තමිල් නාඩුවේදී බෞද්ධ භික්ෂුන් වහන්සේලාට එල්ල කළ මැර ප්‍රහාරය තරයේ හෙළා දකින බව පවසන බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකික සංසදය මේ අවස්ථාවේදී සියලුම ශ්‍රී ලාංකිකයින් ඉවසීමෙන් හා විමසිල්ලෙන් කටයුතු කරන මෙන් ඉල්ලා සිටී.
මේ පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති ජනක අලහප්පෙරුම සඳහන් කළේ මෙම මැර ප්‍රහාර සියල්ලම හොඳින් සැලසුම් කර මාධ්‍ය පවා ගෙන්වාගෙන සිදුකර ඇති බව එම වීඩියෝ පටි නැරඹීමේදී පෙනී යන බවයි.
මෙම පවිටු ක්‍රියාව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන යෝජනා වලිය අතරවාරයේ ශ්‍රී ලාංකික ජනතාව කෝප කිරීමෙන් කලබල ඇතිකර ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව අපහසුතාවයකට පත්කර කිසියම් වාසියක් ලබා ගැනීමේ පටු පරමාර්ථයෙන් සිදු කළ බව සනාථ වන බව එම නිවේදනයේ දැක්වෙයි. එබැවින් මෙවැනි ප්‍රකෝපකාරී ක්‍රියාවන්ගෙන් නොරැවටී කල්පනාකාරීව සහ සාමකාමීව කටයුතු කරන මෙන් සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින බව එම නිවේදනයේ සඳහන් වෙයි.
මෙම අභාග්‍යසම්පන්න සිද්ධිය වූ දිනයේදීම බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා සංඝ සභාවද දැනුවත් කළ බව ජනක අලහප්පෙරුම වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනක හැමදාම රට වෙනුවෙන්ඉදිරියට ආපු තරුණයෙක්. පක්ෂ බේදයෙන් තොරව නිවැරදි දේ බය නැතිව කරපු උගත් බුද්ධිමත් දේශප්‍රේමියෙක්. ඔබට සදා ජය! (නි)
ලෝකෙම ඉන්න සිංහලයෝ කම්පා උනා මේ කල කැත වැඩේ (දී)
එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කට්ටියට මේ වැඩ පෙන්නේ නැද්ද (දී)
ස්තුති ඔබලාට (දී)
මගේ ලංකා මාතාවට ජයවේවා (දී)
ලෝකෙම අවධානය ලබියයුතුයි මේ වැඩේට (දී)
හෙලා දැකීම හොදයි. අවශ්‍ය පියවර ගන්නවා නම් තවත් හොදයි (දී)
ලන්ඩනයේ ඉන්න අයටත් මොලේ තියෙන බව පෙන්වීම ගැන ජනකට ස්තුතියි. මෙයා ලංකාවට ආදරයෙන් අවංකවම වැඩක් කරන බව ලන්ඩන් වල හැමෝම දන්නවා. (නි)
කවදාවත් නම දාගන්න දඟලන්නේ නැතිව රට වෙනුවෙන් අවංකවම වැඩ කරපු කෙනෙක්. ලන්ඩන් වල සිංහලයෝ හුඟක් ආදරය කරන, ජනප්‍රිය චරිතයක්. (නි)
උතුරු ඉන්දියාවේ මිනිස්සු නම් අපේ බෞද්ධයින්ට හොදට සලකනවා.(නදී)