මෙරට රජ සමයට හා ලන්දේසි යුග වලට අයත් බවට සැකකරණ පෞරාණිික කාසි, සහ පුරා විද්‍යා වටිනාකමකින් යුතු කිල්ලෝට තොගයක් රැගෙන මෙරටින් පිටවීමට උත්සහ කළ ඉන්දියානු ව්‍යාපාරිකයෙකුට රුපියල් දස දහසක දඩයක් නියම කළ රේගුව එම කාසි සහ කිල්ලෝට සියල්ල රාජසන්තක කළේය.
අත් අඩංගුවට ගනු ලැබූ කාසි අතර වර්ෂ 1734, 1746, 1751, සහ 1765 ගනන් වලට අයත් ලන්දේසි වී. ඕ.සී කාසි 27 ක් ද තවත් පැරණි කාසිද, කෞතුක වටිනාකමක් ඇති කිල්ලෝට 10 යක්ද වූ බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක, රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමණී මහතා පැවසීය.
සැකකරු 51 වියැති ඉන්දියාවේ කෞතුක භාන්ඩ ආයතනයක හිමිකරුවෙක් බව රේගුව කියයි.
මෙම කෞතුක භාන්ඩ රාජගිරිය ප‍්‍රදේශයෙන් මිලදී ගත් බව මොහු රේගු නිලධාරීන්ගේ ප‍්‍රශ්ණ කිරීම් හමුවේ පවසා ඇත.
මීට දින කිහිපයකට පෙර මෙරටට පැමිණ ඇති සැකකරු මෙහි පැමිණි පලමු අවස්ථාව මෙය බවද රේගුව අනාවරණය කරගෙන ඇත.
සැකකරු ජෙට් ගුවන්සේවයට අයත් එස්.ජී 3316 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ මදුරෙයි බලා පිටත්විමට පැමිනි අවස්ථාවේදී රේගු ජෛව විවිදත්ව ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහුගේ ගමන් මලූවල මෙම පෞරණික භාන්ඩ තිබූ බව රේගුව කියයි.
පුරා වස්තු ආඥා පනත යටතේ 1815 ට පෙර භාන්ඩ කිසිවක් අපනයනට තහනම් බැවින් මොහු මෙම භාන්ඩ සමග අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් පිට ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ රේගු ජෛව විවිධත්ව සහ ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුනසේකර සහ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඩබ්ලිව්.ඒ.ආර්.එච් වංශතිලත යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී අයි. බාලසූරිය, නියොජ්‍ය රේගු අධිකාරී එච්. ගුරුගේ සහකාර රේගු අධිකාරීවරුන් වන හසන්ත කෞසල්‍ය, සහන් ජයසිංහ, ඒ.කේ.ආර් සමන්ජිත්, ජේ.කේ.එල්.එස් පෙරේරා, අයි.එම්.එල් දුෂ්‍යන්ත සහ සොනාලි ලොකු බාලසූරිය යන නිලධාරීහු සිදුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රථමයෙන් අපේ රෙගු නිලාදරිනට (චාලිස් එන්ජල්) කණ්ඩායමට උත්තමාචාර! අද වනවිට දිනපතාම ලැබෙන ප්‍රවෘත්ති අතර රේගුවට අසුවන වංචා සුලබයි. දැන් ගෙවෙමින් පවතින්නේ 2013 වසරයි. පුරා වස්තු ආඥා පනත වෙනස් කල යුතුයි. වසර 100 යකට එහා සියල්ල පුරාවස්තු විය යුතුයි. අපට වටිනාකමක් නැතී, විදේශිකයනට වටිනා, සියල්ල හොර රහසේම රටෙන් පිට කර අපගේ අභිමානය විනාස කර දමන මෙම දේශිය හොරුන්ට දැඩි දඩුවම් දිය යුතුයි.(නදී)
අවුලක් නැහැ මිනිහා ලබන සැරෙත් ඒවි කෞතුක බඩු අරන් යන්න. මොකද දඩය දහදාහක් විතරයි නේ. ඕක හිගන්නෙක්ට වුනත් ගෙවන්න පුළුවන් ගානක් නේ.(නදී)
ගහන්න තිබුනේ ලක්ෂ විස්සක් විතර (නි)
අපේ රටේ මිනිස්සුන්ගේ බරපතල වැරදි මේවා...අපේ අනාගත පරපුරට මොනවද අපි දායද කරන්නේ? (නි)
පොල් කඩපුවහම පනස්දාහක් ගහන ලංකාව මේ වගේ රජ කාලේ හොරකමකට දහා දාහයි. දැන් ලංකාව කෝලන් මඩුවක් වගේ.(නදී)
අපේ රටට පැමිණෙන සියයට 95 ක් පමණ ඉන්දියානුවන් සහ පකිස්තාන් කාරයන් අපේ රටට කුඩු ගෙන ඒමත් අපේ රටේ වටිනා වස්තු ඔවුන් රැගෙන යාමත් නැතිනම් සංචාරක කාලය පසු වෙලත් ලංකාවේ රැකියාවක් වෙළදාමක් කර අපේ ජාතික ධනය ඔවුන් ගේ රටට සුරා ගෙන යාමත් කරන්නේ. මොවුන්ට ගසන දඩය වැඩි කල යුතුයි. රේගු නිලදාරීන්ගේ කාර්යක්ෂම භාවයට සේවයට මගේ ප්‍රණාමය.(නදී)
අපේ රටේ මිනිස්සුන්ගේ වැරදි තමා. ගහලා තියන දඩය වැඩි නැද්ද මන්දා?(නදී)
සංචාරයට ආපු ඉන්දියන් වෙළෙන්දෝ පුරාවස්තු අරන් යනවා. පාරවල් හදන්න ආපු චීන කම්කරුවො හිරිගල්, මුහුදු පැළෑටි අරන් යනවා. දෙගොල්ලෝ එකතුවෙලා ලංකාවක් හදන්නවත් යනවද, ඉන්දු-චීන දේශ සීමාවෙ? (නි)
ජෙෆ් , නිල් , බොහොම නිවැරදීව කියල තියෙනවා අපේ නීති වල සමහර තැන් යාවත්කාලින කලයුතුමයි. මංගල, හොඳ වැඩකට හොදයි කිව්වනම් තමයි හොඳ. රේගුවත් කටයුතු කරන්න වෙන්නේ යල් පැනපු සමහර නීති එක්ක. හිතෙන හිතෙන දඩ ගහන්න බෑ. ඔය බඩු රාජසන්තක කරපුවමත් අර මිනිහට විශාල පාඩුවක් වෙනවා කියන එක සම හරකුන්ට නොතේරෙන එක පුදුමයක්.(නදී)
ඇත්තටම දඩයනම් මදි , රුපියල් ලක්ස 2 ක් 3 විතර දමලා අරින්නයි තිබුනේ. අනික මේ ඉන්දියන්කාරයෝ ගැන නම් මීට වඩා ටිකක් උනන්දුවෙන් ඉන්න මහතුනේ.(නදී)
1815 වර්ෂය සංශෝධනය කිරීමට දැන් කාලෙ හරි. නිදහස ලැබීමට පෙර යුගයට අයත් භාණ්ඩ අපනයනය තහනම් වන සේ පුරාවිද්‍යා පනත සංශෝධනය කිරීමයි වඩාත් සුදුසු. (නි)
රේගුවට අහුවුනු රජකාලේ කිල්ලෝට දිහා බලනකොට ,අපේ මුතුන් මිත්තෝ බුලත් විට කන්න පටන්ගෙන කොපමණ කාලයක් පරණද හැබෑට? (නි)
මේවා විකුණූ අයටත් දඩුවම් කරන්න ඕනෑ (නි)