හොරෝපතාන නගරයේ පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් අලෙවි කිරීමට සූදානමින් තිබූ තූල් නැමැති මත්කුඩු කිලෝ 2 මිලිග්‍රෑම් 100 ක් සමග ලී බඩු වෙළෙඳහල් හිමියකු අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.

සැකකරු හොරොව්පොතාන නගරයේ ලී බඩු වෙළෙඳ සල් හිමියෙකි.  

පොලිසියට ලද තොරතුරක් මත හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව්.එම්.එන්.අයි දයානන්ද මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් යුක්තියේ මෙහෙයුමට සමගාමීව මෙම වැටලීම සිදු කර ඇත.