එංගලන්තය වැනි ධනවත් රටක මහමඟ ජීවිතය ගෙවන ඉංග්‍රීසිකාරයින් ඉන්නවායයි කිසිවෙක් නොසිතනු ඇත. එහෙත් ඇත්ත එය නොවේ. ලෝකයේ විවිධ රටවලින් සරණාගතයින් ලෙස එංගලන්තයට පැමිණෙන විදේශිකයින්හට සහ යුරෝපා රටවල සිට පැමිණෙන අයට මානව හිමිකම් නීති රීති යටතේ රජයෙන් සුපෝඛබෝගී ජිවිත ගෙනයාහැකිවන තරමේ නිවාස සහ සහනාධාර ගෙවනු ලැබෙයි .
නමුත් විවිධ හේතු මත මහ මඟට වැටි ඉන්නා එංගලන්ත පුරවැසියන්ට එම අයිතිවාසිකම ලබාගැනීමේදී විවිධ නීති රීති හා බාධාවන්ට මුහුණදීමට සිදුවෙයි.
තැපැල් ලිපිනයක් නොමැතිනම් රජයේ ආධාර ලබාගැනීම අවහිර වෙයි. මහ මඟට වැටි ඉන්නා අනන්ත අප්‍රමාන බ්‍රිතාන්‍ය වැසියන් හට යන එන මඟක් නැත.
ලන්ඩන් නුවර අගුපිල්වල දුක සේ ජිවිත ගෙවන තරුණ මෙන්ම මහළු බ්‍රිතාන්‍ය ජාතිකයෝ බෙහෝ පිරිසක් සිටිති.
මහමඟ හිඟාකැම එංගලන්තයේ දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් මේ අයට එදිනෙදා අවශ්‍යතාවයන් පිරිමහ ගැනීම සඳහා ප්‍රසිද්ධියේ පිනට යමක් ඉල්ලාසිටින්නටද ඉඩක් නැත.
සීත සමය උදාවෙත්ම මේ හැම දෙනාම ඉමහත් දුෂ්කරතාවයන්ට මුහුණ දෙති. අහාර හිගය මෙන්ම සුදුසු උණුසුම් ඇඳුම් නොමැතිවීම නිසා මේ බොහෝදෙනා සීත ඍතුව ගෙවාගන්නේ ඉතා අමාරුවෙනි.
ලන්ඩන් නුවර බොහෝ ස්වෙච්චා සංවිධාන නිරන්තරයෙන් මොවුන්ගේ දුක සැප බලාගනිති. ඔවුනට අවශ්‍ය ඇප උපකාරද හැකි අවස්ථාවන්හි තාවකාලික නවාතැන් පහසුකම්ද ලබාදෙති.
ලන්ඩන් නුවර ශ්‍රී ලාංකික තරුණ තරුණියන් විසින් පිහිටුවාගෙන ඇති ශ්‍රී ලාංකික තරුණ එකමුතුව මඟින් පසුගියදා මෙවැනි අසරණයින්හට අවශ්‍ය ආහාර සහ උණුසුම් ඇඳුම් බෙදාදීම සඳහා කටයුතු යොදා ඇත.
ලන්ඩන් නුවර ජිවත්වන ශ්‍රී ලාංකික පවුල්වල තරුණ තරුණියන් අතරේ දැනහැඳින ගැනීම් වැඩිදියුණු කිරීමත් ඔවුන්ගේ දක්ෂතාවයක් ප්‍රයෝජනයටගෙන ශ්‍රී ලංකාවේ විවිධ සුභ සාධක කටයුතු සඳහා අතදිමත් මෙම එකමුතුවේ මුලික අරමුණ වෙයි. මෙම සංවිධානය මුලින්ම ආරම්භ කරන ලද්ද්දේ ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචි ශ්‍රී ලාංකික තරුණ පිරිස් විසිනි. එහි ලන්ඩන් ශාඛාව පිහිටුවාගන්න ලද්දේ මෑතදීය.
ලන්ඩනයේ ජිවත්වන අසරණයින් හට සරණවිම සඳහා මෙම දුදරුවන් ගන්නාලද පියවර කාගේත් ප්‍රශංසාවට ලක්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉම්රාන්, එතකොට ලංකාවට පිටින් ඇවිත් වෙලදාම්, රැකීරක්ෂා ,ඉඩම් ටික අල්ලාගත් කට්ටිය ගැන මොකද කියන්නේ. (ස)
මිනිහෙකුට මොලයක් දීල තියෙන්නේ හිතන්න. ඒ මොලේ පාවිච්චි කරලා ඉම්රන්ලා වගේ අය මේවට අදහස් දැම්මොත් තමයි හොඳ.මොකද එයාල දුභෛ වල ඉන්න හිඟා කන මිනිස්සු දැකල නැතිව ඇති.රෝල පාලම යටට ගිහිල්ල බැලුවොත් දැකගන්න පුළුවන්.සිංහල මිනිස්සුන්ගේ හදවත් කවදත් හොඳයි.ඒක ඉම්රන්ලා දැනගත්තොත් හොඳයි. (ස)
ලංකා ශ්‍රී , ඔබ හරි මේ යාචකයෝ තමන් එකතු කරගන්නා මුදල් වියදම් කරන්නේ මත් ද්‍රව්‍ය, සුදු සෙල්ලමට, ඒ වගේම බීමත් කමට. මෙවැනි අය එංගලන්තයේ පමණක් නොව ලෝකයේ දියුණු ඕනෑම රටක දැකිය හැකිය. (ස)
සිරි, ලන්ඩන් ඉන්න සමහර නුගත් ශ්‍රී ලංකා තාත්තලා ගැන කණගාටුයි. ඔවුන් කුඩා කල සිටම දරුවන් හරියට හදා නැති නිසා විශේෂයෙන්ම දරුවන් දෙමාපියන්ට ගරු කරන්නේ නැහැ. වැරදි හැදියාව නිසා අකාලයේ අභාග්‍යසම්පන්න ලෙස මාතෘ සායනවලට මුළු සමාජයට හොරෙන්ම යන්න වෙනවා. මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම නිසා සමහර දරුවන් 'කුඩු' නම පටබැදී සිංහල ප්‍රජාවෙන් ඉවත් වෙනවා. නමුත් බහුතරයක් ශ්‍රී ලාංකික දරුවන් ඉතාමත් යහපත් සහ උසස් ගතිගුණ වලින් යුක්ත අය. (නි)
දරුවනේ ඔයාලා කරන දේවල් නම් හොඳයි,තමන්ගේ මව් රටේ දුක්විදින අය වෙනුවෙන් යමක් කරන්න බලන්න.සුබ පැතුම්! (නි)
ආයෙත් කියන්නම්කො, ඒ මොනවා උනත් කරපු වැඩේ හොඳා...! සුභ පැතුම් !!!! (ස)
සිරි, මෙවැනි ද්වේශ සහගත අදහස් දාලා ඒ අය ඉන්න තැන් වල නම් ගැවසෙන්න එපා. (ස)
සිරී නම් රස්සාවයි, අඹු දරුවොයි, දෙකම නැති වෙච්ච වයසක පාන් බේකරි කාරයෙක්ද කොහෙද. හිතේ තියෙන ඊර්ශියාව අදහස් වලින්ම පෙනෙනවා. (ස)
මට පෙනෙන විදියට සිරි වගේ අදහස් තිබෙන කෙනෙක් උගත්කමින් එංගලන්තයේ පදිංචිය හදාගත්තා කියලා නම් හිතන්න අමාරුයි. (නි)
මමත් උදවු කරන්න කැමතියි (නි)
ලෝකයේ ඕනෑම රටකට ආදර්ශයට ගතහැකි යහගුණ ශ්‍රී ලාංකිකයන් තුල තවම රැදී තියෙනවා.මේ තරුණ දූ පුතුන්ගේ ක්‍රියාවෙන් ඔප්නැන්වෙන්නේ එයයි.සාමාන්‍යයෙන් අප දන්නා පරිදි ලෝකයේ සැම රටකම(පොහොසත්ම රටෙත්)යාචකයෝ ඉන්නවා.නමුත් අපේ රටේ සමහර යාචකයෝ තරම් ඒ අය පොහොසත්ද දන්නේ නැහැ.(දිල්)
ලන්ඩන් නිහාල්ගේ කතාවෙන්ම තේරෙනවා නේද ඉතාලි සිංහලයන්ගේ කෙරුවාව. ඒ අය වැඩි හරියක් ඇවිත් තියෙන්නේ කටුනායකින් ඉහල ගම්වල ඉඳල නේද? මගේ ඇති ද්වේශයක් නැහැ. මම කියන්නේ ඇත්ත තත්වය. එංගලන්තය කියන්නේ ලෝකයේ හැම රටකින්ම කිසි සුදුසුකමක් නැතිව ඇවිත් සරණාගතයන් හැටියට ජිවත්වන නිකමුන්ගෙන් පිරුන රටක්. ලබන ශතවර්ෂය වෙනකොට එංගලන්තයේ ප්‍රධාන ජනකොට්ඨාශය ඉස්ලාම් භක්තිකයන් වනබව සමීක්ෂණ වලින් පෙනියන බව බොහෝ දෙනා පවසා තියෙනවා.(නදී)
රත්තරන් වටිනා දරුවෝ ටිකක්..තෙරුවන් සරණයි . (නදී)
සිරි, මොකද මේ තරහ වපුරන්නේ? (නි)
ආයෙත් කියන්නම්කො, ඒ මොනවා උනත් කරපු වැඩේ හොඳා...! සුභ පැතුම්(දිල්)
ශ්‍රී ලාංකිකයන් ලෝකයේ හැම රටකම ගිහින් ජීවත් වෙන්න පුළුවන් පුරවැසිභාවය ලබා ගන්න පුළුවන් එකට නම් ප්‍රශ්නයක් නැහැ නේද? අද විදේශ විනිමය නැත්නම් ලංකාවට පැවැත්මත් නැහැ. ඒවා ටික කව්රු කව්රුත් මතක තියාගත්තොත් නුවණට හුරුයි. ලංකාවට එන අය ආ අය වගේම තමයි ලංකාවේ අයත් තැනකින් නැවත ජීවිතේට ගලවාගන්න බැහැ. ලාංකිකයා තමුන්ගේ පවුලේ දුක් විඳින කෙනා ගැන හොයන්නේ නැහැ. (නි)
එංගලන්තය යනු 'සමාජ සුභ සාධක' රාජ්‍යයකි. මෙහි රැකියාවක් නැති, නිවාස නැති ඕනෑම කෙනෙකුට එම මුලික අවශ්‍යතා රජයේ වියදමින් සපයනවා, ඒ අයට විරැකියා දීමනාවක්ද ලැබෙනවා. බේත් හේත්, වෛද්‍ය සායන සියල්ල නොමිලේම ලැබෙනවා. මෙම පුද්ගලයන් බාහිරව මෙලෙස එක තැනක පහසුවෙන් වාඩිවී මත් පැන් සහ මත් ද්‍රව්‍ය බොමින් අසලින් යන්නන්ගෙන් මුදල් යදිනවා තවත් බොන්න. මොවුන්ට කෑම දීමෙන්ද පලක් නැත. හේතුව, කෑමද මේ අයට නොමිලේම සැපයෙනවා. මොවුන්ට දෙන මුදල් ලංකාවේ නැති බැරි අසරණ අයට දෙන මෙන් මම අදාළ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. (නි)
ඩුබායි වල යාචකයන් ගොඩක් ලාංකික සහ බංග්ලාදේශ් පිලිපීන වගේ අය කියලා රිස්වාන් නොදැක්කට මම දැකලා තිබෙනවා. සෞදි වලත් පිරිලා යාචකයන්. ඩුබායි වල පාරේ දැක්කොත් පොලිසියෙන් ගහලා අරගෙන යන නිසා වෙනත් ක්‍රම වලට යාචකයන් කටයුතු කරන්නේ. (නි)
ඇත්තටම මේ ඉන්න කළු සුද්දෝ ටික දැකල නැතුව ඇති අපේ රටේ කොච්චර නම් දුක් විඳින ජනතාවක් ඉන්නවද කියලා. මේ හිඟා කන වැඩි හරියක් අයට ඒ රටේ රජයෙන් හැම පහසු කමක්ම දෙනවා. මේ කරන්නේ ජාවාරමක්. ඊට අමතරව බීමටත් අනෙකුත් පහත් වැඩ වලටත් සල්ලි හොයා ගන්න කරන උප්පරවැට්ටියක්. ඔයාලට මේ වීඩියෝ වලින් බලා ගන්න පුළුවන් මේ අයගෙන් කොටසක් ළමයින් යොදවල කරන හොර වැඩ. ඉතින් ඔය එංගලන්තේ ඉන්න කළු සුද්දෝ ටික දන්නවා මොකද්ද ඇත්ත කියල. සෝබන වැඩ පැත්තකින් තියල ඔය නාස්ති කරන පවුම් වලින් ලංකාවේ ඇත්තටම දුක් විඳින කෙනෙකුගේ කඳුලක් නවත්තන්න පුලුවන්නම් ඒක කොච්චරනම් වටිනා දෙයක්ද. දීමේ වටිනාකම පවතිනුයේ එය දිය යුත්තාට දීමෙන් මිස දෙන්නම් වාලේ දීමෙන් නොවන වග මේ මෝඩ රැල තේරුම් ගත යුතුය. මෙය හුදෙක්ම බුද්ධිමතුන්ගේ අවධානය පිණිස ලියන ලද්දකි. (නදී)
මෙහෙ ඉන්න අයට සලකල පත්තරේ පොටෝ එක දානවට වඩා හොද නැද්ද ලංකාවේ නැති බැරි කෙනෙකුට සලකන එක.(නදී)
හරි පරිස්සමින් අදහස් දක්වන්න ඕනේ නේද? මේ සිරි වගේ උදවිය හිටවන බීජ වල පල නෙලාගන්න වෙනකොට නම් ඉතින් කොහෙන් මොනා වෙයිද දන්නේ නැහැ(නදී).
මමත් කියන්නේ මේ අය මහපාරේ ඉන්නේ තමන්ගේ උවමනාවට මිස නැති බැරි කම නිසා නෙවේ. දියුණු රටවල් සේරම මේ වගේ. ඒක ඒ අයගේ නිදහස . පුළුවන් නම් ලංකාවේ දුප්පත් පවුල් වලට උදව් කරන්න.(නදී)
මම නොදන්නා කරුණක් ගැනයි අහන්නේ.කරුණාකරලා එංගලන්තයේ ජීවත් වෙන දන්නා කෙනෙක් මේකට පිළිතුරු දෙන්න. සමහර රටවල සුරතල් සතුන් [බළලුන්,බල්ලන්] ඇතිකරන විට ප්‍රදේශයේ නගර සභාවෙන් අවසර ගෙන ඒ සතුන් එහි ලියාපදිංචි කල යුතු වෙනවා. සතුන්ගේ සුබ සාධනය උදෙසා එක නිවසකට එක බල්ලෙකු සහ එක බළලෙක් වැනි සීමාවක්ද පනවා තිබෙනවා. එවැනි නීතියක් එංගලන්තයේ නැතිද? එවැනි නීතියක් තිබේ නම් තමන්ට ලිපිනයක් වත් නොමැති මෙම යාචකයන් බල්ලන් ඇති කරන්නේ කෙසේද? මොවුන්ට තැපැල් කාර්යාලවල ලියුම් පෙට්ටි තිබේද? (ස)
ලොව කොතන සිටියත් ශ්‍රී ලාංකිකයන් වශයෙන් ඔබ මේ ඉටු කරන සත්කාර්යය නිසා අපේ රටේ නම ලෝකයේ බැබළෙනවා. ඔබට අපගේ උත්තමාචාරය! (නි)
ලෝකේ හුගක් රටවල මෙවැනි යාචකයෝ ඉන්නවා.බටහිර රටවල මේ යාචකයෝ තමන් විහින් මේ තත්ත්වය උදා කරගෙන තිබෙනවා.මත්ද්‍රව්‍ය, මත්පැන් හා සුදුව නිසා තමයි මේ තත්ත්වයේ ඉන්නේ. (නි)
හොඳ වැඩක් නම් කවුරු කලත් කොහෙ කලත් හොඳමයි. තරුණ පරපුරට නියම ආදර්ශයක්. (ස)
මේ දරුවෝ ලෝකයටම ආදර්ශයක්. (නි)
ලොව කොතන වුවත්, අපේ ලක් දරුවන් පිනට දහමට කැමති බව මෙයින් තහවුරු වෙයි ..!! ඔබ සැමට තෙරුවන් සරණයි....!! (ස)
හොඳ මල් කොහොමත් සුවඳ හමනවා. මනුෂ්‍යත්වයට ගරු කිරීම අගය කරනවා. සැමට පින්. (ස)
පාට සුදු උනාට ඉන්න ඔක්කොම සුද්දෝ නෙමෙයි .සුදු පාට දැක්කම අපේ මිනිස්සු හිතන්නේ ඔක්කොම සුද්දෝ කියලා .මේ පාරවල්වල හුඟක් ඉන්නේ පිටින් ඇවිත් හිඟා කන අය .ඔය පොලන්ඩ් කාරයෝ ගොඩක් ඉන්නවා .සුද්දෝ නැත්තේම නැහැ ,ඒත් ගොඩක් ඉන්නේ පිට උන් .අපේ රටේ දෙන්නෙක් හිඟා කනවා වොටලු දුම්රිය පොලේ. (ස)
රජයේ සේවකයින් වන අපටත් තව නොබෝ දිනකින් එවැනි දේවල් වලට මුහුණ පාන්න සිදුවේවි. (ස)
ශ්‍රී ලාංකියන් බ්‍රිතාන්‍යට ගිහින් තිබෙන්නේ සංචාර කිරීමටද? ඔවුනුත් බ්‍රිතාන්‍ය ජාතිකයන්ට හිමි විය යුතු රැකි රක්ෂා ටික සාමාන්‍ය වැටුපකට වැඩ කර ඔවුන්ට ලැබෙන දේ නැති කරන්න නේද? තරුණ පරපුරට නියම ආදර්ශයක්? (ස)
කොහේ හෝ කොතැනක හෝ නැති බැරි කෙනකුට උපකාර කිරීම ඉතා වටිනා දෙයක්. තම කාලය සහ සම්පත් මේවට යෙදවීමෙන් තමන්ට පාඩුවක් වුවත් සමාජයට යහපත් වේ. කුඩා වැසි බිදුවෙන් මහා ගගක් බිහිවෙනවා සේ වැඩි වැඩියෙන් මෙවන් දු දරුවන් ලොවට බිහිවී ලොව යහපත් වේවා. (නි)
මම දකින එක හොඳය තව හොයල බලල උදව් කලා නම් .කොහොම කලත් කරුණාව දරාගෙන දෙන දෙය මහත් පිනක් .ලබාගන්න අය එකට සුදුසුනම් තව පින වැඩිවෙන දෙයක්. (ස)
යහපත් දේ කරලා රටේ නම බබලන්න තවත් ශක්තිය ලැබේවා !!! (ස)
මේ ලිපිය ලන්ඩනයේ ඇතුල් පැත්ත ගසන කියවෙන්නේ නැහැ. නිකන් මඩ ගැහිල්ලක් පමණයි. (ස)
අසරණයෙකුට පිහිට වෙන එක බුදුපියාණන් දේශනා කරලා තියෙන්නෙ, බුදු පියාණන් වහන්සේට සැලකුව හා සමාන පිනක් ලෙසයි.අපේ ලාංකිකයින් ළඟ මේ ගුණ නොඅඩුව තියෙනවා.ඔබ සැමට තෙරුවන් සරණයි. (ස)
කරුණාව කියන්නේ අනුන්ගේ දුකේදී හදවත උණු වීම.එවැනි අසරණයන්ට පිහිට වීම උතුම් සත් ගුණයක්.එම ගුණය අපේ අය තුල කොහේ හිටියත් තිබෙනවා. (ස)
කරුණාකර මේ වීඩියෝ බලා ඇත්ත මොකද්ද කියල තේරුම් ගන්න http://www.youtube.com/watch?v=9d6qHTRo5ZE http://www.youtube.com/watch?v=LGDj0B5WQaA (ස)
මානව හිමිකන් ගැන කතා කරන පලවෙනි රටක් හැටියටයි එංගලන්තය සැලකෙන්නේ. මේ යාචකයෝ වැඩි හරියක් කරන්නේ බොරු. මොවුන්ට මසකට රජයෙන් අවම රුපියල් 56000ක් ගෙවීමක් තියෙනවා. හැම කෙනා ලඟම බල්ලන් දෙතුන් දෙනා ඉන්නවා. හැමෝටම මොබයිල් ෆෝන් එකක් තියෙනවා. සිඟමන් සල්ලි අරන් යන්නේ ක්ලබ් එකටයි හවසට. අනේ අපේ මෙහෙමත් මෝඩයෝ ඉන්නවනේ. මෙච්චර මේ ලංකාවේ ඇත්තම යාචකයෝ ඉන්දැද්දී. (ස)
එංගලන්තේ ඉන්න දුප්පත් අයව බලන්න ඉස්සර ලංකාවේ ඉන්න දුප්පත් අයවත් බලන්න. (ස)
කාට හරි සළකන එක හොඳ දෙයක්. ලාංකිකයින්ගේ හිත උණු වෙනවා අනුන්ගේ දුකක් දැක්කම.ඒත් ලංකා, පිටිගල මිලානෝ සහ මිනිපේ කියපු දේ හරි. මේ බොහෝ යාචකයන් කන්න බොන්න ඉන්න තැනක් නැතුව අසරණ වුණ අය නොවේ. රජයෙන් සපයන පහසුකම් ලබමින් හෝ ඒවා එපා කියලා පාරට වෙලා ඉන්නේ. ඔය සංවිධානයෙන් ලංකාවේ අසරණ අයට උදව් කළා නම් හොඳයි කියලයි මට හිතෙන්නේ. (නි)
මෙයාලා ලග ඉන්න මේ බල්ලන්ට කොපමණ වියදම් කරනවද ? මෙයාලට බොන්න තව සල්ලි දීපියව් මේවා මෝඩ වැඩ (ස)
මේ සල්ලි එකතු කරලා ලංකාවේ දුප්පත් මිනිස්සුන්ට යවන්න (ස)
මිලානෝ පිටිගල වගේ ඉතාලියේ ඉන්න සේරම ශ්‍රී ලාංකිකයෝ හිතාගෙන ඉන්නේ එංගලන්තය කියන්නේ සමාජ සුභසාදක රටක්. එහෙ පිනට ජීවත්වෙන්න හරියට ඉඩ කඩ තියෙනවා.එංගලන්තයේ මහපාරවල් වල රත්තරන් පිරිලා කියල වෙන්න ඇති. එකයි මොන අමාරුවකින්හරි ඉතාලියට පැනගන්න ලංකාවේ අය ඉතාලි ගමන් බලපත්‍රයක් ලබාගත්ත ගමන්ම එංගලන්තයට සංක්‍රමණය වෙන්නේ. පසුගිය අවුරුදු පහ හය ඇතුලත් ඉතාලියෙන් ආව ලංකාවේ අයගෙන් එංගලන්තය පිරිලා. මේ අය කෙලින්ම එංගලන්තයට එන අයට වඩා ගොඩක් වෙනස්. ඒ අය බොහෝ දෙනෙක් තරුණ අය. ගනන්පාට් දාන්නත් සංගීත සංදර්ශන තියන්නත් දක්ෂයෝ වගයි පෙන්වන්න උත්සාහ කරන්නේ. දැනටමත් පැනගෙන නැත්නම් පිටිගලත් ළඟදීම එංගලන්තයට පාත් වෙනවා සහතිකයි.
ඩුබායි නම් එංගලන්තයට වඩා හාත්පසික්න්ම වෙනස්..මෙහෙ නම් යාචකයන් හොයාගන්නවත් බැහැ. (ස)
ඒ මොනවා උනත් කරපු වැඩේ හොඳා...! සුභ පැතුම් !!!! (ස)
සිරි මහතාණනි, මම නම් එංගලන්තයට නිතර එනවා මගේ ව්‍යාපාර වලට. හැබැයි දවසක්වත් ඉන්නේ නැහැ.එංගලන්තේ විශ්ව විද්‍යාලවල ඉගෙනගෙන සහ විශේෂ වෘත්තීය දක්ෂතා මත සිටින පදිංචිකරුවන් හැරුණු විට අනිකුත් සියලු පුද්ගලයන් පදිංචිය ලබාගෙන තිබෙන්නේ 'ලංකා මාතාව පාවලා දීලා'. ඔබ ඔය කුමන කොටසට අයිතිද කියා මම නම් දන්නේ නැහැ. ඔවුන් කරන්නෙත් ඉතා පහත් මට්ටමේ රැකියා හෝ ආණ්ඩුවේ සුභ සාධනයෙන් ජීවත් වීමයි. ඔබ එංගලන්තයට අාවේ මහා පාරේ රත්තරන් තිබෙනවා කියලා හිතාගෙන නෙමෙයිද? එසේනම් මොකටද අාවේ? (නි)
එයාලා කළ වැඩේ ගොඩක් හොදයි (නි)