ලබුදුව පාසලක විනයභාර ගුරුවරයා වු සහකාර විදුහල්පති ඉන්දික මනෝජ් මහතාට විකට් ඉන්නකින් පහර දුන්නැයි කියන සිසුවා ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගාල්ල මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය නියෝග කළාය.
ලබුදුව පාසලක විනයභාර ගුරුවරයා වු සහකාර විදුහල්පති ඉන්දික මනෝජ් මහතාට විකට් ඉන්නකින් පහර දුන්නැයි කියන සිසුවා ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගාල්ල මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැදියාව සදාචාරය කොහෙද දෙවියනේ සැගවිලා ගියේ. (ර)
ගුරුවරුන්ගේ වරදක්ද? ගෝලයන්ගේ වරදක්ද? මට නම් හිතාගන්නවත් බැහැ . දෙගොල්ලන්ගේම වරද. ගුරුවරු ගුරු ගව්රවය රැකෙන ආකාරයට වැඩ කළ යුතුයි. එසේම ළමයින්ව ළමයි හැටියට තියන්න ඔනී. ළමයින්ව යහළුවෝ හැටියට තිය ගත්තොත් වැඩ වරදිනවා. අර සිංහල කියමන මතකයිනේද? ගුරුවරයා හිටගෙන කළොත් ගෝලයෝ දුවදුව කරනවා. (බ)
දැන් හැදෙන ළමයි ගැන නම් කියලා වැඩක් නැහැ (නි)
අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍රලේඛනයක ලියා තිබෙනවා නේද ළමයෙකුට ගහන්න පුළුවන් විදිය. ඒවා වියදම් කරලා හදලා තියෙන්නේ පොත් වල ලියලා තියන්න නෙමෙයි. ගුරුවරුන්ට පිළිපදින්න. (නි)
අනේ කාලේ වනේ වාසේ! අදටත් අපේ ගුරුවරයෙකුව අපි දැක්කොත් දණ නැමෙනවා. අද ? ගුරුවරුන්ගේ වරදක්ද? ගෝලයන්ගේ වරදක්ද? මට නම් හිතාගන්නවත් බැහැ (නි)
මෙහෙම අයටද දැන් ගුරුවන්ට ශිල්ප දෙන්න වෙලා තියෙන්නේ? (නි)
මාක්ස්වාදියොයි, දෙමව්පියොයි තමයි මේවට වගකියන්න ඕනෑ. මොකද, හැමදේකටම පාසල් ළමයින්වත් ඉස්සරහට දාගෙන, පාසල් ගුරුවරුන්ටම විරුද්ධව පිකටින් කරපු, උද්ඝේෂණය කරපු ඒවායෙ ප්‍රතිඵල තමයි මේ. දෙමව්පියො ළමයි ඉස්සරහ ගුරුවරුන්ට අපහාස කරනකොට, ළමයින්ගෙ ගුරුවරුන්ට තිබෙන බය, කීකරුකම, ගෞරවය නැතිවෙනවා. (නි)
මේවට දැන් හැදෙන ළමයින්ට බැනලා වැඩක් නැහැ. (නි)
පුද්ගලික පාසල් වල ගුරුවරුන්ට වෙලා තිබෙන දේ මීට අන්තයි. (නි)
නිල්මිණිට මොකද ටැපලිලා (බ)
සමහරු මෙතනත් තමන්ගේ නොහැදියාව ප්‍රදර්ශනය කරනවා. වෛද්‍යවරයෙක් පහරකෑම පරීක්ෂණයක් මඟින් සනාථ කරන්න ඕනෑ. ඔය හොදට ඇවිදගෙන ගියේ රක්ෂිත බන්ධනාගාර ගතවෙන්න. ඔය වගේ අයට හරියන්නේ ඉස්කෝල නෙමෙයි. ඔය දැන් දාලා තියෙන්නෙ නියම තැනට. ඕක ඇතුළෙදි උගන්නයි ඉස්කෝලේ විෂය නිර්දේශයෙන් ආවරණය නොවන පාඩම් ටිකක්. (නි)
මෙහෙම පරපුරක් තමයි දැන් බිහිවෙන්නේ.(හේ)
ළමයෙක් නිකන්ම ගුරුවරයෙකුට ගහන්නේ නැහැනේ.. ආරංචියේ හැටියට මේ ගුරා ළමයට අමානුෂික විදියට ගහල.. ගුරාට පහර දීම වරදක්, ලොකු වරදක්.. එ්ත් ඒ ළමයටම විතරක් බනින එක හොඳ නෑ.. ගුරුවරයාගේ වරදක් තිබේ නම් එකත් හොයන්න ඕනේ.. ළමයෙකුට අමානුෂික විදියට පහර දුන්න නම් වැරදි.. මේ දේ ගොඩක් පාසැල් වල වෙනවා එත් ළමයි කියන්නෑ. (බ)
වීරකෝන් මහත්තයෝ, ළමයෙකුට මේ විදිහට ගහන්නත් හේතුවක් තිබිය යුතුයි නේද? මා සත්‍ය කතාවක් ඔබට කියන්නම්. ඒ වනවිට මම ඉගෙනුම ලැබුවේ 10 වසරේ. අද වගේ නොවෙයි විද්‍යා විෂයන් හදාරන අපිට විභාගයට ලියන්න හැකි 11 වසරේදීයි. අපිත් තරුණයි අපේ චිත්‍ර මිසුත් තරුණයි. ඒ වගේම ඇය හරිම ලස්සනයි. මම ඇය ගැන කවියක් ලිවුවා. මෙය පන්තිය තුළ අතිනත ගියා. අන්තිමේදී එය අසුවුණා. ජුදාස් කෙනෙකු මා පාවාදුන්නා. නැග්ගුවා පුටුව උඩ. අද වගේ නොවෙයි. සවි ශක්තිමත් ලී පුටු. කැඩුනු පුටුවක කකුල් අතරට එන අඟලේ අඟලේ ලී හතරක් කැඩෙනතුරු ගැහුවා. මගේ කකුල් ඉදිමිලා ඇවිදගන්නත් බැහැ. අපි අදත් දණ නවන්නේ ඒ ගුරු දෙවිවරුන්ටයි (නි)
වීරකෝන්ගේ කියමනට මමත් එකඟ වෙනවා (නි)
සමහර ළමයි විතරක් නෙවෙයි ඔය ඇතැම් සල්ලිකාර ව්‍යාපාරික පවුල් වල යන්තම් ඉගෙන ගත්ත හාමිනේලා හිතන්නේ ගුරුවරුන් ඒගොල්ලන්ගේ දෙපා මුල වාඩි වෙලා ළමයාට උගන්වන්න ඕන කියලා . (කෞ)