විකිණීමට සුදානම් කර තිබු කකුළුවන් මිලදීගෙන ආපසු කලපුවට මුදා හැරීමේ වැඩපිළිවෙළක් කඩුවෙල මහමෙව්නාව බෝධිඥාන භාවනා අසපුව මඟින් ක්‍රියාත්මක කර ඇත.
කකුළුවන් වෙළඳාම සඳහා තබාගන්නේ පන පිටින්ය.
මෙම අභයදානමය පුණ්‍ය කර්මය සඳහා එම අසපුවේ "ගෞතම දරුවෝ" යොවුන් බෝධිඥාන සභාවේ පින්වතුන් සමඟ මහාසංඝරත්නය සහභාගීවුහ.
"මරණය මිනිසුන් ඇතුළු ඕනෑම සත්වයෙකු හට දැනෙන ලොකු ම බිය බවත් එම බියෙන් කවර හෝ සත්වයෙකු නිදහස් කිරීම මහත් ඵල මහානිසංස ලබාදෙන අගනා පුණ්‍ය කර්මයක් බවත්" මෙම වැඩපිළිවෙල සම්බන්ධයෙන් අදහස් දැක්වූ යොවුන් බෝධිඥාන සභාවේ සාමාජිකයෙක් පැවසුවේ.
තවදුරටත් අදහස් දැක්වූ ඔහු දීර්ඝායු සම්පත් ලැබීමටත් අකල් මරණයන්ගෙන් නිදහස් වීමටත් උපකාර වන මේ උතුම් පුණ්‍ය කර්මසඳහා උපකාරිවු සහභාගිවූ සියලුදෙනාටම පුණ්‍යානුමෝදනා කරන බවද මින් ඉදිරියටත් මෙවන් අභයදානමය පින්කම් සිදුකිරීමට බලාපොරොත්තුවන බවද පැවසීය.
මෙම පුණ්‍යකර්මය සඳහා සහභාගිවීමට කැමති සියලුමදෙනා [email protected] යන විද්යුත් තැපෑලෙන් විමසන ලෙසටද සංවිධායකයින් ඉල්ලීමක් කර ඇත.
(ඡායාරූප - ශ්‍රද්ධා රූපවාහිනිය අනුග්‍රහයෙනි)























COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම අගය කරන්න ඕනේ.මේ දේවල් සත්ත්ව හිංසනයට හොද පිං වැඩක් (අ)
සිරි සමන්තභද්‍ර හාමුදුරුවන්ගෙ උපන්දිනේට කකළුවන් එහෙමත් උයල තිබ්බ කියල ආරංචියි - අනේ මෙහෙමත් පොළොව ණුහුලන පාප කර්ම කරල සංසාරෙ කවදා නිවන් දකින්නද? -(නදී)
මෙමඟින් නිදහස් කිරීම සඳහා යැයි කියමින් පණපිටින් කකුළුවන් ඇල්ලීමට දිරිමත් විය හැක. (නි)
කළපුවටම නිදහස් කළහම ආයේ උන්ව අල්ලන් ඇවිත් විකුණයි නේ. හැබැයි ඉතින් උපන්දින සමරන්න සමහර ශ්‍රමණ වේශධාරීන් කකුළුවෝ බදින වෙලේ මේක අගය කළ යුතුයි.(දිල්)
ගොඩක් පින් ,නැවත, නැවත, මෙවැනි පිංකම් කරන්න ලැබේවා.(දිල්)
සත්වයකුගේ වූවත් පණ බේරීම සඳහා මේ ගන්න උත්සාහය අගය කළ යුතුයි (දිල්)
නමෝ බුද්ධාය! එම පින්කමේ පින්තූර මෙහි පළ කරන්නට හැකි නම් ලබා දිය හැකියි. එ පින්තූර බලන්න පිරිස කැමති වේවි !(දිල්)
ගොඩක් පින් ,නැවත, නැවත, මෙවැනි පිංකම් කරන්න ලැබේවා.(හේ)