(අංජුල මහික වීරරත්න)
ලබන වසරේ සිට ජනතාවට සහන ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
උද්ධමනය වැඩිවීමත් සමඟ සිදු වූ භාණ්ඩ මිල ඉහළ යාම නිසා ජනතාව පත්ව සිටින අසීරුතාව තමා අමතක කර නොමැති අතර, පියවරින් පියවර රටේ ආර්ථික ගැටලු විසඳා ගනිමින් සිටින බවද ජනාධිපතිවරයා කීය.
තමා ජනාධිපති ධූරයට පත්වූ දා සිට දේශපාලනයේ නිරත නොවූ බව සඳහන් කළ ජනාධිපතිවරයා තමා කැප වුයේ ජීවන බරින් පීඩා විඳින ජනතාවට සහනයක් ලබාදෙමින් රටේ වැටුණ ආර්ථිකය යළි නඟා සිටුවීමට බව ද සඳහන් කළේය.
ආර්ථිකය යළි ගොඩනැංවීමට මෙන්ම ආහාර සුරක්ෂිතතා වැඩසටහන සාර්ථක කර ගැනීමට දේශපාලනයෙන් තොරව එක්වන ලෙස ජනාධිපතිවරයා මෙහිදී සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (22) පෙරවරුවේ නුවරඑළිය නගර ශාලාවේ පැවති ආහාර සුරක්ෂිතතා දිස්ත්‍රික් වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මපා කොච්චර හොඳයිද? දැනටත් මේ දීලා තියෙන සහන ටික හොඳටම ඇති. ඒවා දරාගන්නත් බැරි තරම්... ඒ වෙනුවෙන් කළගුණ සලකන්න ලංකාවේ ඇති බහුතර ජනතාව නොඉවසිල්ලෙන් බලා ඉන්නේ ඡන්දය එනකන්...
පෞද්ගලික අංශයේ රැකියාකරන අපිට බදු ගහලා, පින්බත් ගිලින කාලකන්නින්ට සහන දීපල්ලා... එතකොට රට දියුණුවෙයි..
උඹ මහලොකු වැඩ්ඩෙක් නම් ලෝකෙට තියන ණය ටික බේරපන්
සහන එපා. රට ගොඩනගන්න. මිනිස්සු අල්පේච්ඡ ජීවිතයකට හුරු විය යුතුයි
ඒකද විදුලිය ඇමති දැන්මම 70% කින් විදුලි බිල වැඩි කරනවා කියලා කියන්නේ ?තමුන්ලා රට හරියට පාලනය කළා නම් රටට මෙහෙම වෙන්නේ නැහැ .2015 සිට 2019 වෙනකම් ඩොලර් බිලියන 12 ක ණය අරගෙන .වරාය විකුණලා .තව බිලියනයක් අරගෙනත් එක විදුලි බලාගාරයක් හැදුවද ?ඒ මදිවට කොන්ත්‍රාත් කරුවන්ට තව ඩොලර් බිලියනයකට වැඩි මුදලක් නොගෙවා හිටියා .රජයේ සේවකයාට රුපියල් 10,000 ක පඩි වැඩිවීමත් රටට මේ දේ වෙන්න ලොකු හේතුවක් .රජයට මාසිකව රුපියල් බිලියන 14 ක් ඒ වෙනුවෙන් අවශ්‍ය උනා .බලයට එන්න දීපු මෝඩ පොරොන්දු
පෙරහැර එන්න ඉස්සෙල්ලා කස කාරයෝ එනවා ඉතින් 2024 එන පරහැරේ කස කාරයෝ පෙරහුරුව සදහා වත් එන්න ඕන තමයි නැත්නම් ඉතින් පෙරහැරේ ලස්සන නැතුව යයිනේ
ලබන වසරේ සහන දෙන්නේ අපෙන්ම බදුගහලනේ... අනේ යන්න.. හොර පාරෙන් රජවෙලා දැන් මිනිස්සුන්ට කොකා පෙන්නන්න හදනවා. මිනිස්සුන්ට සහනාධාර ඕනෑ නෑ... ආර්ථ්කය හරියට පවත්වාගෙන ආවා නම්... අවුරුදු 45ක් තිස්සේම කළේ රට කන හැටි ඉගෙන ගන්න එකනේ. ඉතින් දන්න දෙයක් තියෙනවද? මෙලෝ රටක කරන්න බැරි දාර්ශනික කතා කියන්න විතරයි දන්නේ. ජීවිතේ ප්‍රායෝගික කමක් ඇත්තේම නෑ.