කාන්තා ලිංගික ශ්‍රමිකයින් 35000 – 47000 ක් අතර ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ වෙසෙන බවටත් ඔවුන් දිනකට අවම වශයෙන් සහකරුවන් 70000 – 94000 ක් අතර ප්‍රමාණයක් ඇසුරු කරනු ඇති බවටත් ලිංගාශ්‍රිත රෝග හා එච් අයි වී ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයේ විශේෂඥ දර්ශණි විජේවික්‍රම මහත්මිය පවසයි.
එච් අයි වී අසාදනයට ලක් වු ආකාරය පිරික්සීමේදී විෂම ලිංගික සම්බන්ධතා හේතු වී ඇති බවත් එහිදී මෙම කාන්තා වෘත්තිකයන් අධි අවධානම් කණ්ඩායමේ ඉදිරියෙන් සිටින බවද ඇය පෙන්වා දෙන්නීය.
‘ලෝකයේ සමස්ත එච් අයී වී ආසාධිත සංඛ්‍යාව තුන්කෝටි හතලිස් ලක්ෂයක් පමණ වන බවට මේ වන විට ඇස්තමේන්තු කොට තිබෙනවා.2011 වර්ෂයේදී පමණක් දිනකට නව ආසාදන 7000 ක් ඉක්මවා තිබෙනවා.මෙම පිරිසෙන් සියයට අනු හතක්ම අයත් වන්නේ අඩු හා මධ්‍යම ආදායම් ඇති රටවලටයි.
ගිනිකොන ආසියා කළාපයේ එච් අයි වී ආසාධිත මිලියන 2.5 යි 2001 වර්ෂයේදී ආසාදිත සංඛ්‍යාවට වඩා 7000000 ක අඩු වීමක්. එහෙත් ඉන්දියාව ,ශ්‍රී ලංකාව,බංගලාදේශය ,පිලිපීනය,ඉන්දුනීසියාව වැනි රටවල එච් අයි වී ආසාදන ඉහළ යමින් පවතිනවා.‘
ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයේ වෛද්‍ය මංජුලා රාජපක්ෂ මහත්මියද පොළොන්නරුව මහ රෝහලේ ලිංගික බෝවන රෝග මර්ධන සායනයේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරී නිහාල් ජයවීර එම වෛද්‍ය සායනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී ඒ ඩී සී ඩී බාලචන්ද්‍ර යන මහත්වරුද කතා කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනත් විදේශ රටවල් වගේ ඕක නිත්‍යානුකුල කරලා රජයට බදු මුදලකුත් අය කරලා, සෑම කාන්තාවක්ම වෛද්‍ය සහතිකයක් ළඟ තබා ගැනීමක් ඇති කරලා, රටේ රැකියා විරහිත ප්‍රශ්නයට පිළිතුරක් සහ ලිංගාශ්‍රිත ලෙඩ රෝග නැති කිරීමට පියවර ගන්න (නි)
සියලුම වර්ගයේ සමාජ රෝග වලින් ඉවත් වී නිරෝගී දිවියක් ගත කිරීමට ඇති හොඳම මඟ නම් දෙපාර්ශවයම තමාට එක විරුද්ධ ලිංගික සහකරුවකු තබා ගැනීමයි. නමුත් නොයෙකුත් හේතු නිසා එසේ කර ගැනීමට නොහැකි අයද අපමණ සිටි. නන්නාඳුනන දෙදෙනෙකුගේ සිරුරු තැවරීමෙන් පවා විවිධ සමේ රෝගද හට ගනී. ඒඩ්ස් වලට අමතරව තව කොතෙක් වත් සමාජ රෝග තිබෙන අතර කවුරුත් නරඹන රූපවාහිනියෙන් හෝ වැඩිහිටියන් සඳහා පමණක් කාලයක් වෙන් කර වෛද්‍ය වරයකු ලවා වැඩසටහන් මාලාවක් දිගටම ක්‍රියාත්මක කිරීමද රුපවාහිනී නාලිකා මඟින් අවශ්‍ය නම් කළ හැකිය. (ස)
හොදට තියේවි මහත්තයෝ, ආණ්ඩුවත් බර බද්දක් ගනීවි. (නි)
පිටරට වල ඉදලා එන අයව පරීක්ෂා කරලා ගන්න තියෙන්නේ. (නි)
ඒඩ්ස් රෝගය පිළිබදව පෝස්ටර් ව්‍යාපාරයක් සෑම නගරයකම දියත් කළ යුතු අතර, පාසල් ළමුන් සෑම කෙනෙක් හටම ලිංගික රෝග පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කළ යුතුය (නි)
අබේසිංහ සමඟ එකඟයි, විදේශ විනිමයකුත් උපයන්න පුළුවන්, ආරම්බයේ දී අවුරුද්දක බදු සහනයක් දෙමු.හොඳ ඇමතිවරියකුයි, නියෝගය ඇමතිවරියකුයි පත් කරමු. (ස)
ඔන්න ඕනෑ නරක වැඩක් කරන අයව අනුමත කරන අයට හිතන්න දෙයක්.කොහොමත් ලෝක වාර්තාවක් වේවි. මොකද ලිංගිකත්වය කියන වචනේ අන්තර්ජාලයේ පාවිච්චි කරලත් වාර්තාවක් තැබුවනේ. (නි)
සැපයක් නම් නැත කම් රස කෙළියේ. (නි)
සැපයක් යැයි නරුමයො පෙම් කෙළියේ... (නි)
නමුත් ලිංගික ශ්‍රමිකයෝ ආසාවට එම කාර්යයේ නියැලෙන අය නෙමෙයි. (නි)
එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් කළ සමීක්ෂණයකදී ලංකාවෙන් සහභාගි කරවාගත් (පුරුෂ) නියැදියේ 14.5% තමන් ස්ත්‍රී දුෂණයේ යෙදී තිබුන බව ප්‍රකාශකර තිබුණා. ඉන් 96.5% කට එරෙහිව නඩු පැවරීමක් සිදුව තිබුනේ නැහැ. ඒ පිරිසෙන් 65.8% තමන් කළ අපරාධය ගැන පසුතැවිලත් නැහැ. ප්‍රධාන හේතුව? සංතෘප්ත නොවූ දැඩි ලිංගික හැගීම්. දියුණු රටවල ගණිකා වෘත්තිය නීතිගත කර තිබීම කාම අපරාධ, විශේෂයෙන් ස්ත්‍රී දුෂණ අඩුවීමට ලොකු හේතුවක්. ලංකාවේ "බොරු" සුචරිතවාදීන් ගණිකා වෘත්තීය නීතිගත කිරීම දකින්නේ හරියට මහපාර මැද්දේ ඒ දේවල් කරන්න අවසර දුන්නා වගෙයි. විධිමත්ව, පාලනයකට නතුකොට කළයුතු දෙයක් ඒක. එහෙම වුණා නම් ඔය එඩ්ස් වලින් මැරෙන්න ඉන්න 94000 ත් ජීවත් වෙනවා. අපේ ගැහැණු දරුවන්ව අතවර වලට ලක්වීම සෑහෙන දුරකට අඩුවේවි. (නි)
ඒ ගණන දෙගුණ තෙගුණ වුණොත් අපි කොහෙද ඉන්නේ? (නි)
අපේ අහිංසක ළමුන් ටික බේරාගන්න නිත්‍යානුකුල කළා නම් ඉවරයි. අමුතු දෙයක් නෙමෙයිනේ. රජ කාලේ ඉදලා තිබුන දෙයක්නේ. ඉස්සර ඒවා තිබුණු නිසා මිනිස්සුන්ගේ විනයක් තිබුණා. දැන් නැති නිසා කොහෙන් හරි ආශාවන් ඉටු කරගන්න ගියාම වන්දි ගෙවන්නේ අහිංසක මල් කැකුළු. බුදු හාමුදුරුවෝ හැම කම් සැපක්ම විදි නිසා තේරුම් ගත්තා මේ දේවල් අනිත්‍යයි කියලා. ඒක තේරුම් ගන්න මිනිස්සුන්ට ඉඩ දෙන්නේ නැත්තම් කවදාවත් මිනිස්සුන්ව යහමගට ගන්න බැරි වෙනවා. (නි)
මේ සදහා අනුමත ක්‍රම භාවිතා කිරීම මගින් මෙම රෝග පැතිරීම අවම කරගන්න පුළුවන් (නි)
යමක් නීතිගත කරන්න හෝ දැඩිව තහනම් කරන්නවත් ඕනෑ නැහැ (නි)
කමල්, ඔයා දන්න දෙයක් ගැන කතාකරන්න.... (නි)
කොහෙද අප්පේ මෙච්චර ඉන්නේ? (නි)
ලෝකයේ ලොකුම ඇමති මණ්ඩලය සිටින රටේ ගණිකා වෘත්තීය භාර ඇමතිවරයෙකුත් පත් කළොත් නරකද? (නි)
ලිංගිකත්වය,ගණිකා වෘත්තිය කියන වචන ටික ඇහුණ ගමන් බොහොම හදිස්සියේ කලබලවෙලා දුවගෙන ඇවිල්ලා, නිත්‍යානුකුල කරන්න ! නිත්‍යානුකුල කරන්න ! කියමින් දගලන පිරිසක් බිහිවෙලා.හැබැයි මේ අය රටේ වෙන කිසිම දෙයකට අදහසක් ලියන්නේ නැහැ,අනිත් කාරණේ තමා මෙයාලා හරියට කම් සැප විදීම තහනම් කරපු රටක ඉන්නවා වගේ කලබලයි. (නි)
මේක නම් කතා කල යුතුම විෂය ධාරාවක්. කලින් රටේ මාහා ගාලගෝට්ටියක් තිබුනනේ ජේම්ස් පැකකෙර්ගේ කැසිනෝ එක ආවොත් එක ඇතුලේ ගණිකා නිවාස පටන්ගනියි අරවද මේවද කියල. ඉතින් ඒ කැසිනෝ එක එන්නත් කලින්නේ මේ 50,000 කිට්ටු කට්ටියක් ලංකාවේ මේ රැකියාව කරගෙන යන්නේ. ඒකට මොකද දන්නේ නැහැ කෑගහන කට්ටිය කියන්නේ? ඔය ඔක්කොම ගෝසා දේසපාලන වාසී තකා හා කතා කිරීමට දෙයක් නොමැති නිසා කරන දේවල්. ඔය කෑගහන එක්කෙනෙක්වත් කැසිනෝ සංකීරණයක් ඇතුලට ගිහිල්ලා තියා, පින්තුරයක් වත් දැකල තියෙනවද දන්නේ නෑ. තට්ටු 35-40 බිල්ඩිමක තට්ටු 3-4 තමයි සුදු සෙල්ලම් කිරීම කෙරෙන්නේ.අනිත් තට්ටු වල රජයේ හා පුද්ගලික අංශවල කාර්යාල ,කඩ සාප්පු ,හෝටල්, සිනමා ශාලා, සම්මන්ත්‍රණ ශාලා ,දරුවන් සදහා වෙන්වූ ක්‍රීඩාගාර,පිහුනුම් තටාක ඇතුළු කි නොකි දහසක් දේවල් එයට අයත් වෙනවා. ඔය දැන් කෑගහන අය දන්නවා අපි හැමෝටම ඔය ස්ථානයට සුදු සෙල්ලම් කිරීමට යා නොහැකි බව.නමුත් ඒ බව ,ඔවුන් ප්‍රසිදියේ කියා සිටින්නේ නැහැ. කතාව හරියට, අපිට කෑම පැයේ ටින් ගලා ගිහිල්ල සුදුවක් කෙ..ලා කියක් හරි හොයාගෙන එන්න පුළුවන් වගේ. අපිට බඩගින්නක් හැදුනොත් දවල්ට බත් කන්න හිල්ටන් එකට යන්න පුලුවන්ද? බැනේ .ඒවගේ තමයි අපි හැමෝටම සුදු සෙල්ලම් කරන්න මේ කැසිනෝ සංකීරණයට යන්න බැහැ. ඔය කට්ටිය 5000 කට ආසන්න ලාංකිකයන් පිරිසකට ලැබෙන රැකියා අවස්ථා ගැන කතා කරන්නේ නැහැ. ගේම්ස් පැක්කෙර් ඉලක්කය ශ්‍රී ලන්කිකකයන් නොව ඉන්දියානු , චීන,ආසියානු දන කුවේරයන් හා සුදු අන්තුවන් . ඉතින් අපි මේ කැසිනෝ සංකීරණය පිලිබදව බියක් ඇති කර ගැනීම අවශ්‍ය නොවන බව මගේ හැගීමයි. මේ ලෝකය පවතින තාක් කල් ගණිකා උවදුර මෙලොවින් තුරන් කල නොහැක. නිතියානු කිරීමයි එකම විසදුම. කතාවෙන් ටිකක් පිට පැන්න.කතාව දිග වැඩි වෙනවා.කියවන්නත් එපවේවි. ඉතුරු ටික පස්සේ දවසක කියන්නම්. (අ)
ඉබ්බා දියේ දාන්න හදනකොට ඈන්නෑවේ කිව්වලු. දී කිරට බළල්ලුත් සාක්කිලු. (නි)
මේක නීත්‍යානුකූල කරන්න කියන අය පළමුව තමන්ගේ ගෙදර අයව යොදා බලන්න කොච්චර හොදද කියලා (නි)
නෝනලා කට්ටිය මේ ප්‍රවෘත්තියට අදහස් පළකරනවා අඩුයි වගෙයි පෙනෙන්නේ. බලාගෙන ඇති අනිත් අය කියන්නේ මොනවද කියලා. (නි)
කතා කලොත් මහා සංස්කෘතිය, මහා සභ්‍යත්වය,කෙරුවාවන් රෙද්ද පල්ලෙන් බේරෙනවා (අ)
සිරිදාස පින්වත, ඔබ හරියට හරි (නි)
මොහාන්, යම් දෙයක ගැන අදහසක් දෙන හැමෝම ඒ දේ තමාම කලයුතු ම නැහැ. බස් එකේ ටිකට් දෙන්න කියන අය කොන්දොස්තරලා වෙන්න ම ඕනේ ද ? මෙවැනි දේ බලහත්කාරයෙන් පාලනය කරගෙන ඉන්න කොට, සුළු හෝ අවස්ථාවක් ලද විට අපරාද කරුවන් ගොදුරු කරගන්නේ අහිංසක දැරිවියන්, කාන්තාවන්. මේක නීත්‍යනුකුල කරන්න කියන්නේ ඒ කයි (අ)
ආසාවේ බැහැ දැන් ලංකාව ගැන (නි)
චමත් කිරි ගහට ඇන්නා වගේ කිව්වා. ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර. (නි)
ලොකුවට අකමැත්ත පල කලාට කවුරුත් අකමැති නැති දෙයක් තමා මේක.බොරු ඕන නෑ. ඒත් අපිට පවුලක් විදියට ගරුත්වයකින් ඉන්න පුළුවන් සංස්කෘතියක් තියෙනවා.අම්මා, අක්කා, නැන්දා , දුව, පුංචි කියලා ගරුත්වයකින් ඉන්න පුළුවන් සම්බන්ධකම් ගොඩක් තියෙනවා.ඒත් ගණිකාව කියන චරිතය මේ අයගෙන් ඉටු වෙන එක ලොකු අවුලක්.ඉතින් මොන නීති ගෙනාවත් කමක් නෑ. මේ සම්බන්ධකම් ගරුත්වයකින් පවත්වා ගෙන යන්න පුළුවන් විදියට.අපි ඔලුවෙන් කල්පනා කරලා මේ වගේ දේවල් කරන්න ඕන.මේවා පවුල් අවුල් නොකරන විදියටයි වෙන්න ඕන.අනික ගණිකාවක් ඕනි වෙන්නේ කාටද? සමස්ත ලංකාවටම ද? වයස් සීමාවක් තියෙනවද? පාසල් ළමුන්ට වුනත් අවහිරයකින් තොරව ඕනෙම දෙයක් කරන්න පුලුවන්ද? නව යොවුන් විය කියන්නේ අසාවන් පසු පස හඹා යන අවදියක්.ඉතින් නීතිගත කලොත් කොහොම වේද? සමාජයක් යහපත් වෙන දේවල් වලට මුල් තැනක් දෙන එක තමා වැදගත්.ඔළුගෙඩි වලට යහපත් දේවල් දුන්නොත් පුංචි කාලෙ ඉඳලම, ගණිකාවක් ඕනි වෙන එකක් නෑ සතුටු වෙන්න. (ස)
ඇමෙරිකාව දියුණුම රට ලෙස අපි හිතනවා නම් අමෙරිකාවේද ගණිකා වෘත්තිය නීති ගත කර ඇත්තේ ප්‍රාන්ත කිහිපක පමණක් බව කියවේ. ලිංගික ඇසුර පිළිබඳව ලංකාවේ ප්‍රධාන රජයේ රෝහල් වල සතියකට දිනක් නොමිලේ පවත්වනු ලබන සායනයට සහභාගී වීමෙන් සමාජ රෝග වලින් ආරක්ෂා වීමට දැනුම ලබා ගත හැකි අතර පාසල් මට්ටමේ සිටම සියලු දෙන දැනුවත් කිරීමට පෝස්ටර් ව්‍යාපාරද ලොකු රුකුලක් වනු ඇත. (ස)
මෙයත් ලෝක වාර්තාවක් විය හැකියි? (ස)
කාන්තාවන් මුදලට සිරුර විකිණීම නීතිගත කර ඇති රට වලද එම සේවය ලබාගන්නන්ගේ ප්‍රවේශම සඳහා අදාල විධිවිධාන භාවිත කරන ලෙස ඉල්ලා ඇති දැන්වීම් පුවරු දැක ගත හැකිය. නෙදර්ලන්තයද නීතියෙන් මේ සඳහා ඉඩ දී ඇතත් දැනට 0.2% ක් ඒඩ්ස් රෝගීන් සිටින බව කියැවේ. ලංකාවේ ඇත්තේ තවම 0.1% ටත් වඩා අඩුවෙනි. එබැවින් මෙය නීතිගත කරන්නට ගොස් මහා දේශපාලන සහ සංස්කෘතික ගැටළු රාශියකට මුහුණ දෙනවාට වඩා කරගන්නා දෙයක් ආරක්ෂාකාරීව කරගන්නා ලෙස උපදෙස් ජනතාව අතරට පත් කරන ක්‍රම ගැන සිතීම වඩා උචිතය. (නි)
නිත්‍යානුකුල කරලා සෞඛ්‍යාරක්ෂිත ක්‍රම භාවිතය අනිවාර්ය කලා නම් ඉවර නේද ?? (ස)