කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල කොමිසම අසලදී අන්තරේ සිසුන්ට රීප්ප පටිවලින් හා බැටන් පොලු වලින් පහර දුන් කාකි කබා කට්ටිය අඳුනාගෙනලු.
නීතිය දන්නා ප්‍රකාශකතුමා පහරදීම සාධාරණ බව එදා කීවාලු. තවත් අයත් එහෙම කීවාලු. එහෙත් ස්වාධීන කොමිසමෙන් දැන් ඔවුන් අඳුනාගෙනලු. චෝදනා පත්‍රත් ළඟදීම ලැබෙයිලු.
ඔවුන්ට විරුද්ධව විනයානුකූල ක්‍රියාමාර්ග අද හෙටම ගන්න යනවාලු. ගොඩ පෙරකදෝරුකම් කළ අය දැන් හොයාගන්නත් නැතිලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු මොනවා කිවුවත් ඕවා කාගේ අණ මත ක්‍රියාත්මක වෙන දේවල්ද කියලා අපි දන්නවා (නි)
පවිත්‍ර, ඔයා ස්වාසිලන්තේද ඉන්නේ. රටේ නීතියක් තියෙන්නේ එ්කට තමා. එකතුවීම අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් ඇති සේම ඒවා අදාල අවස්ථාවල නැවත්වීමට නීතිමය රාමුවට යටතේ ක්‍රියාමාර්ග තියෙන බව දන්නේ නෙද්ද?නීති ගරුක සමාජයක් බිහිකරමු (බ)
ඩී.උපුල්, නොමිලේ අධ්‍යාපනය කියන්නේ නුගතුන්ට සහතික පිනට දීමක් නෙවෙයි. අධ්‍යාපනයට අවශ්‍ය ප්‍රතිපාදන මොන මාර්ගයෙන් සපයා ගත්තත් ස්වකිය බුද්ධිය නැතුව වලංගු අධ්‍යාපන සහතික ලබාගන්න බැහැ. නොමිලේ අධ්‍යාපනය එය ප්‍රයෝජනයට ගත් නුවනත්තාට මෙන්ම එයින් පලක් නොගත් මුග්ධයාටත් එකම ආකාරයෙන්, සමව ලැබෙන දෙයක්. මේ නිසා, තමාට නොලැබුන නිසා, අනුන් ලබා ගත් අධ්‍යාපනයට "නොමිලේ ලැබුණු අධ්‍යාපනයක්" යැයි කීමෙන් නිර්වස්ත්‍ර වන්නේ ඔබගේ නුගත් කමයි. (ර)
මේ සිසුන් උද්ඝෝෂණ නොකරන තැනට බලධාරීන් ක්‍රියා කළා නම් මෙවැනි ක්‍රියා සිදුවන්නේ නැහැ. පොලිසියටත් හොඳ පාඩමක්, සීමාව ඉක්මවා කටයුතු කිරීම මින්පසුව සිදුවන එකක් නැහැ. (නි)
උද්ඝෝෂණ කරන්නේ අයිතිවාසිකම් වලට නිසි පිළිතුරු නැති නිසා .. විසුරුවා හරින්න බැටන් පොලු වලින් ඔලු පැලෙන්න අතපය කැඩෙන්න පහර දීම සාධාරණ නැහැ, එම පහර දීම් නිසා වෙන අතුරු ඵල ගුටි කාපු අයට ජීවිතය පුරා බලපානවා . උද්ඝෝෂකයින් මින් පසුව වත් මහජනතාව පිඩාවට පත්නොවන විදියට හැසිරුනොත් වඩා හොඳයි (බ)
මට නම් හිතෙන විදිහට ඇත්ත තත්වය ගත්තොත් ඔය කොස්තාපල්ලා අසරණයි උද්ඝෝෂණ කළ ළමයින්ටත් වඩා. (නි)
මේ සුනඛයින් වහාම සේවයෙන් නෙරපා දඩුවම් කළ යුතුය (බ)
අයිතිවාසිකම් විතරයි. රට වෙනුවෙන් යුතුකම් නැහැ. (නි)
ඒ නිදහස් අධ්‍යාපනයම ලබාගෙන ඉහලට ගිය උන් ..දැන් කියනවා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කරන ශිෂයන්ගේ ඔලු පලන එක සාධාරණයි ..පාරේ මිනිස්සුන්ට අවහිර කරන එක අසාධාරණයි කියල. මේ මොන මිනිස්සුද..? (රේ)
හැම දේකටම පාරවල් හරස් කරගෙන බලහත්කාරකම් පාන කොට ඒවා විසුරුවන්නේ නැතුව මිනිස්සු වාහන වල ගාල් කරලා දවස් තිස්සේ මුන්ගේ අමාරු හොඳ වෙනකම් තියන්න වෙන්න ඇති මේ කොමිසම යන්නේ.යහපාලානේ බේරා ගන්න කොමිසම මේ පොලිස් කාරයෝ ටික බිල්ලට දීල...(බ)
මිනිස්සුන්ගේ ඔලු පලන එක හරි කියන අයත් ඉන්නවා. (ර)
අන්තිමේදී නියෝග දුන් අය ගොඩගියා. ඒ ළණුව කාපු පොලිස් පොඩ්ඩෝ බෙල්ල කපාගත්තා (නි)
පොලිසිය හිතාගෙන ඉන්නේ එයාලට ඉහළින් කවුරුවත් නැහැ කියලා (නි)
අපේ රටේ සාක්ෂරතාවය මෙතරම් ඉහල අගයක තිබෙන්න ප්‍රදාන හේතුව නිදහස් අද්‍යාපනය.(ර)
නොමිලේ අධ්‍යාපනයේ වරද. (නි)
මහජන ආරක්ෂාවට තර්ජන වන පරිදි අතීතයේදී සිදුවූ මෙවැනි ක්‍රියා නිසා කැරලි මර්දන පොලිස් හමුදාවක් පිහිටුවීමට රජයට සිදුවී පොලිසියේ අවවාද වලට මෙල්ල නොවූ උද්ඝෝෂකයින්ගේ ජීවිත අහිමිවූ අවස්ථාද ඇත. එබැවින් මෙසේ දඬුවම් දීමට ගන්නා තීරණ ගැන නැවත සිතාබැලිය යුතුය (නි)
උද්ඝෝෂණ කරන එක ශිෂ්ට සමාජයක අයිතියක්. ඒවා වළකන්නත් ඕනෑ ශිෂ්ට විදියට. එහෙම නැතුව පහරදීලා ඔලු පළලා අතපය කඩලා නෙමෙයි. මේක ඉතාම හොඳ ප්‍රවණතාවක් (නි)
සිසුන්ගේ ඉල්ලීම සාධාරනයි. නමුත් පාරවල් හරස් කරන්න අයිතියක් නැහැ. පොලිසියට කදුළු ගෑස් ගහලා වතුර විදලා එළවන්න තිබුනේ. බැටන් පහර දෙන්න කිසිම අයිතියක් නැහැ. මේ අයට දරුවෝ නැද්ද? (නි)
ඒක තමයි පවිත්‍ර. කතාව ඇත්ත (නි)
මිටි තැනින් ජලය ගලායයි. (නි)
මමත් පවිත්‍ර, ඩී. උපුල් ගේ අදහස් වලට එකඟයි. පිටබැද්දර ජයා, ඔය කියන කතාව හරි. නමුත් මේක හරිම කරදරයක්. අපේ රටේ හැමදේටම උද්ඝෝෂණ පවත්වනවා, පාරවල් හරස් කරගෙන. මම ගොඩාක් රට වල වැඩකරලා තියෙනවා, මෙවැනි කෝළම් කොහෙවත් දැකලා නැහැ. (නි)
නියමයි. ජයවේවා යහපාලනයට! (නි)
හොඳ වෙලාවට පොලිස් කොමිසම තිබ්බේ. ළමයින්ගේ වාසනාව. (බ)