අද (16) මහින්ද රාජපක්ෂ මහතා හමුවූ ශ්‍රීලනිප මන්ත්‍රීන් ලබන ඡන්දයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කිරීමට තංගල්ල කාල්ටන් නිවසේ පැවති සාකච්ඡාවේදී තීරණයවී යැයි හිටපු ඇමැති කුමාර වෙල්ගම මහතා කියයි.
ප්‍රශ්නය - හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ තත්ත්වය කුමක්ද?
එතුමා අපේ මෙහෙයුම්කරු
මේ හමුව පැවතියේ කාල්ටන්හි තාවකාලික මණ්ඩපයකදීය.
‘අපි 57 දෙනෙක් එතුමා හම්බවුණා. දවල්ටත් කෑම කාලා ආවා.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාගේ හොර මගඩි රැලත් එක්ක ආවොත් දිනන්න හම්බුවෙන්නේ නෑ, මිනිස්සු දන්නවා එයාල රටට හා ජනතාවට කරපු වින්නැහිය. (බ)
අවුරුදු 9ක් රටේ නායකයා වෙලා ඉඳලත්, දෙවතාවක් බලයට පත් වෙලත් කරන්න බැරිවුන සහ නොකරන ලද දේ, නැවත බලයට ඇවිත් කරයි කියල බලාපොරොත්තු වෙන්නේ කොහොමද. (බ)
පිටිගල එහෙනම් වන්දනාවේ යන්න ඕනේ මැදමුලනට නෙවේ පොළොන්නරුවට. අනේ මන්ද ඔයාලනම් බලය තියෙන්නේ කාටද කියලවත් දන්නේ නැ (බ)
විජිත , දිව්‍යලෝකයක් නොවුනත් නිදහස් නිවහල් ඒකීය රටක් තිබුන කියල නම් අපි දන්නවා (ම)
අසාධාරණයයට පණ නොපොවන්නේ නම්, කුමන නායකයා උව කිම... වැළඳගමු සෙනෙහසින් පරසිතේ සොම්නසට.... ලෝභයෙන්, ද්වේශයෙන් මත්වීම නුසුදුසුයි... තැන සුදුසු නුවණැසින්, හැමදෙයම කළයුතුයි... නොගනු ඇත ජය කොඩිය දුර බැලුව එකා මිස... හෙටදිනේ නොතැව ඉමු ළඟ බැලුව මුවහවට.... (නි)
අදහස් වලින් පෙනෙන්නේ වෙනසට වෙනසක් හිතන-පතන අය වැඩිවෙන්නේ (නි)
රටක් පාලනය කරනවා කියන්නේ අත්හදා බැලීම් කර කර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. පාලනයෙන් යම් වැරැද්දක් වෙනවනම් එකෙන් කියන්නේ පාලනයේ තියෙන දුර්වල කම. වැරැද්ද පිළිඅරගෙන ඉවත් වෙන එක තමයි හොඳම දේ. නිදහස් සහ සාධාරණ ජනාධිපතිවරණයකින් පැරදුනාට පස්සේ මහත්මා ගතියෙන් පරාජය පිළිඅරගෙන ඉවත්වෙන එක තමයි හොඳම. (බ)
ප්‍රඥාවෙන් පිරික්ෂා මිස හැඟීමෙන් මත් නොවිය යුතුය. (නදී)
විජයබාහු,දෙන මොනවටද අපි වහල් වෙලා ඉන්නේ?මහින්දගේ සහ ඔහුගේ විදේශ සේවයේ යෙදී සිටි නිලධාරීන්ගේ නොහැකියාව නිසා ලංකාව ලෝකෙන් කොන්වෙලා තිබීම ඒගොල්ලෝ සාධාරණීකරණය කළේ නිවහල්/අදීන වගේ සුන්දර වචන වලින්! කොටිනොවන දෙමළ ජනතාවට එකී ගැටලු ගැන යුක්තිසහගතව බැලීමත් වහල් කමක්ද? (බ)
ඔය 57 දෙනාම නැවත ඇතිකරන්න අරඅදින සංස්කෘතිය මොකක්ද කියලා අපි දන්නවා (නි)
කලින් හිටියේ කවුද එතකොට? (නි)
විකි , හැඟීමක් නැති ප්‍රඥාවෙන් වැඩක් නැත. එහෙම අය තමයි වාසි තකා රට පාවාදෙන්නේ. හරි නම් හැඟීම් සහ ප්‍රඥාව දෙකම තිබිය යුතුයි තීරණ ගැනීමේදී (නි)
අවුරුදු දෙකක් කලින් නොතියා වැඩටික ඉවර කරලාම වැඩේට බැස්සා නම් ඉවරනේ. හදිසි වුණා වැඩියිනේ (නි)
වැරදි හදාගෙන ගේන්නම තමයි වටින්නේ (නි)
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නැමැති එ.ජා.ප. සිර කදවුරෙන් පාක්ෂිකයන් මුදාගන්න මහින්ද ජනපති තුමනි නායකත්වය ගන්න. ගොවිකම නෑකම කරගත් දියුණුවට ඊර්ශියා නොකරන දක්ෂයන්ට අතහිත දෙන අනුන්ට වල නොකපන තමන්ගේ මඩිය ගැන පමනක් නොහිතන නිර්මාණශීලීව ඉදිරිය දකින රටට, ජාතියට,ආගමට පුරවැසියන්ට මෙන්ම පාක්ෂිකයන්ට සැබැවින් ආදරය කරන සැබෑ මිනිසුන් දියවන්නාවට ගෙන එන්න සටන අරඹන්න අපි සූදානම් ඔබතුමන් සමග පෙරට යන්න. ජය නියතයි,සුභ අනාගතයක් (ස)
රටේ මෙහෙයුම් කරු මහින්ද මහත්තය තමයි. (අ)
තේරෙන අය තේරුම් ගන්න,,,,, දින 100 ට රජයේ පාඩුව බිලියන 500 ටත් එහා .එය දිනෙන් දින වැඩි වී ගෙන යයි. වැඩක් නැහැ කියන මත්තල ගුවන් තොටුපලේ වියදමත් බිලියන 30 ක් පමණකි . (බ)
මහරජ අගමැති කමට සුබ සහ යස නව අර්ථ කථනය?(ස)
දෙසපලුවෝ රට කති. රටේ කිසිම ආර්ථික නිෂ්පාදනයක් නැත. අද ඉපෙදෙන දරුවට අනාගතයක් නැත..දෙසපලුවෝ පරිසරය විනාශ කරති. මහජන දේපල මංකොල්ල කති..පවුල් පෝෂණය කරති. වතුර ඉල්ලා කෑගහන එකට වෙඩි තියති. පාතාලය පෝෂණය කරති පොලීසිය,හමුදාව තමන්ගේ වහල්ලු කරගනිති. (ස)
අයියෝ පිටිගල..අලුත ගෙනා මනමාලිලා ඔහොම තමයි...ටික දවසක් යන්න ඕන ලේලිගේ වැඩ බලන්න..නැන්දම්මට මාමණ්ඩිට අගු පිලවත් නැහැ.අපි නොදන්නා ලයිව් ..දින 100න් ඔය විදියට දේශපාලනයේදී මිනිස්සු මනින්නේ බාගෙට මොලේ වැඩුනු අය විතරයි..(බ)
බොරු ප්‍රචාර හා මඩගැසීම් සමග මහින්ද නැවත බලයට එන එක නවත්වන්න බලයේ ඉන්න ජනපති හැම බලයක්ම යොදයි (බ)
විජිත එහෙම නම් මොකටද ඉන්දියාව, ඇමරිකාව එංගලන්තේ කියන පද වලට නටන්නේ. ඇයි ඉන්දියාවට උතුරු මුහුදේ මාලු අල්ලන්න දෙන්නේ. අන්න ලොකු නෝනා කියල තියනවා රනිල් වෙඩි තියන්න අවසර දුන්නේ විහිළුවකට කියල. ඔයට නින්ද ගිහින්නම් නැගිටින්න දැන් කාලේ හරි . පොඩ්ඩක් ඇස ඇරලා බලන්න ලංකාවට මොකද්ද වෙන්නේ කියල. මිලිබෑන්ලා දඟලන්නේ ඇයි කියල. ඇයි දැන් පාලකයෝ හැමදේටම එහෙයි කියාගෙන යන්නේ. එ්ක අදීනකමද. කොටි නොවන දෙමළ ජනතාවට මොනවා දුන්නත් කම් නැත. එයාල ඉස්සරත් හිටිය. ඔය කොළඹ ඕනේ තරම් ඉන්නේ. සිංහලයෝ ඒ අහිංසක මිනිස්සුන්ට කරදර කළේ නෑනේ. කරදර උනා නම් වෙන්න ඇත්තේ ඔය අස්සේ රිංගල ඉන්න කොටි හිතවාදී ටික දෙනා නිසා. ඔය අරගලේ ඇති කළේ ජේ ආර් බවත් අමතක කරන්න එපා මහත්තයෝ. ඉතිහාසය නොදැන කතා කරන්නත් එපා.ඉතිහාසය කියෙව්වනම් තේරේවි අහිංසක දෙමල ජනයාට කෙනහිලිකම් කළේ කවුද කියන එක. (බ)
විජිත අනික ලංකාව ලෝකෙන් කොන්වෙලා නැ. බටහිරෙන් කොන්වෙලා මොකද එයාලගේ පදයට නැටුවේ නැති නිසා. අනික දැන් එයාලගේ පදයට නැටුව කියලත් එහි සිටින අපේ ජනයාට වන සෙතක් නම් නැත. උන් අපට එදා සලකන තුප්පහි විදිහටම තමයි අදත් සලකන්නේ . විශේෂ ගෞරවයක්ද නැත. දුටුවනේ මිලිබෑන්ගේ කතාව. අඳුරේ අතපත ගන්නේ නැතුව එළියට එන්න දැන්වත්. (බ)
ව්‍යවස්ථා සංශෝධනය වහාම නවත්වන්න. (නි)
රටට ආදරය ඇති අය ඔබටද ආදරය කරති. (නි)
මොලේ අබ ඇටයක් නැති අයටද පෙර පාලනය හොඳ (බ)
ගරු මහින්ද රාජපක්ෂ නැතුව රටේ ආරක්ෂාව අනතුරේ. ඔබ තුමා එනතෙක් අපි බලා සිටිමු. අපේ දරුවන්ගේ අනාගතය ඔබයි.(බ)
අසරණයෝ (බ)
කෑමත් කෑවද? එහෙනම් හරි. මොකද එක්කෙනෙක් කෑම කාලා ගිහිල්ලා තමයි එතුමා ගිය පාර පැරදුනේ. මේ පාර 57ක් කාලා ගියා කියන්නේ එතුමා නැත්තටම නැති වෙන පොට. (ස)
දවල්ටත් කෑම කාලා ආවා නම් මොනවා හරි කියන්නත් එපාය. (ස)
මේ ආ කට්ටිය අතරේ නම කැතකරගත් අයත් ඉන්නවා.අන්න එයාලයි අපිට ඕනෑ නැත්තේ. (නි)
ඔව් ඔව් වඩින්න වඩින්න! අඩුව තදින්ම දැනෙනවා. (නි)
කෝ අල්ලපු හොරු..? යහපාලනේට පව් (බ)
ජයවේවා! (නි)
නියමයි, ඔහොම යමු. අපිත් සුභ පතනවා! (නි)
මහින්ද හොඳ නායකයෙක් නම් දෙවන තැනට කෙනෙක් හදන්න තිබුනා. නමුත් එය කළේ නැහැ (නි)
අවංක හිටපු රජයේ සේවකයෝ ඉන්නවා ඔබතුමාට උදව්වට. හොද අය තෝරාගෙන ඒ අය එක්ක ගමන පටන් ගන්න. ජය නියතයි. ජයවේවා. (නි)
මගේත් උනුසුම් සුබ පැතුම් ඔබ තුමාට. ඔබ නැති යුගයක අඩුව තදින්ම දැනෙන යුගයක්. ජය නියතයි. (බ)
ඔබතුමාගේ හොර මගඩි රැලත් එක්ක ආවොත් නම් දිනන්න ලැබෙන්නේ නැහැ. මහරජාණෙනි , පෙර වැරදි හදාගෙන ඉදිරියට යන්න. ජය නියතයි. නමුත් අමාරුයි (නි)
"කවදා පායන්ද අප දිනිසුරාණෝ... රණ බිමකට සරිලන සෙනෙවියාණෝ... මුඩුබිමකට සරිලන ජල කඳාණෝ... සුන්බුන් කොඳු ඇට සිටුවන රජාණෝ... කවදා පායත්ද අප පුන්සඳාණෝ... පරහිත පිණිස දළ දන්දෙන ඇතාණෝ... නිදුකින් ඉන්ට මඟ සළසන වෙදාණෝ... මුසා බසින් අප නොපෙළන රජාණෝ... කවදා එත්ද අපගේ එක් නෙතාණෝ... ගිමනට සෙවණ දෙන තුරුනුග තුරාණෝ... අප සමබිමක රඳවන සොහොයුරාණෝ... රජෙකැයි අපට නොසිතෙන මහරජාණෝ..." (නි)
මමත් හිතනවා ඔබට වැරදි හදාගෙන ඉදිරියට යන්න පුලුවන් කාලයක් එළඹිලා තියෙන්නේ කියලා (නි)
මෙතන අදහස් දාන කට්ටිය හරියට අඟවන්න හදන්නේ මහින්ද පහුගිය කාලේ කිසිම වැරැද්දක් නොකළා කළ වගෙයි. (නි)
අනේ පව්! මට දුකයි. රටට ආදරෙයි නම් රට අරාජික නොකර ඉන්න. පරාජය පිළිගන්න. අඩුම තරමේ මෛත්‍රී මහතාට අවුරුදු 2ක්වත් කල්දීලා බලන්න (නි)
රසිකා, වැරදි වෙන්නේ වැඩකරන මිනිස්සු අතින් විතරයි. පුදුමෙකට දැන් වෙලා තියෙන්නේ වැඩකුත් නැහැ, හැබැයි වැරදි මහා ගොඩක් මේ පොඩි කාලෙට! (නි)
ඔබ තුමාට ඇති නිසි තැන රැකගන්න දේශපාලනයෙන් ඉවත් වෙන්න (නදී)
ගියවර ඔබ හසුවුණේ කිහිප දෙනෙකුගේ උගුලකටයි. මෙවර මොළය නැති ,වැඩ බැරි බහුතරයකගේ උගුලකට හසුවන්න නම් එපා. ඔය ඉන්න අය අතර තම නම කැත කරගත් කී දෙනෙක් ඉන්නවද?චෝදනා නඟා ඇති කීදෙනෙක් ඉන්නවද? තවදුරටත් හිතන්න. ඉක්මන් වෙන්න එපා.රට තුළ ඉන්න අපියි සැබෑ ජනමතය දන්නේ. පිටරටවල ඉන්න අයට වඩා (නි)
මහින්ද මහත්තයා මතක තියාගන්නට ඕනෑ නීතිය කාටත් පොදුයි කියලා. ඔහු සඳහන් කරන දෙයක් තමයි මගේ පාක්ෂිකයින්ව අත්අඩංගුවට ගන්නවා, මගේ නෑදෑයින්ව අත්අඩංගුවට ගන්නවා කියා. පැමිණිලි විභාග කිරීම අදාළ ආයතන වලට අයිති කාර්යයක්. පක්ෂය ඔහුගේ පුද්ගලික වස්තුවක් නෙමෙයි. පක්ෂයක් අයිති පොදු මහජනතාවට. එතකොට දැන් පක්ෂයේ නායකයා වත්මන් ජනාධිපති ගරු සිරිසේන මැතිතුමා. ඉතින් එතුමාටත් කැක්කුමක් තියෙන්නට ඕනෑනේ මගේ පක්ෂිකයින්ව පොලිස් අත්අඩංගුවට ගන්නවා, ඒවා කරන්ට එපා කියලා විධායක බලතල පාවිච්චි කරලා ඔවුන්ව නිදහස් කරන්න. එහෙම නොකරන්නේ එතුමා යුක්තිගරුක, නීතියට හිස නමන, ශීලාචාර පුද්ගලයෙක් නිසයි. තමා වැරැද්දක් කරලා නැත්නම් නිර්දෝෂි නම්, වැරදි කළා යැයි ඔප්පු කරන්නට සාක්ෂි නැත්නම් අනිවාර්යයෙන් චෝදනා ලබාසිටින ඔහුගේ ඥාතීන් හෝ පාක්ෂිකයින් උසාවියෙන් නිදොස්කොට නිදහස් කරයි. (නි)
ජගත් ජයමහටයි මේ කියන්නේ, රට අරාජික වෙලා තියෙන්නේ දැන්. බලන්න. පාලනයක් නැහැ ඇමති මණ්ඩලය, එහෙන් කියපු දේවල් ඉෂ්ට කරගන්න බැරුව දඟලනවා. මොකද්ද මේ? කොහොමට තිබුන රටක්ද මේක? (නි)
මහින්දට බැරි නම් වෙන කාටවත් බැහැ. එතුමා කරන්න බැහැ කියලා හතර අතේ දිවුරපු දේවල් කරලා පෙන්වපු නායකයෙක්! (නි)
මේ රටේ සැබෑ නායකයා මහින්ද රාජපක්ෂ මහත්මයාය එතුමාට අපෙන් සුභ ආසිරි පැතුම්. (අ)
නැවටත් බොරුව, වංචාව සහ දුෂණය රටට ගේන්නද. (ම)
නායකයා යනු පොදු අරමුණකට පුරවැසියන් යොමුකරන්නා මිස ශාන්තුවරයෙක් නොවේ. (ම)
මහින්දව දැනුයි රටට වටින්නෙ (අ)
අපේ නායකයා මහින්ද (අ)
රට නිදහස් කරගත් නායකයාණෙනි ඔබ තුමාට අපෙන් ආසිරි! ජයවේවා! (අ)
ගහපු පදේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ යහපාලනයේ දින 100 න් 99 කුත් ඉවරවෙලා කරපු වැඩකුත් නෑ, රාජපක්ෂ මැතිතුමනි රට බාරගන්න ඔබතුමාට අපෙන් සුබාශිංසන !!!!! (බ)
නායකයා යනු පොදු රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රට පාලනය කරන නායකයකු මිස හොරෙක් නොවිය යුතුයි (බ)
මහින්ද මහත්මාට එරෙහිව කටයුතු කරන (ප්‍රතිචාරද ඇතුළුව) අය කොටින්ට උදව් කරන ඒ වගේම මේ නිදහස් රට විනාශ කරන අයයි එනිසා මේ රට නිදහස්ව දියුණුව කරා ගෙන යන්න ඔබතුමාට රටේ ජනතාව ආශිර්වාද කරනවා. (අ)
රසිකට අමාරුයි වගේ. රටේ සංවර්ධනය නැතිවෙලා. කොළඹ නගරය කුණු ගොඩක් වෙලා. හුඟ දෙනෙකුට දැන් තේරෙනවා රටට මොකක්ද වෙන්නේ කියලා. මමත් වෙනසක් බලාපොරොත්තු වුණ කෙනෙක්.ඒත් වෙනසක් වුණේ නම් නැහැ (නි)
මහින්දට බනින කට්ටිය මහබෙන්කු වංචාව ගැනත් කතා කළා නම් තමයි හොඳ.(අ)
කොන්දක් නැති ජාතියක් හැටියට ජීවත්වෙනවාට වඩා හොඳයි මැරිලා යනවා. දැනටමත් අපි ලෝකය ඉදිරියේ බාල්දුවෙලා.ඔබේ අඩුව ලොකුවට දැනෙනවා අපි හැමෝටම. (නි)
මැයි දිනයට ලැබුණු ආරාධනාව බාරගත්තොත් ඒක තමයි අපි කරන ලොකුම මෝඩකම.වෙනම මැයි රැළියක් අපි සංවිධානය කළොත් තමයි අපිට පුළුවන් වෙන්නේ අපේ ශක්තිය පෙන්වන්න.අපිට විශ්වාසයි හොඳම මැයිරැළිය අපිට කරන්න පුළුවන් කියලා. (නි)
හොර මගඩි වලින් බේරෙන්න තමා ඔය වන්දනාවේ යන්නේ...(ම)
පැරදුන එකම ජනපති ඔබයි (බ)
ලෙස්ලි ,මැයි දිනය යනු තමුන් කියන එක එක දේශපාලකයන්ගේ බලය පෙන්වන දිනයක් නොව,මෙය වැඩ කරන ජනතාවගේ දිනයක් (බ)
රෝයි,චමත්,ගිනි පොළියට ණය අරගෙන කරපු සංවර්ධනය ගැන අපි දන්නවා!මහින්ද බබෙක්ද වටේ අය විසින් රවට්ටන්න? (නි)
වැරදි හදාගෙන නැවත රට කරන්න එන්නලු. පාසල් යන ළමයෙක් නෙමෙයිනේ! මේක මිනිසුන් කෝටි ගණනක් ඉන්න රටක්. ඇත්තටම රටට ආදරෙයි නම්,නියම බෞද්ධයෙක් නම්, මහජනතාවට ආදරෙයි නම්, මේ වගේ දුප්පත් රටකට මේ වගේ දුෂණයක්, වංචාවක් කරයිද? (නි)
ඔය 57 දෙනාගෙන් වැඩි ප්‍රමාණයක් කොහොම අයද කියලා අපි දන්නවා. ඔවුන්ව ඉවත්කර හොඳ තරුණ උගතුන් කණ්ඩායමක් ඉදිරිපත් කළොත් සහයෝගය දෙනවා. පරණ මංකොල්ලකාරයින්ට නම් අපේ අනුකම්පාවක් නැහැ. (නි)
දින 100 ත් ඉවරයි,රටත් ඉවරයි, කියමින් අවලාද නඟන කට්ටියට මෙපමණ ඉක්මනට අමතක වුණාද දින 100 කට කලින් කොහොම රටක්ද තිබුනේ කියලා? ස්ත්‍රී දුෂකයෝ සැමරුම් උත්සව පැවැත්වූ රටක්. අනිත් හරිය කියන්ට ඕනෑ නැහැ. (නි)
කථාකරන්න ගමනක් යන්න ඉගෙන ගන්න. පාසලකට ළමයෙක් දාන්න බැරිව රාජ්‍ය සේවය පොලිසිය අධිකරණය පාසල් මාධ්‍ය හැමදේම දේශපාලනීකරණය වෙලා. මහජන මුදල් ගසා කාපු පාලනය අවසන්වෙලා දැන් ජනතාවට අමතකවෙලා දින 100 ගියාම. ආයෙත් හොරු දූෂකයෝ ගේන්න හදන්න එපා (බ)
දුෂිකයන්ට රට නැවතත් රට බාර දෙන්නේ නෑ ! (අ)
පද්මිණී: මේ දවස් සීයට නම් මොකවත් වෙලා නෑ නේද? ඉතින් කොච්චර හොඳද. (අ)
අපොයි මෙතන අදහස් දාන කට්ටිය දන්නා දේවල් එනිසා මම ලියන එක නැවත්තුවා...(අ)
පද්මිණීට නම් දැන් මේ රට කේතුමතී නුවර වගේ පෙන්නේ. අනේ හොඳයි.මෙහෙ බොරු වංචා දුෂණ චෝදනා කියා කියා මාධ්‍ය සංදර්ශන තියනවා .උතුරේ කොටින්ට අයෙත් නැගිටින්න අවස්ථාව ලබා දෙනවා. හමුදාව අමාරුවෙන් මුදාගත්තා සාම්පුර් ප්‍රදේශ නැවත "දෙමල" ජනතාවට ලබා දීල. එතන ත්‍රිකුණාමල වාරයේ ආරක්ෂාවට ඉතා වැදගත්. දෙමල සන්ධානේටයි ඉන්දියාවටයි ඕන අකාරයට තමයි ඔක්කොම කරන්නේ. මේ වැරදි අයෙ හදාගන්න ලේසි වෙන්නේ නැහැ. ඒවා වහන්නේ කට හරි දුෂණ චෝදනාවක් කරලා. මෙච්චර කාලෙකට එක චෝදනාවක් වත් ගොනුකරගන්න බැරි වුණා (අ)
පත්මිනි තාම දින 100 ගත වුණේ .මේ ටිකට රටට වෙලා තියෙන දේ ඔබට නොපෙනෙන්නේ ඔබේ කරුමෙට . මම හිතන්නේ . .වයසේ වැරැද්ද (අ)
අනේ මෙහෙමත් පරාදීන ජාතියක්! කිසිදා මෙම නිවට නියාලුබවෙන් ගොඩඒමක් නොමැත. (නි)
ලංකාවේ මිනිසුන්ගෙ මානසිකත්වය තමා. මහින්ද පස්සෙන් තාම යන්නෙ වෙන කවුරුවත් නැද්ද මේ ලංකාවේ? අපි පත්කර ගන්න ඕනෑ උගත් මිනිස්සු පාර්ලිමේන්තුවට. ඒ තැනට මිනිසුන්ගේ ඔලු අපි ගෙනෙන්න ඕනෑ. (නි)
පද්මිණි කියල කතාව 100% ක් ඇත්ත. ප්‍රභාකරනුත් කිව්වා වගේ සිංහල මිනිස්සුන්ට ඉක්මනට අතීතය අමතක වෙනවා.(ම)
වෙල්ගම මැතිඳානන් පවසන පරිදි මහින්ද තමයි නොසැළෙන නියමුවා!එතුමාගේ අභීත එඩිතර නොසැළෙනබව අප දුටු වාර අනන්තයි (නි)
පද්මිණි, ඒවායේ නම් තවම වෙනසක් පෙනෙන්න නැහැ, වැඩිවෙලා මිසක් (නි)
ජය වේවා! (නි)
නැවත එනු මැන මහරජාණනි (නි)
වෙල්ගම මැතිඳාණෙනි, රට බාරගන්න! ඔබ පවසන වදන් වලින් තරුණ අප විඳින සැනසීම විඳින්න නැවතත් අප ඒ ලොවට රැගෙන යන්න! (නි)
රනිල්,අනේද කියන්නේ?කොහොමට තිබුන රටක්ද මේක! ඔයගොල්ලෝ ඔහොම බොරු චෝදනා කරන්නේ හරියට ජනවාරි 9 ට පෙර මේ රට දිව්‍ය ලෝකයක් කියලා හිතාගෙනද?බොරු නැතුව හෘද සාක්ෂියෙන් විමසන්න! (නි)
සම්පත්, ඔයාගේ කටේ මසුරන් දාන්න වටිනවා. ඔයා හරියට අපේ හිත කියවලා ලිව්වා වගෙයි. නිදහස් මල් පුබුදුවමින් හෙළ දෙරණේ - පායා නැඟෙයි අපගේ දිනිසුරාණෝ! (නි)
අන්තෝ ජටා බහි ජටා (බ)
කතා දෙකක් නැහැ ඔබ නැවත එනවා ඒකාන්තයි. යහපාලනයට රටක් ඉතා අමාරුවෙන් පාලනය කරගන්න පුළුවන් වුණාට රටක් ගොඩනඟන්න කවදාවත් බැහැ. (නි)
මහරජාණෙනි , පෙර වැරදි හදා ගෙන ඉදිරියට යන්න , ජය නියතයි නමුත් අමාරුයි . ඔබතුමා නැතිව ශ්‍රීලනිපයට අනාගතයක් නැත . ශ්‍රී ලනිපයට අනාගතයක් නැති උනත් අපේ රටට අපේ දරුවන්ට අනාගතයක් ඕනේ , ඒ වෙනුවෙන් ඔබතුමා ගේ නොසැලෙන අභීත නායකත්වය අපිට , රටට අවශ්‍ය ම මොහොතක් . ජන 9 න් පසු අැණ හිටපු සංවර්ධනය නැවත පටන් ගන්න ඔබ ආ යුතුයි , නමුත් පෙර වැරදි හා අඩුපාඩු නම් අවංකවම නිවැරදි කර ගත යුතුමය . අපේ අවංක සුබපැතුම් (බ)
අපේ නායකයා මහින්ද. (ස)
දින 100 න අවරුදු 10 ක් කරපු හොර මගඩි මංකොල්ල සේරම 100% කම වෙනස් කරන්න බැහැ. තවමත් සමහර හොරු ඒ තැන වලම ඉන්නවා. එත් ගතවූ දින 100 තුළ ඒ වගේ ජනතා දේපල මංකොල්ල නතර වුණ එක හොරකම් පැහැර ගැනීම් නිරපරාධ වියදම් අවම වුණ එක ඇති හොඳටම. (අ)
මහින්ද මහතා සදා දිනේවා! (නි)
මුළු රටේම මෙහෙයුම්කරු ඔබයි (නි)
රට සංවර්ධනය කරන්න හැකි එකම නායකයා මහින්ද රාජපක්ෂ පමණි. සිංහල ජනතාවට නොපැරදුණු රජු ඔහුයි. (නි)
මම හිතනවා මහින්ද මහත්තය පහුගිය ජනපතිවරණයෙන් ලැබූ පරාජය එතුමාට දෙවියන් විසින් ලබා දුන් අගනා ත්‍යාගයක්.තමන්ගේ අඩු පාඩු වගේම තමන් වටේ සිටි පුද්ගලයින් හදුනාගෙන නැවතත් මේ රටේ දේශ හිතෛෂී ජාති හිතෛෂී පාලනයක් ඇති කර මේ යම පාලනයට තිත තබන්න වගේම මේ උද්දච්ච පින් යුඅැන්පි රජයත් රනිල් මහතාගේ අගමැති කමත් මාස කීපයකට පමණක් සිමා කරන්න එතුමාට හැකිවේවායි යන්න නව වසරේ මගේ අවුරුදු ප්‍රාර්ථනයයි..(බ)