IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලන්ඩනයේදී නිල් සහ කොළ හාමු වෙයි

පසුගියදා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාවේ සහ එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ සාමාජිකයින් අතර සුහද ක්‍රිකට් තරගාවලියක් පැවැත්විණි.

එම්.එච්.මොහමඩ් කුසලානය සහ පරාක්‍රම රණසිංහ  අනුස්මරණ කුසලානය ලෙස නම්කර තිබු තරගාවලිය සඳහා පක්ෂ දෙකෙහිම සාමාජික සාමාජිකාවන් මෙන්ම ඔවුනගේ හිත මිත්‍රාදීහු විශාල සංඛ්‍යාවක් සහභාගිවුහ.

1976 දී බ්‍රිතානයේ එක්සත් ජාතික පක්ෂ ශාඛාව ආරම්භ කිරීම සඳහා හිටපු ජනාධිපති ජේ. ආර්.ජයවර්ධන මහතා සමඟ පුරෝගාමීව ක්‍රියාකළේ එම්.එච්. මොහොමඩ් මහතාය.

හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලන්ඩන් ශාඛාවේ සභාපති ලෙස පත් කැරුණු පරාක්‍රම රණසිංහ මහතා එම ශාඛාව වැඩිදියුණු කිරීම සඳහා ඉමහත් වෙහෙසක් ගෙන ක්‍රියා කළේය.

වෘතියයෙන් නීතිඥයෙකු ලෙස කටයුතු කළ ඒ මහතා ලන්ඩන් නුවර ශ්‍රී ලාංකිකයින් බොහෝ සංඛ්‍යාවකට අගනා සේවයක් සලසන අයකු  වශයෙන් ජනාදරයට පත්ව සිටියි.

මෙම සුහද ක්‍රිකට් තරගාවලිය එම දෙදෙනාගේ නමින් ඉදිරිපත් කිරීමට තීරණය කරන ලද්දේ ඔවුන් විසින් පක්ෂ ශාඛාවන්ට මෙන්ම පොදුවේ ශ්‍රී ලාංකිකයින්හට ලබාදෙන ලද සුවිසේශී සේවාවන්ට ගරු කිරීමක් වශයෙනි.

" අලියා එන්ටර්ටෙන්ට්මෙන්ට්" සමාගම අනුග්‍රහය දැක්වීය.

ඕවර් 30 කට සීමාවූ පළමු තරඟයේ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමේ නායකත්වය දරන ලද්දේ දිලාල් තිලකරත්න විසිනි.

චුලා ද සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේය.

කාසියේ වාසිය දිනු එජාප කණ්ඩායම මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය.ඕවර් 30 අවසානයේ ඔවුහු ලකුණු 198 ක් ලබාගත්හ. ලකුණු 55ක් රැස් කළ දිල්ශාන් එම වාරයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා විය. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී.ල.නි.ප කණ්ඩායමට ඕවර් 30 අවසානයේ කඩුලු  9ක් දැවී ලකුණු 195 රැස්කිරීමට සමත් විය. 

එම තරඟය එජාප කණ්ඩායම ජයගත්තේ ලකුණු 3 කිනි. හොඳම පිතිකරු ලෙස දිල්ශාන් තේරුණු අතර හොඳම පන්දු යවන්න වුයේ ෆ්රෑන්ක් ය. නසොමි හොඳම ක්‍රීඩකයා  විය.

ඕවර් 40 තරඟයේ ජය ශ්‍රී.ල.නි.ප. ශාඛාවට හිමි විය. 

 



අදහස් (0)

ලන්ඩනයේදී නිල් සහ කොළ හාමු වෙයි

මහේෂ්‍ Thursday, 17 July 2014 12:32 AM

මෙහෙත් මෙහෙම වෙනවා නම් සතුටුයි (නි)

:       0       0

දිසා Thursday, 17 July 2014 02:25 AM

අපි ලංකාවේ එක අම්මගේ දරුවන් වෙමු. (නදී)

:       0       0

චන්ද්‍රා Thursday, 17 July 2014 03:31 AM

එහෙ පුලුවන් නම් මෙහෙ බැරි මන්ද? මෙහෙත් එහෙමම කරන්න (නදී)

:       0       0

ඉසුරන්දි Thursday, 17 July 2014 04:56 AM

පාට නොවෙනස් උනාට ඕක ඇතුලේ ඉන්න මිනිස්සු කාලෙන් කාලෙට වෙනස් වෙනවා. (නදී)

:       0       0

ප්‍රියාන් Thursday, 17 July 2014 05:51 AM

මාලි ලංකාවේ වෙන දේවල් දන්නේ නැතුව ඇති. කොලපාට අය නෙවෙයිද අද වැඩිපුරම නිල් පාට අය පස්සේ යන්නේ? පාට දේශපාලනය නැතුව කතා කලා නම් හොඳයි. (නදී)

:       0       0

මාලි Wednesday, 16 July 2014 03:18 PM

නියම කොළ පාට අය නිල් පාට අයගේ පිටි පස්සේ යන්නේ නැහැ (අ)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Wednesday, 16 July 2014 04:04 PM

ඔවර 30 ප්‍රථිපල විතරක් ප්‍රමුඛත්වය දුන්නෙ පාක්‍ෂිකයන්ට පොඩි ජොලියක් දෙන්නද මන්දා? (අ)

:       0       0

ප්‍රශාන්ත Thursday, 17 July 2014 06:50 AM

ගිලෙන නැවෙන් පනින වෙලාව හරි වගේ,, (ස)

:       0       0

හැරිසන් Wednesday, 16 July 2014 06:10 PM

සතුටුදායක පුවතක් (නි)

:       0       0

අස්හීම් Wednesday, 16 July 2014 07:02 PM

මේ අය මම දන්නවා (නි)

:       0       0

අසෝකා Wednesday, 16 July 2014 08:20 PM

අනේ මෙහෙම දෙයක් මේ කාලේ අහන්න ලැබෙන එකත් ලොකු වාසනාවක්. එකමුතුකමේ වටිනාකම... ඉතාමත් ආදර්ශවත්. ඔබ සැමට ජයවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site