IMG-LOGO

ලබන අවුරුද්දේ මම කසාද බඳිනවා

2016-09-09-ent-34

දිලිනි ලක්මාලි කියන්නේ අද වනවිට ලොකු කුඩා හැමෝම ආදරය කරන චරිතයක්. මේ දිනවල විකාශය වන ටෙලිනාට්‍ය කිහිපයකින්ම එකිනෙකට වෙනස් චරිත ඔස්සේ ඇය ඔබේ ආලින්දයට එනවා. ඉතින් මේ දවස්වල වැඩ කටයුතු ගැන දිලිනි සමඟ කළ කතාබහයි මේ.

 

කොහොමද දිලිනි?

2016-09-09-ent-35තියෙන කලා කටයුතු ටික කරගෙන හොඳින් ඉන්නවා.

 

මේ දවස්වල මොනවද වැඩ කටයුතු?

මේ දවස්වල සුදන්ත තිලකසිරිගේ නේරංජනා නාට්‍යයේ වැඩ. කුමුදු නිශාන්ත අයියගේ අලුත්ම නාට්‍යක් වන සුළඟ සේ මා නාට්‍යයේ වැඩ කළා. ඒ එක්කම හිරැ එකේ යන අඟුරැ සෙවණැලි නාට්‍යයෙත් වැඩ.

 

වැඩිම ප්‍රතිචාර ලැබෙන නාට්‍ය මොකක්ද?

මේ දිනවල විකාශය වන නේරංජනා නාට්‍යයේ සහ අඟුරැ සෙවණැලි නාට්‍යයේ චරිත දෙකටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

 

සිනමාවට තාම ආරධනා නැද්ද?

ඔව් තාම මට ගැළපෙන චරිතයක් ලැබුණේ නැහැ. ඉතින් මට ගැළපෙන චරිතයක් ලැබුණොත් මම භාරගන්නවා. මොකද හොඳ නිර්මාණවලට දායක වෙන්න කැමැත්තෙන් ඉන්නවා.

 

ඔබ චරිත තෝරාගන්නේ කොහොමද?

මට මෙතෙක් නම් ලැබුණේ මට සුදුසුම චරිත. ඒ නිසා මට ලොකුවට චරිත තෝරාගන්න ඕනේ වුණේ නැහැ. මම කැමති මට උපරිම සාධාරණයක් කරන්න පුළුවන් විදිහේ චරිත කරන්න.

 

එකම විදිහේ චරිතවලට කොටු වෙලා කිව්වොත්?

මට ලැබුණු චරිත නම් ටිකක් ඒ වගේ තමා. මමත් අසාවෙන් ඉන්නවා ටිකක් වෙනස් විදිහේ චරිතයක් කරන්න.

 

දැන් කොච්චර කාලයක් වෙනවද මේ ක්ෂේත්‍රයට ඇවිත්?

මම 2008 දී ආවේ.

 

මොකද හිතෙන්නේ මේ කාලය ගැන?

ඇත්තටම සතුටුයි. මොකද මට හොඳ නිර්මාණවලට දායක වෙන්න පුළුවන් වුණා. මම හරිම අසාවෙන් තමා මේ කලා ක්ෂේත්‍රය තුළ නිර්මාණවලට දායක වෙන්නේ.

 

දිලිනි කැමති ජනප්‍රිය නිළියක් කියනවටද? දක්ෂ නිළියක් කියනවටද?

දක්ෂ නිළියක් කියනවා. මොකද, මම දකින්නෙ ජනප්‍රියත්වය කියන දේ අද තිබිලා හෙට නැති වෙන්න පුළුවන්. නමුත්, දක්ෂතාවය කියන දේ හැමදාම තියෙන්න පුළුවන්. මමත් හැමවිටම උත්සාහ කරන්නෙ දක්ෂයෙක් වෙන්න. ඒ නිසා තමයි මම ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් කරන්න හැමවිටම උත්සහ කරන්නේ.

 

ආදරය ගැන?

ඇත්තටම ආදරය හරි සුන්දර දෙයක්.

 

කවදා විතරද විවාහ වෙන්න ඉන්නේ?

මට තව කාලය තියෙනවා ඒ ගැන හිතන්න. කොහොමවුණත් මම භාරගත්ත වැඩ කටයුතු නිසා ටිකක් කාර්යබහුලයි. මේ වැඩ ටිකත් ඉවර කරලා ලබන අවුරැද්දේ විතර විවාහය ගැන හිතනවා.

 

ඔබේ පෙම්වතා ගැන?

කියන්නම්. හැබැයි දැන්ම නෙවෙයි. තව ටික කාලයකින්

 

ඔහුත් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්ද?

හ්ම්ම්... ඒ ගැනත් කියන්න මේ කාලය නෙවෙයි. ඉදිරියේදී කියන්නම්කෝ

 

හරි එහෙමනම් අනාගත බලාපොරොත්තු?

එහෙම විශේෂයෙන් කියලා බලාපොරොත්තු නැහැ. හෙට දවසත් හොඳින් ගතකරන්න තමා බලාපොරොත්තුව.

 

නීශා රන්සිත්

 



අදහස් (0)

ලබන අවුරුද්දේ මම කසාද බඳිනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 641 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 767 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 328 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site