දුම්රිය වෘත්තීය සමිති සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ලබන බදාදා (29) වැනිදා සිට අඛණ්ඩ දුම්රිය වැඩ වර්ජනයක් ඇරැඹිමට තීරණය කළ බව දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති කමිටුව සඳහන් කරයි.
අද (23) රාත්‍රියේ සිට දුම්රිය වර්ජනය දියත් කිරීමට සූදානම් වුවත් දුම්රිය මගීන් ‘ඇසළ පෙරහර’ නැරඹීමට ගමන් කිරීමට නියමිත බැවින් සහ උසස් පෙළ සිසුන්ගේ පහසුව සලකා බලමින් වර්ජනය ලබන බදාදා (29) වැනිදා දක්වා කල් දැමූ බව එම වෘත්තීයේ සමිතියේ ලේකම් කමල් පීරිස් මහතා පැවැසීය.
“දළදා පෙරහර පැවැත්වෙනවා. උසස් පෙළ විභාගය අවසන් නැහැ. ඒ නිසා අපට කිසිවකුත් ප්‍රාණ ඇපයට ගන්න හෝ කප්පක් ගන්න හෝ යොදාගන්න බැහැ. ඒ නිසා වෘත්තීය සමිතිය ලබන බදාදා (29) මධ්‍යම රාත්‍රියේ දී දියත් කරන්න තීරණය කළා” යැයි හෙතෙම කීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ අද (23) සාකච්ඡාවක් පැවැත්වූ බව ද එය සාර්ථක නොවූ බව දහෙතෙම කීය.
“සරත් අමුණුගම අමාත්‍ය කමිටුව ඔවුන්ගේ වාර්තාව ඉදිරිපත් කරන තෙක් මාස දෙකක් ඉවසන්නැයි ජනාධිපතිවරයා අපට කියා සිටියා” යැයි පීරිස් මහතා කීය.
ඬේලිමිරර්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයට සතියක් කල් තියනවා. ඉක්මනින් හමුදාවට පුහුණුව ලබා දී ලබන බදාදා සිට දුම්රිය දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම හමුදාවට භාර දෙන්න. වර්ජකයන්ව කෙලින්ම ගෙදර යවන්න. ලක්ෂ ගණන් පඩි මදිනම් ගෙදට්ට වෙලා ඉන්න කියන්න.
මේ අසාධාරණ වර්ජනය අසාර්ථක කිරීම පොදු ප්‍රවහන මගීන්ගේ වගකීමක්.එක පාරක් මුන්ගෙ අතපය කැඩුවනම් සේරම ප්‍රශ්න ඉවරයි.අපහසුතාවයට පත්වන ජනතාවට සහන සැලසීමට රජය බැඳී සිටියත් කියන්නත් ලැජ්ජයි රටේ රජයක් තියනවද කියලවත් හිතෙනවා වෙලාවක.මේ සේරම වරජනයන් මෙහෙයවන්නේ පරාජිත වහල්ලු ඔවුන්ට රටේ සාමාන්‍ය ජනතාව ගැන හිතන්න තරම් මොලයක් නැද්ද.
දැන් ටික කලක සිට මෙම දුම්රිය සේවකයන් ටික දිනක් වර්ජනය කර පඩි දෙන දවස් කිට්ටුවෙන කොට ආපසු වැඩට පැමිණ වැටුප් ලබාගෙන ආපසු වැඩ වර්ජනය කරනවා,එනිසා මෙවර නම් රජය කලයුත්තේ වැඩ වර්ජනය කරන එක දිනයකට දින 3ක වැටුප් හා දීමනා කැපීමයි.මසකට දින 10ක් වර්ජනය කොලොත් ඒ මාසෙට වැටුප් ගෙවන්නේ නැහැ.රටට ගැලපෙන විදිහට නීති සකස් කලයුතුයි.
මාස දෙකක් ඉවසගන්න බැරි අමාරුව මහජනයා විසින් විසඳීමට කාලයයි මේ.. බදු ගෙවා මුන්ව නඩත්තුකරන ජනතාව වශයෙන් අපේ විරෝධතාව මුන්ගේ ගෙවල් හොයාගෙන ඒවාට ගල් ගසා අපි අපේ හයිය පෙන්වමු.
ගිය 8 වෙනිදා වර්ජනය කලේ උසස් පෙළ විභාගය පැවැත්වෙන බව නොදැනද ? එදින රාජකාරියට ගිය මගින් ඇපයට ගන්න අරගෙන් කප්පක් ගන්න ගිය බව අමතකද ? වෘත්තීයේ සමිතියේ ලේකම් කමල් පීරිස්ට , මගීන්ගෙන් ලැබුන විරෝදය අමතකද ?
මගීන් ප්‍රාණ ඇපයට අරගෙන කප්පක් ගන්න පසුගිය 8 කල දුම්රිය වර්ජනය අමතක මගී අපට අමතක නැත. එදින ද උසස් පෙළ විභාගය තිබුනා නොවේද?.අද කරමු
මේ කට්ටියම අයින් කරලා,මාස 6ක් දුම්රිය වහලා දාලා හරි අලුත් කට්ටියක් ට්‍රේන් කලානම් වැඩ වර්ජනම කරන අනිත් අයටත් හොඳ පාඩමක් වෙයි
අසාධාරණ ලෙස මුදල් උපයන්නේ කිනම් " අමනුස්සයාද " ? එකාගේ පවුල්වලටද මේ ආත්මයේදීම අනේකවිද දුක් ගැහැට විදින්නට සිදුවෙන බව අද සමාජයේ ඕනෑතරම් උදාහරණ අපහට දැකගත හැක.
මේකෙ කිසිම වැරැද්දක් නැහැ. කොන්දක් නැති, තනි තීරණයක් ගන්න බැරි, එක එක පදේට නටන, වෙච්ච පොරොන්දු වලට වැඩ කරන්න බැරි මිනිහෙක් එක්ක කොච්චර සාකච්චා කලත් වැඩක් නැහැ. සාමාන්‍ය ජනතාව විදියට අපිත් දුම්රිය සේවකන්ගේ පැත්තේ තමා.
එදින සිට වර්ජනය අවසන් වනතුරු සියලුම මගීන් දුම්රිය නිලනිවාසවල පදිංචිව උයාගෙන කලා රැකියාවට යමු.
ආරම්භක දිනය 23 තිබිච්ච 29 දක්වා වෙනස් වුණේ ප්‍රධාන වශයෙන් දුම්රිය සේවකයන් තමුන්ගෙ පොකට්ටුව ගැන් හිතුව නිසා මිසක දළඳා උත්සයව හෝ උ/පෙ විභාග සිසුන් හෝ නිසා නොවෙයි. ඒවත් උප හේතු වුණා වෙන්න පුළුවන්. කොහොමත් මේකට මුහුණ දෙන්න රජය ලොකු දෙයක් කළ යුතු නැහැ. කාර්යාල/පාසල් කාල හෝරා තුළ ලංගම බස් ධාවනය ටිකක් වැඩි කරල දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර එම බස් රථවලට වලංගු කළා නම් ප්රශ්නය තරමක් ලිහිල් වෙනවා. රජයේ සේවක වැටුප් පිළිබඳව කමිටුව කඩිනමින් පොදු තීරණයක් ලබා දෙන තුරු එම ස්ථාවරයේ සිටීමයි සුදුසු. රජය විවෘත ක්‍රියාමාර්ගයක් අනුගමනය කළොත් පමණක් ඊට අවශ්‍ය මහජන සහයෝගය ලැබෙනවා. හැබැයි මේ කාලය තුළ ඉන්ධත මිල සූත්‍රය නම් තාවකාලිකව අක්‍රිය කළ යුතුයි.
දුම්රිය දෙපාර්තමේන්තුව, ප්‍රවාහන අමාත්‍යාංශයෙන් ඉවත්කර, ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පාලනය වන හමුදා තනතුරකට බාරදෙන්න. එවිට සියලුම පොදු ප්‍රවාහන වර්ජන පාලනය කළ හැක.