කොළඹ ගාලු මුවරදොර වරාය නගරයේ ඉදි කිරීමට නියමිතව තිබූ ලැම්බෝගිනි ධාවන පථය ඉවත් කළ බවත්, ඉඩම සින්නක්කරව චීනයට ලබා දීමට මීට පෙර තීබූ තීරණය ඉවත් කර අනූනව අවුරුදු බදු ක්‍රමයට ලබා දීමට තීරණය වූ බවත් වැඩබලන මුදල් ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ අද පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසිනි.
වරාය නගරය නැවත ඇරඹන ලෙස අදාළ සමාගමට දැනුම් දුන් බවත්, වසරක් පමණ එය නවත්වා තැබීමෙන් වූ පාඩුව ඉල්ලා ඇති බවත්, ඒ ගැන අගමැතිවරයා සිය චීන සංචාරයේදී සාකච්ඡා කරන සහනයක් ගනු ඇති බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා කීවේය.
ප්‍රශ්නය - එජාපය බලයට එන්න පෙර ෆොර්ට්සිටියට චෝදනා කළා. දැන් එය යළි අරඹන්නේ කොහොමද?
පිළිතුර - මේ සම්බන්ධයෙන් පරිසරවේදින් ඇතුළු බොහෝ දෙනකුගේ විරෝධතාවක් තිබුණා. පරිසර බලපෑම් තක්සේරු වාර්තාව ලබා ගත් ආකාරය ගැන ගැටළු තිබුණා. අපි බලයට ඇවිත් තාවකාලිකව මෙය නැවැත්තුවා. එදා අපි ගත් තීරණය හරි. නැවතත් පරිසර බලපෑම් සම්බන්ධයෙන් පරීක්ෂා කර වාර්තා කැඳෙව්වා. ඒ අනුව දැන් යළි අරම්භ කරන්න තීරණය කර තිබේනවා. අද අපි ගත් තීරණයත් හරි. ‘‘ යි වික්‍රමරත්න මහතා කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
99 බද්ද යනු කොළේ වසා පැවරීමක්ද?(හේ)
වැඩේ සත්‍ය නම් ඉතාමත් හොඳ ක්‍රියාවක්.(හේ)
ප්‍රස්නයක් නැහැ අපිට තිරික්කල් රේස් තියන්න පුළුවන්.(හේ)
හරි, දැන් පරිසර බලපෑමක් වුණා නම් එ්වා නිවැරදි කළේ කොහොමද? මොනවද පරිසර බලපෑම් නිවැරදි කරන්න කළ දේවල්? අපි දන්නෙ නැහැනෙ එ්වා මෙච්චර කොළඹ ඉඳලත්. අනික මේක ලැම්බොගිනි ධාවන පථයක් කිවුවට මේක ෆෝමියුලා 1 ධාවන පථයක් නේද? ඕකෙ ලැම්බොගිනි වගේම ඕනෑ නම් පාපැදි වුණත් යන්න පුලුවන්නේ. විදේශිකයන්ට තරඟ වගේම සංචාරක කර්මාන්තයටත් මේ ධාවන පථය වැදගත් (නි)
ඒ වුනාට මෙයාල ඒ කාලේ පොළොවේ අඩි හප්පලා කිව්වේ පොර්ට් සිටිය කරන්නෙම නෑ කියලා.(හේ)
99 අවුරුදු බද්දට දුන්න කියන්නේ සින්නක්කර දුන්නා වගේ තමා!!(හේ)
අනූනව අවුරුදු බද්ද කියන්නේ මොකක්ද, සින්නක්කර කියන්නේ මොකක්ද කියලා වෙනසවත් හරිහැටි දන්නේ නැති අය අදහස් පළකිරීම ගැන කණගාටු වෙනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? (නි)
ඒ කාලේ කරද්දි වැරැදි දැන් කරද්දි හරි.(හේ)
අනේ අපරාදෙනේ! ඇයි සින්නක්කරයටම ඉඩම් දුන්නේ නැත්තේ? (නි)
දැන් ඕක නතර කරලා තිබුන කාලේ වුණ පාඩුව ගෙවන්නේ ඔය යහපාලනයේ ඉන්න ඇමතිවරුන්ගේ සාක්කුවෙන්ද? අපේ මහජන මුදලින්ද? (නි)
දළදා සමිඳුන් වැඩසිටින මාළිඟාව අවට තිබෙන ලැම්බෝගිනි පථයට මොකද වෙන්නේ? (නි)
99 අවුරුදු බද්ද කියන්නේ කොලේ වසා සින්නකර දීමක් නොවෙයි. අවුරුදු 100 කට බ්‍රිතාන්‍යට චීනය දීපු හොංකොං දේශය ආපහු චීනයට අයිති වුණෙත් ඒ ගිවිසුම් අවසන්වීම නිසා. (නි)
බලන්න අනිත් රටවල්. චීනයේ ඕනෑ කෙනෙකුට ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ ඉඩම් ගන්න පුළුවන්. ලංකාවේ තමා ගන්න බැරි (නි)
මෙයාගේ පණ්ඩිත කතා අපට. අර ඉල්ලන වන්දි මුදලට මොකද කියන්නේ? (ස)
හොංකොං නගරයත් සුද්දන්ට අනුනව අවුරුදු බදු දීලා තිබිලා පහුගිය 1999 වසරේ චීනයට ආපසු බාරදුන්නා. දැන් හොංකොං කියන්නේ ලෝකයේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක්. (නි)
ඉදිකිරීමට නියමිතව තිබු සම්පුර්ණ ව්‍යාපෘතිය ඉදිකරනවා නම් තමයි අපි කැමති. ෆොමිලා වන් ධාවන පථයක් ඉදිකිරිම තුලින් රටට විශාල සංචාරකයන් පිරිසක් ගෙන්නගන්න පුළුවන්. (බ)
එංගලන්තය හොංකොං ගත්තෙත් ඔයවගේ දීර්ඝකාලින බද්දකට. කාලය ආවහම එංගලන්තය චීනයට හොංකොං ආපසු දුන්නා. ලංකාවේ මේ අද වෙන්නේ අහසට පොළොව වගේ වෙනසක්, පසුගිය ආණ්ඩුව කරපු වැඩ දිහා බැලුවහම... (නි)
අර ලක්ෂ 62ට දැන්වත් වැටහෙයිද මන්දා. පිරිසකට කළ රස්සා නැතිවුණා. වන්දියත් ගෙවන්න වුණා. වියදමත් වැඩිවුණා. අපූරු අාර්ථික වර්ධනය. (නි)
මෙය නතර කරන්න ඕනෑ දෙයක්. නමුත් ගිවිසුමක් අත්සන් කළාට පසුව එය එක් පාර්ශවයකට අවලංගු කරන්න බැහැ. අපි නියම සත්‍ය දන්නේ නැහැනේ. නමුත් මේ කියන දේවල් ඇත්ත නම් එය රටට යහපතක්. (නි)
ධාවන පථයක් ඉදිකළ පමණින් තරඟ ලංකාවට ලබාගැනීමට නොහැකියි. ඉන්දියාවටත් ලැබෙන්නේ වසර දෙකකට වරක්. පෝර්ට් සිටිය ලංකාවට අත්‍යවශ්‍ය දෙයක් නොවෙයි. නමුත් එය ඉදිකරනවා නම් මහා පරිමාණ ආයෝජකයන් ගෙන්වාගැනීම අරමුණු කරගෙන කළයුතුයි. (නි)
ඉතාම හොඳ වැඩක්. සින්නක්කර දුන්නොත් අයිතිය ලැබුම්කරුටයි. රජයට හිමිකමක් ඉතිරි වන්නේ නැහැ. 99 අවුරුද්දට රටේ පුරවැසියන්ට ඉඩම් පවරා දෙන්නේ නම් ආපහු ගන්න බලාගෙන නෙමෙයිනේ. ඒ හින්ද එතන ගැටළුවක් නැහැ. මේක අපට හිමිකම තියාගන දෙන එකක්. (බ)
රනිල්ම ටී වී සාකච්ඡාවකදී සහතික වුනේ පොර්ට් සිටි එක නතර කරනවා කියල. බලය ගන්න බොරු කප්පරක් කියනවා කියන්නේ ඕක තමා. මිනිස්සු රැවටුණු බව දැන් නම් තේරිලා. පළාත් ඡන්ද තියන්න බය ඒකයි (බ)
අනූනම අවුරුදු කියන්නෙ සින්නකර වගේම තමයි. කෑගහපු නිසා මොනවාහරි කරන්න එපැයි. (නි)
දැන් පෝර්ට්සිටි තමයි අළුත්ම මාතෘකාව (නි)
සමහරු නම් වෙනස්වෙලා. ඒත් තාමත් කඩේ යන අය ඉන්නවා (නි)
නිල්මිණි, දුමින්ද, නිමල් වගේ ගොඩක් අය නීතිය ගැන මෙලෝහසරක් දන්නේ නැහැ. 99 අවුරුදු බද්දයි හොංකොං බද්දයි (100 කට දුන්නම) දෙකක්. නීතිය ඉගෙනගන්න. නිකම් මෝඩ කතා නොකියා. (නි)