටු ඇති (බ)
වරුණ Friday, 09 October 2015 05:06 AM
අයියෝ ,හොදවෙලාවට මැරෙන්න සති දෙක තුනකට කලින් හරි ලයනල් මහතා ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය අගයල උත්සවයක් තියල ලයනල් මහත්තයාගේ ගෝලයන් පිරිස ලයනල් මහතාට උපහාර උළෙලක් පැවැත්තුවේ....(බ)
ජීවන්ත චන්දිමාල් Friday, 09 October 2015 05:09 AM
ඔබට නිවන් සුව ගුරුතුමනි (බ)