" ජනාධිපතිවරයා ජනතාවට හොද තීන්දු තීරණ රැසක් ලබන සතියේ ප්‍රකාශ කිරීමට නියමිතව තිබෙනවා එම නිසා දේශපාලන ක්ෂේත්රයේ ලබන සතිය තීරණාත්මකවේවි යැයි සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවැසීය.
" ජනවාරි 01 සිට රුධිර පරීක්ෂණ සහ අනෙකුත් පරීක්ෂණ පෞද්ගලික අංශය මගින් සිදු කිරීම මම තහනම් කළා. එය කොළඹ ජාතික රෝහලට පමණක් නොවෙයි අනෙකුත් සියළුම රෝහල්වලටත් එය වලංගුයි. කොළඹ ජාතික රෝහලේ පමණක් ගත වූ දින කිහිපය තුළ රුධිර පරීක්ෂණ සිදු කිරීම සියයට 50 කින් වැඩිවී තිඛෙනවා. මෙම තීරණයත් කඩාකප්පල් කිරීමට ඇතැමුන් උත්සාහ කළා. ඒ මොකද ව්‍යාපාරික මාෆියාව නිසා. එම ව්‍යාපාරික මාෆියාවට මම යටත් වෙන්නේ නැහැ.” කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැතිතුමාගේ සංකල්පය අනුව නම් රජයේ සියලුම ආයතන පුද්ගලිකරණය කළයුතුයිනේ. එතකොටලුනේ ජනතාවට සහ රටට සේවයක් වෙන්නේ.දැන් ඔබතුමා වෙන කතාවක් කියනවා. (නි)
දැඩි තීරණයක් තීරණයක් කියන්නේ එ්කාබද්දේ පක්ෂයෙන් පන්නනවද? (නි)
හාට්ඇටෑක් එකක් හැදුනම පැය 6ක් ඇතුළත ලේ කැටි දියකරන බේත් දෙන්න ඕනෑ. ඒ ටෙස්ට් එකට ප්‍රයිවට් යන්නේ විනාඩි 30. වෙන රෝහලකට යවලා කළොත් දවසකට වැඩිය යනවා (බ)
රුධිර පරීක්ෂණ සහ අනෙකුත් පරීක්ෂණ පෞද්ගලික අංශය මඟින් සිදුකිරීම තහනම් කළ එක බොහොම හොඳ වැඩක්. පෞද්ගලික අංශය මේ වැඩේ ලොකු බිස්නස් එකක් කරගෙන ජනතාවගේ මුදල් සූරාකනවා. ඔබතුමා ගත් මේ තීරණය අගය කරනවා. (නි)
ඇමතිතුමනි, රැකියා සඳහා විදෙස්ගතවන පුද්ගලයන් වෙනුවෙන් ඔවුන්ගේ වෛද්‍ය වාර්තාව ගැනීමට රජයේ වැඩපිළිවෙලක් යොදන්න. මොකද පෞද්ගලික අංශය මේ වැඩෙන් අහිංසක මිනිසුන්ගේ මුදල් සූරාකනවා. (නි)
ජනාධිපති තුමා හොද තීරණ කීපයක් ගන්නවා කියන්නේ පාර්ලිමේන්තුව විසුරුවලා එයත් ඉල්ලා අස්වෙනවද දන්නෙ නෑ. එක තමයි අපිටනම් තියන හොදම තීරණය. (බ)
ව්‍යාපාරික මාෆියාවට මෙතුමා යටත් වෙනවාද නැද්ද යන්න අනාගතයේ අපි බලා සිටින්නෙමු. අපිට නම් එය විශ්වාස නැත. (නි)
අනේ ඔව් ඉතින්. 2015 ජනවාරි 08 වෙනිදා ඉඳලාම හොද තීන්දු තීරණ ප්‍රකාශයට පත්කළානේ. ඇමතිවරුන්ට වාහන වලට කෝටි ගණන් වෙන්කළා. හාල් කිලෝවක් රු 95 ට 98 ට ගියා. තව ඉතින් කොච්චර නම් දේවල් වුණාද? (නි)
අන්තිමට නටපු නැටුමකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ (නි)
ඔය මොනවා කෙරුවත් ජනතාව දන්නවා ඇත්ත (නි)
මම හිතන්නේ වැට් එක අඩුකරයි (නි)
අවුරුදු දෙකක් තිස්සේ අනාගෙන ඉඳලා ඊළඟ සති දෙකේදී ඔක්කොම කරයි. කොහොමත් දේශපාලකයෝ දන්නවා තමුන්ට ඡන්දෙ දුන්නේ බත් කන හරක් කියලා, එ්කනේ ක්‍රෝටන්, කොස් කොළ කවන්න හදන්නේ! (නි)
එහෙනම් ඒ තීරණ ටිකත් බලලාම අදහසක් දානවා (නි)
දක්ෂික, බයවෙන හීනයක් දැක්කද? මෙතන කතා කරන්නේ රුධිර පරීක්ෂණ සහ අනෙකුත් පරීක්ෂණ ගැන මිසක් පන්සල් කැඩිල්ලක් ගැන නොවෙයි. අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
ගරු රාජිත ඇමතිතුමා, රුධිර පමණක් නොව අනෙකුත් පරීක්ෂණත් වහාම නතරකරන්න. තවද අපේ තිබෙන මහරෝහල් ගැන නම් කියන්න බොහෝ දේ ඇත. පිරිසිදුකම අතින් නම් අන්තිමයි. වාට්ටුවල ඇති වැසිකිළි අපායවල් වගේ. අපි ජාතික ප්‍රතිපත්ති ගැන කතාකරනවා. නමුත් රෝහලෙන් දෙන බෙහෙත් පෙත්තේ පවා මොකක්ද තිබෙන ආරක්ෂාව? හරියට සීනි කිරනවා වගේ පත්තර කෑල්ලක ඔතලා දෙන්නේ. (නි)
රුධිර පරීක්ෂණ සහ අනෙකුත් පරීක්ෂණ පෞද්ගලික අංශය මඟින් කැමති කෙනෙක් කරගත්තදෙන්. තමන්ගේ වැඩය ඉක්මනට කරගන්න කැමති, රජයේ සේවකයන්ගේ රැවුම් ගෙරවුම් බලන්න අකමැති මිනිස්සු පෞද්ගලික තැන්වලින් කරගත්තාවේ. එ් තැන් වලත් රැකියා කරලා ජීවත්වෙන්නේ මේ රටේ මිනිස්සු. රජයේ වෛද්‍යවරුන් බලෙන් පෞද්ගලික අංශයට යවන එක නවත්වන්න. (නි)
ඇමතිතුමා යහපත් දෙයක් ජනතාවට කරන්නේ. එ්ත් දොස්තරලත් ජනතාව සූරාකන්නමයි බලන්නේ. නිදහස් සෞඛ්‍ය කියලා මුදල් වෙන් කරගන්නවා. එයාලා වැටුප් සහ අනෙක් දීමන ඔක්කොම ගන්නවා. ඒ වුණාට වැඩිහරියක් ප්‍රයිවට් කරන්නේ. මීට වැඩිය හොඳයි මිනිසුන්ට අවශ්‍ය ප්‍රතිකාර ටික පුද්ගලික අංශයෙන් ගන්න මුදල් දෙන එක (නි)
ඇමතිතුමනි, හරි දෙයට හරි කීම මගේ මතයයි. ඉතාමත් අගනා සේවයක්. ඔබට ඒ ගෞරවය හිමිවේවා! (නි)
ඒ කියන්නෙ කවුරුහරිි ඉල්ලා අස්වෙනවා වගේ යෝජනාවක්ද? (නි)
මම මේ ඇත්ත කතාවක් කියන්නේ. මගේ ලෙඩෙක් රජයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ හිටියා ගිය සුමානේ. රෝහලෙන් කරපු ලේ රිපෝට් එකක පොටෑසියම් 2 කියලා ආවා. ඩොක්ටර් කිව්වා මේක වෙන්න බැහැ අපි අායෙමත් කරමු කියලා තව ලේ සාම්පලයක් යැව්වා. මම මගේ කැමැත්තෙන් සාම්පලයක් ප්‍රයිවට් අරන් ගියා. ඒ රිපෝට් දෙකම නෝමල්. කලින් රිපෝට් එක විදියට ප්‍රතිකාර කළා නම් ලෙඩා මැරෙන්න තිබුනා කියලා ඩොක්ටර් කිව්වා. පස්සේ බලාගෙන ගියාම ඒ රෝහලේ ලැබ් එකෙන් ගොඩක් ලෙඩුන්ට ඔය වැඩේ වෙලා තිබුනා. (නි)
ලක්විදු, බොරු කියන්න එපා. ඔය ට්‍රොපොනින් පරීක්ෂණය හුඟක් රජයේ තැන් වල ඉක්මනට කරනවා. නමුත් මේක පුළුවන්තරම් ඉක්මනටම වෙන්න ඕනෑ හින්ද කව්රුත් වගේ පුද්ගලික තැන් වලට යනවා. (නි)
ලංකාවේ බත් කන හරක් ඉන්නකන් ඔය බුරු කතා හොඳයි ඉතින් (බ)
ගරු ඇමැතිතුමනි ඔබේ අදහස ඉතාමත් උචිතයි. අහිංසක මිනිසුන්ට ලොකු උපකාරයක්. නමුත් රජයේ රෝහල්වලට ලැබෙන වැඩ ප්‍රමාණය වැඩිවෙත්ම මෙම පරීක්ෂණ වාර්තා ලබාදීම ප්‍රමාදවීම වළක්වන්න (බ)
දත් දොස්තර මහත්තයෝ දත් ගැලවෙයි කියල බයයි නේද , එ්කයි මේ එක එක සුරංගනා කතා කියල මිනිස්සු රවට්ටන්නේ ,කේවට්ට උපයවල් සහ ආප්ප න්‍යාය දැන් ඉවරයි මහත්තයෝ,දැන් මේ ජන ගග ගලන්නේ ඊනියා යහපාලනය එරෙහිවයි .(බ)
අපේ රටේ හිටපු ඇමතිවරුන් එක්ක සසඳද්දී, ඔබතුමා ගැන අපිට පැහැදීමක් තියෙන්නේ. අපිට දේශපාලන කුහකකමක් නැහැ. ඒ නිසා මේ ගමන්ම අපේ රටේ වෛද්‍ය සේවය, පෞද්ගලික රෝහල්වල සේවයට සාපේක්ෂව දියුණු කරන වැඩ පිළිවෙලක් අත්‍යාවශ්‍යයි. ඔය රුධිර පරීක්ෂණ වගේ දේවල්වලට වැට බැන්ද වගේම, වෛද්‍යවරුන් චැනලින් සෙන්ටර්වලට (මුදල්වලට ) තියෙන කෑදරකම අඩු කරන්නත් වැඩ පිළිවෙළක් යෙදීමට හැකිවේවායි ඉතසිතින් පතමි. (බ)
ලක්විදු. මට ඔය දේම වුණා. පෞද්ගලික රෝහලකින් ගත්ත හාට් පේෂන්ට් කෙනෙක් වුන මගේ තාත්තගෙ රිපෝට් එකකට. ඩොක්ටර් කිව්වා මේක වෙන්න බැහැ අපි අායෙමත් කරමු කියලා තව ලේ සාම්පලයක් අරන් වෙන පෞද්ගලික රෝහලකින් රිපෝට් ගත්තා. ඒක නෝමල්. ඒක නිසා ඔය දේවල් වෙන්නෙ රජයේ රෝහල් වලින් විතරයි කියල හිතන්න එපා (බ)
රාජිත ඇමතිතුමා කියන දේවල් වීශ්වාස කරන්නේ කොහොමද ? (බ)
පක්ෂ පාට වැඩක් නෑ, ජනතාවට මේ වගේ සෙත් කරනවානං යකෙක් වුනත් කමක් නැ. සල්ලි තියෙන එකා ගැන නොබැලුවට කමක් නැ. පොඩි මිනිහ ගැන නිතරම බලන්න. ඒක මෙලොවට වගේම එලොවටත් පලදෙන කර්මයක්. (බ)
කැප්පෙටිපොලලා ජාතික වීර ලැයිස්තුවට ඇතුළත් කිරීම, රාජ්‍ය නිලධාරීන්ගේ ටයිපටිය බුරුල් කිරීම වැනි තවත් දැවෙන ප්‍රශ්නවලට විසඳුම් බලාපොරොත්තුවන්න. (බ)
පෞද්ගලික අංශයේ සේවකයන් පාරිභෝගිකයන්ට සලකන්නේ මහත්වරුන්ට විදියට කතාකරන්නේ සර් නැත්තම් මැඩම් කියල රජයේ අයගේ ගෙරවිලි ආමන්ත්‍රණය කරන්නේ ඔහේ අරය මෙයා කියල විශේෂයෙන්ම රෝහල්වල. රෝහලේ කම්කරුවටත් සර් කියවාගන්න තමයි බලාපොරොත්තුව. ගරු මැති තුමනි රෝහල් කාර්ය මණ්ඩලේ සිටින ලොකු කාටත් මිනිස්සුන්ට අමතන හැටි කියාදෙන්න. (බ)
ඔය කියන්නේ කුමක් ගැනද? කාලගුණයද. ජෝතිශ්යද?එහෙම නැත්නම් පවතින දේශපාලනය හෝ ග්‍රහ මාරුවක්වත් තියනවද? (බ)
ලබන සතියේ වැදගත් තීන්දු රැසක් ගන්න වෙලා ඇති තමය්. මොකද ජනවාරි 27 පොදු විපක්ෂේ රැලිය ගැන බයවෙලා වගේ. (බ)
හොඳ තීරණයක් ඔබ තුමා අරන් තියෙන්නේ . අපි ගරු කරනවා ඒකට (බ)
ඒ කියන්නේ මේ සේවය නොමිලේ නේද? නමුත් තදබදය වළක්වා ගන්ට තවත් පර්යේෂණ නිලධාරීන් අවශ්‍යයි. පුද්ගලික අංශයේ දැනට සේවය කරන අය රජයට බදවා ගන්නවද? ගැටළුවක් (බ)
ලබන සතියේ අපට තිබුන අට අනූවක් රෝග, නව අනූවක් ව්‍යාධි, දෙසිය තුනක් අතුරු ආන්තරාවල් ඔක්කොම දූරින්භූතයි, තීන්දුයි, එහෙනම් (නි)
රජයෙන් කරනවානම් විදිමත් වැඩපිළිවෙළක් තියෙන්න ඕනි එහෙම නැතිව නමට කරලා වැඩක් නැහැ. විදේශ ගත වන පුද්ගලයන්ගේ වෛද්‍ය වාර්තාව රජයෙන් කරනවනම් ගොඩක් හොදයි. (බ)
දැන් ලේ පරික්ෂා කරන්නත් ලිස්ට් එකේ ඉන්න වෙයිද දන්නේ නෑ (බ)
ඔය කියන ලබන සතිය කොයිකාලේ විතර ඒවිද ඇමතිතුමෝ. දැන් අපි අවරුදු දෙකක් තිස්සෙම බලාන හිටිය.(බ)
කල්පට කාලාන්තරයක් බලන් ඉන්න වෙයි ඉතින් පොදු හොරු ටික එනකන්. මොකද පහු ගිය කාලේ කළේ ජාති මාමක වෙස් අරගෙන බුදු දහම ලෝකය ඉදිරියේ හෑල්ලු කරන්න හැදුව සුළු ජාතින් එක්ක ජාතිවාදී ප්‍රශ්න ඇති කරගෙන. පොදු හොරු ටික පන්සල් කීයක් කැඩුවද නිදන් හාරන්න. (බ)
ඕකට පිස්සු (බ)
දේශපාලනය කියන අසුචි වළේ ගිලී ඒ අසුචිම බුදිමින් සිටින කෙනෙක් තමා ඔය කතා කරන්නේ. (බ)
දක්ෂික, ඔයා ඉන්නේ යහපාලන සංහිඳියා වෙස් අරගෙන වගේ. උතුරු නැගෙනහිර පන්සල් ඉවත් කරන්න හදනවා. ළඟදිත් ත්‍රිකුණාමලේ බුදුපිළිමයක් කැඩුවා. නිදන් හෑරුවේ කව්ද කියල අර උස් මිටිකම් බලල ජොබ් දෙන මහත්තයගෙන් අහගන්න. මේ කම්බා හොරුන්ට වඩා පොදු හොරු හොඳයි වගේ පෙනෙන්නේ. බැඳුම්කර වංචාවෙන් රටට අහිමි වුනු මුදල ගැන බලන්න. (බ)
තවත් පට්ට පල් කෙප්පයක්. (බ)
ඇමතිතුමා අපිටත් ලොකු ලෙඩක් හැදුනම සිංගප්පුරු ගෙනියන වැඩක්ද (බ)
මානෙල් කියන්නේ ළිං ගෙම්බියක් වගෙයි. ළඟදී වගේම කාලයක් තිස්සෙම බුදු පිළිම කැඩුවෙත් ජාතිවාදී වදන් ලිව්වෙත්, ජාතිවාදය අවුස්සා බඩගෝස්තරය හොයාගන්නා කාඩ්බෝඩ් ෆේස්බුක් වීරයෝ දෙන්නයි. දෙන්නම අතේ කෝට් වෙලයි ඉන්නේ. ඒ වුනාට යහපාලන ආණ්ඩුවේ දළ ඇතෙක්, ඔවුන්ව නීතියෙන් ආරක්ෂා කරනවා. ඒ නැතත් දවස ගානේ ඒ ඩබල වපුරන ජාතිවාදී විෂ, වැඩිත් එක්ක පොලිසිය නීතිය හරියට ක්‍රියාත්මක කරවනම්. (බ)
ජයත් මහත්තයෝ, ඔබට බොහොම ස්තුතියි, කරුණාකර ලංකාවේ දිස්ත්‍රික් රෝහල් සහ මුලික රෝහල් කියක් තිබේද, ඉන් කියක මෙම පරීක්ෂණය කරනවාදැයි මට කියනවද. (බ)
සල්ලි දෙනවා නම් ඕනෑම කඩාකප්පල් වැඩක් කරන්න සුදානම් සේවකයෝ පිරිසක් ඉන්න බව අපි හොඳින් සිතේ තබාගත යුතුයි. එවැනි පරික්ෂණාගාර වල භාවිතා කරන ඉලෙක්ට්‍රොනික් සහ අනෙකුත් උපකරණ වල ආරක්ෂාව සහ කල්පැවැත්ම ගැන වගකියන්න හොඳ නිලධාරියෙකු පත්කළ යුතුයි. (නි)
හම්බන්තොටදී දාපු සද්දේ වහගන්න කියපු කතාවක්වද්ද? (නි)
බොහොම හොඳ දෙයක් (නි)
රට වෙනුවෙන් දැනෙන යමක් කරන්න උත්සාහ කරන ඇමතිවරයෙක්. (නි)
රජිතනේ කියන්නෙ. මෙතුමලා කාලෙන් කාලෙට කීදෙනෙකුට කඩේ ගියාද. එයා හොඳයි කියනකොට අපිටත් හොඳයි නරකයි කියනකොට අපිටත් නරකයි කියන්නද කියන්නෙ. ආදරණීය රාජිත, අපි ඔබලාගේ වහසි බස් දෙඩවීම දෙස දෑවුරුද්දක් බලා සිටියෙමු. රටට, ජාතියට සහ ආගමට ආපසු හැරවිය නොහැකි හානි සිදුවූවා මිස වෙන කිසිම දෙයක් සිදු නොවිය. ජනතාව රෑ වැටුණු වළේ මහා දවල් නොවැටෙන බව නොවැටහීම පුදුමයකි. (නි)
අනිවාර්යෙන්ම ලබන සතිය රටට ජාතියට තීරණාත්මකයි. රටේ මර්මස්ථාන වන ත්‍රිකුණාමලය වරාය, කොළඹ වරාය, හම්බන්තොට වරාය සහ ඉඩම්, ශ්‍රී ලංකන් ගුවන්සේවය අප රට ගිලගන්නට පොරකන අයට විකුණා මේ රට නැවත අන්සතු කිරීම සිදුවන්නට බැරි නැහැ (නි)