(ගයාන් සූරියආරච්චි)
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් සිදුව ලියනගේ මුල්ල ප්‍රදේශයේදී මල ගෙදරකට සහභාගී වී සිටි පුද්ගලයෙකු අද (7) කපා කොටා ඝාතනය කර ඇතැයි සිදුව පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ ලියනගේ මුල්ල පදිංචි හතළිස් පස් හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.
ඝාතනයට ලක් වූ පුද්ගලයා ලියනගේ මුල්ල ප්‍රදේශයේ මළ ගෙදරට සහභාගි වී සිටින අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණි බව කියන පුද්ගලයන් දෙදෙනෙකු විසින් තියනු ආයුධ වලින් පහරදී එම පුද්ගලයා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.
මෙම ඝාතනය පෞද්ගලික ආරවුලක් මතු ඇතිවූ ඝාතනයක් බව පොලිසිය පවසයි.
ඝාතනයට සම්බන්ධ යැයි සැක කරන සැකකරුවන් හඳුනාගෙන ඇති අතර සීදුව පොලිසිය වැඩිදූර විමර්ශන සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියේ ආධිපත්‍ය පිරිහුණු රටවල මිනිස්සු නීතිය අතට අරන් මෙවැනි දේවල් සිදු කිරීම බහුලව අසන්න දකින්න ලැබෙනවා