(යොහාන් භාසුර)
ආණ්ඩුව පවසන ආකාරයට ජනතා අවශ්‍යතා සපුරාලීමට නම් ජනතා පරමාධිපත්‍යය කැප කළ යුතු බවත් ලබන වසරේ ඔක්තෝම්බර් මාසයේ ජනාධිපතිවරණය නොවන්නේ නම් ඉන්පසුව සිටින ජනාධිපතිවරයා නීති විරෝධී ජනාධිපතිවරයෙක් වන බවත් නිදහස් ජනතා සභාවේ විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (18) පැවසීය.
මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා නාවල පිහිටි නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ලබන වසරේ පැවැත්වීමට නියමිතව තිබෙන ජනාධිපතිවරණය කල්දැමීමට යෝග්‍ය යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසූ බවත් එසේ සිදුවුවහොත් එමගින් ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සිදුවන බවත් පීරිස් මහතා කීය.
ලබන වසරේ ඔක්තෝම්බර් මාසයෙන් පසු නව ජනාධිපතිවරයෙක් තෝරාපත් නොගත්තොත් ජනාධිපතිවරයා සතු කාර්ය භාර සියල්ලම අහෝසි වන බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ජනාධිපතිවරණ නියමිත කාලයට නොපැවැත්වුවහොත් දේශීය මෙන්ම විදේශීය වශයෙන් ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවන බව ද සඳහන් කළේය.
ජනාධිපති ධූර කාලය අවසන් වූ පසු මහජන මතය උරගා බැලිය යුතු බවට ප්‍රථම විධායක ජනාධිපතිවරයෙක් වූ ජේ.ආර්. ජයවර්ධන මහතා ද ප්‍රකාශ කළ ඇති බව කී මහාචාර්යවරයා සඳහන් කළේ බලයේ කේන්ද්‍රස්ථානය වන්නේ මහජන කැමැත්ත වීම නිසා පළාත් පාලන, පළාත් සභා මැතිවරණ කල්දැමුවා සේ ජනාධිපතිවරණය කල් දැමීමට නොහැකි බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කියන කෙනා ඒ කියන අයගේ ගුරුවරයා. අම්මෝ මෙහෙමත් කුහක ගුරුවරු. එහෙම ඉන්න බැරිනම් ඔය කියන මහල්ලාට බැරියැ ඡන්දයකින් ඇවිත් කරන්න. බණ නොකියා... කඩාකප්පල් හැත්ත...
ඡන්ද කල් දාන සෙල්ලම් අපේ නායක සහෝදර අනුර දිසානායක සමග රනිල්ට කරන්නට බැරිය. ගෝටා මහතා ජනාධිපති ධුරය දරන සන්ධියේ තරම් මේ දවස්වල අපේ නායක සහෝදරතුමා ආණ්ඩු විරෝධී වීම නොකළත්, අකුදී සහෝදරයාගේ සටන්කාමී පන්නරය බිඳකුදු අඩු වී නොමැත. රාජපක්ෂවරුන්ට දාන තරම් සත්තම් රනිල් මහතාට නොදානා බවට අපේ විරුද්ධවාදීන් ප්‍රචාරය කළත්, නායක සහෝදරයා ඉතා ප්‍රබලලෙස රනිල් විරෝධීය. ප්‍රාදේශීය සභා කල්දාපු වෙලේ අප විසින් ජනතාවට කියූතරම් විරෝධයක් ඇත්ත වශයෙන්ම නොකළේ එම සටන් පන්නරය ජනාධිපතිවරණ කල් දැම්මොත් ඊට එරෙහි වීම සඳහා තබා ගැනීමටයි.
මොකේ හිටියත්, නොහිටියත් අපිට සෙතක් නැහැනේ ඕයි...!
එහෙනම් ගෙදර තියාගන්න...
රනිල් ජනාධිපතිතුමා ඔබතුමාගේ පරණ ගෝලයෙක් වෙන්න පුළුවන්. ඒ වුණාට දැන් රටේ ජනාධිපති, ගුරු ගෝලකම් තිබුණේ ඉස්සර. හරි 2024 ඔක්තෝබර් වලින් පස්සෙත් එතුමා පුටුවෙන් නැගිට්ටේ නෑ කියමුකෝ...! තමුන් මොනවා කරන්නද? මොකෝ අරගල කරන්නද? ඒක තීරණය කරන්නේ එතුමාට ඉහළින් ඉන්න උදවිය මිසක් පහළින් ඉන්න ඔබතුමාවත් අපිවත් නොවෙයි. එතුමා පුටුවේ වාඩිකළේත් ඒ අය මිසක හිතාගෙන ඉන්න විදියට දියවන්නාවේ ගොන් රැළ නෙවෙයි.
මට ගුත්තිල හා මූසිල මතක් වුණා... ඇත්තටම එතැනදී ගුත්තිල දිනුවේ අහවලා කාමරේ ඉඳගෙන විභාගයට ලිව්වා වගේම තමයි එහෙම නොවුණා නම් මූසිල තමයි ජයග්‍රහණය කරන්නේ.. අනේ වත්මන් ගුත්තිල ඇදුරුතුමා දැන්වත් ගෝලයා අගය කරන්න... හොඳේ. අපි නම් ගුරුවරු හැටියට අපේ ශිෂ්‍යයෝ අපිට ඉහළින් ඉන්නවා දකින්න හරි කැමැතියි. ඉස්සර කියමනක් තිබුණා.. ඊර්ෂ්‍යාව සුවකරන්න බැරි රෝගයක් කියලා. ඒක ඔය ගුරුතුමා අහලා නැතෙයි..!
චින්තකයෝ ලපයා ඇතුළු කාලකන්නි හාල්පාරුවෝ ටික මෙලොවින් තුරන් උන දවසට තමයි ලංකාවට සෙත සැලසෙන්නේ ,එලොවටත් නැති මෙලොවටත් නැති අපතයෝ
ඔව්.පුටුවේ වාඩිවෙන එකක් නැහැ .කුෂන් එකක වාඩි වෙයි