
(එච්.එස්.ඒ.නන්දන)
ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරිදි පෙම්වතිය අසාධ්‍ය තත්වයෙන් අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.
අනතුරින් මෙලෙස මියගොස් ඇත්තේ පිළියන්දල පමුණුව පන්සල පාරේ පදිංචි ව සිටි කෝන්ගල උණංගලගේ පසිදු ලක්ෂාන් නමැති දහනව හැවිරිදි තරුණයෙකි. ඔහු සමග නාන්න ගිය පෙම්වතිය අම්බලන්ගොඩ කැනැන්ගොඩ ප්‍රදේශයේ පදිංචි විසි හැවිරිදි තරුණියකි.
මොවුන් දෙදෙනා කළුඅග්ගල දෙස සිට ලබුගම දෙසට යතුරුපැදියෙන් අධික වේගයෙන් ගමන් කරමින් සිටියදී පැල්පොළ ප්‍රදේශයේ අනාරක්ෂිත බෝක්කුවක් තුලට ඇදවැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයා සහ තරුණිය අසල්අවැසියන් එක්ව විස්සාවේල්ල මූලික රෝහලට රැගෙන කරන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
තරුණිය අසාධ්‍ය තත්ත්වයේ පසුවූ නිසා දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කිරීමට රෝහල් කාර්යය මණ්ඩලය ක්‍රීයාකර ඇත.
මෙම දියනෑමට යාමට මිතුරෙකුගෙන් යතුරු පැදිය ඉල්ලාගත් එකක් බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
2025 දෙසැම්බර් මස 30
33
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට