ලන්ඩන් නුවර මහමෙව්නාව භාවනා අසපුව මගින් මෙවරත් උතුම් සම්බුදු තෙමඟුල සිහිපත් කරවමින් වෙසක් පුන් පොහොය දිනයේදී (25) අසිරිමත් වෙසක් මංගල්‍යය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සැරැසේ .
අසපු සෙවනේදී වෙසක් පොහෝදා දාන, ශීල ,බණ භාවනා වැඩ සටහන් මාලාවක්ම පැවැත්වේ. එදින සිල් සමාදන්වන දරු දැරියන් වෙනුවෙන් ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා ඉංග්‍රීසි භාෂාවෙන්ද පැවැත්වීමද යයි.
අසපුවාසී ස්වාමීන් වහන්සේලාගේ සිරි සම්බුදු බෝධි වන්දනාවෙන් පිංකම සමාප්ත වෙයි.
ලන්ඩන් නුවර මහමෙව්නා අසපුව සඳහා ශ්‍රී ලංකාවේදී නිර්මාණය කරන ලද බුදු පිළිම වහන්සේ අභිනව බුදුමැදුරෙහි තැන්පත් කිරීමද වෙසක් පුන් පොහොය දිනයේදී සිදුකිරීමට කටයුතු සුදානම් කර ඇත.
ලන්ඩන් නුවර මහමෙව්නා භාවනා අසපුව පිහිටුවා කෙටි කාලයක් ඇතුලත ශ්‍රී ලාංකික මෙන්ම අන් ජාතික බෞද්ධ සැදැහැවතුන් විශාල පිරිසකගේ ආකර්ෂණය දිනාගැනීමට සමත්වී තිබීම විශේෂත්වයකි. මේ නිසාම අසපු මුලස්ථානයට අමතරව ඉන් පිට දුර බැහැර ප්‍රදේශවල ජීවත්වන සැදැහැවතුන්හට සහභාගීවීම සඳහා පහසුවන අන්දමට සති අන්තයේ ලන්ඩනය අවට වෙනත් ස්ථාන කිහිපයකම බණ භාවනාදී පින්කම් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටිගල මිලානෝ මහත්මයා, එය සතියක් ඔබත් ගුවන් තොටුපල වෙත ගිය දිනයක එය වන්දනා කරන්න පිනක් උපදවා ගන්න පුළුවන්. ඇද හෙව්වම පින් රැස් වෙන්නේ නැහැ.දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහිත සම්පුර්ණ බුදු පිළිමයක් එහි වැඩ ඉන්නවා දැක බලා සතුටු වෙන්න. තෙරුවන් සරණයි! (නි)
සුසිල්,සහතික ඇත්ත ඔයා කියන්නේ. අපි යන්නේ නැත්තේ ඒකනේ. හැබැයි හැමෝම එහෙම නැහැ. (නි)
කෙනත්,සදුන්,සියලු දෙනා පින්වත්නම් මොකටද විශේශයෙන් ලියන්නේ. තමන්ගේ සීලය හුවා දක්වන්නේ සිල් අඩු අයයි.ඔය වෙනත් විදියකින් කියන්නේ අපි අනෙත් අයට වඩා සිල්වත් ඒ නිසා අපි ලගට එන්න කියලනේ. තමන්ට ආවෙනික පද වචන භාවිතා කරමින් කරන්නේ තමන්ගේ කන්ඩායමක් හදා ගන්න එක. ඔය මහමෙව්නා අස්පුවලින් ගොඩක් යුරොපයේ බෞද්ධයො බෙදලා අවසන්.ආරන්ය ගත වෙලා කරන්න ඕනේ දෙවල් ලන්ඩන් පෑරිස් මිලනෝ කරන්න ගියාම ගෑටුම් වෑඩි වෙනවා. මටනම් මහමෙව්නාව පෙනෙන්නේ බෞද්ධ ප්‍රොතෙස්තන්ත්‍ර ව්යාපාරයක් විදියටයි. අද ලෝක ප්‍රවනතාවය ශක්තිමත් අය කඩලා බලය බිදින එකනේ. (ස)
ස්වාමින් වහන්සේ කෙනෙක් වෙනවා කියන්නේ ගොඩක් පින්වත් කෙනෙක් කියන එකමනේ. හිතන්න ඕනෑ ඒ ස්වාමින් වහන්සේලා නිසා කී දෙනෙකුගේ හිත් සැපවත් වෙනවද සාමයෙන් පිරෙනවද කියලයි සුසිල් මහත්තයා. තෙරුවන් සරණයි....!!!! (නි)
'පින්වත් මහණෙනි ' කියලා බුදුන් නිතරම ඇමතු හැටි සුත්‍ර දේශනා වල තියෙනවා. පුදුම මෝහයක් ඉරිසියාවක් මේ අයට... ඇයි මේ ? සමගි වෙන්න අපි විනාශ වෙලා යන්න ඉස්සර. (නි)
අපෙ රටේ දුෂ්කර ප්‍රදේශවල අමාරුවෙන් කැපවී දුප්පත් ජනතාවට සේවය කරන හිමි වරුන් අමතක කරන්න එපා.(නදී)
සුසිල්, ඔයා අනුමෝදන් වෙන්න පුරුදුවෙන්න. නැත්නම් හිස් අතින් තමයි යන්න වෙන්නේ. (නි)
මත්තල ගුවන් තොටුපලේ ඇති 'ශ්‍රී සම්බුද්ධ පිළිම වහන්සේ' එහි වැඩමවන ලද්දේ මහමෙව්නා අසපුවෙන් යයි කියන්නේ සත්‍යක්ද? අවිද්‍යාවෙන් පෙලෙන බොහෝ අපිට මෙයට හේතුවක් තිබේ නම් කවුරු හෝ පැහැදිලි කරන්න.(නදී)
අනේ සුසිල් මෝඩකම ලෝකෙට පෙන්වන්න එපා , සම්බුදු දහම ඒ අයුරින්ම බෙදාදෙන සිල්වත් ඕනෑම බුද්ධ පුත්‍රයෙකු සිල්වත් තමයි. මෙතන දාලා තිබෙන්නේ මහමෙව්නාවේ වෙසක් පිංකම නිසා තමයි 'මහමෙව්නාවේ පින්වත් ස්වාමින් වහන්සේලා' කියලා ලියලා තිබෙන්නේ. ඔයා ඒ තුලින් වෙන වෙන ඒවා ඔලුවේ දාගත්තට අනිත් අය මොනවා කරන්නද. අනෙක මේ වගේ දෙයක් අහල සාදුකාර දීමත් පින් පහල කරන්නක් බව ඔයාට ඔයාගේ ඉරිසියාව හින්ද අමතක උනානේ, අවසනාවක තරම! ඔය අදුරෙන් එලියට එන්න බලන්න මේ වෙසක් පොහොය දවසේවත්.(නදී)
පින්වතාණෙනි, මම ඇද හෙව්වා නොවේ. සම්බුදු හිමියන් දෙසු පරිදි විචක්ෂණ බුද්ධියෙන් ප්‍රත්‍යක්ෂව දැනගන්න අවශ්‍ය වුනේ 'නා මලෙන්' උපන් කුමාරයෙක් වත් 'මහමෙවුනාවේ පිරිසත්' අපේ යැයි කියාගන්න අටවපු උගුලක්ද කියලයි. මෙවැනි තැනක 'ශ්‍රී සම්බුද්ධ පිළිම වහන්සේ' නමක් වැඩ හිදුවනට වඩා නරකද ලංකාවේ නැගෙනහිර පළාතේ කුමන වැනි දුෂ්කර ප්‍රදේශ වල එදා දානේ වේලවත් ලැබෙන්නේ නැති නමුත් 'උට්ඨාන වීර්යයෙන්' චිරාත් කාලයක් දුෂ්කරව වැඩ වසන හිමි වරුන්ට ඔබලාගේ 'අතිරික්තයෙන්' දාන සලාකයක් වත් දුන්නා නම්? බුද්ධ දේශනාවට වඩා එකග කුමක්ද යන්න තේරුම් ගනිත්වා. (නි)
ලංකාදීප පුවත් පතට බොහොම පින් මෙම පින්බර පණිවිඩය අප වෙත ගෙන ආවාට. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. නමෝ බුද්ධාය ! (ස)
කෙනත්, ඔබ හරියටම හරි (නි)
සාදු .... සාදු.... සාදු ....! (නි)
ඔබ සියලු දෙනාටම තුනුරුවන් සරණි. (නදී)
අපි ලංකාවෙන් පිට ගියත් මේ දේවල් අමතක නොකර කරන එකට. අපි ඔබලාට සුබ පතමි. ඔබ සැමට තුනුරුවන් පිහිට ලැබේවා.(නදී)
සේනාව ආවලුද? (නි)
නමෝ බුද්ධාය ! (නි)
මේ අසපුවල විතරද පින්වත් ස්වමීන් වහන්සෙලා ඉන්නේ. අනිත් ස්වාමීන් වහන්සෙලා පින්වත් නොවේද? මේවාගෙන් කෑපී පෙනෙන්න හදන අය ගොඩයි. (නදී)
අවසනාවක විපත , කමක් නෑ සුසිල් ඔයා ඕන එකක් හිතාගන්න. ඔයාට එහෙම හිතෙනවා නම් ඔයා නොයා ඉන්න. ඒකට අපි කව්රුත් මුකුත් කියන්නේ නැහැ. කොහොමත් ඔබ මහමෙව්නාවට තබා මොන පන්සලකටවත් යනවද යන්න අපි දන්නේ නැහැ. නමුත් ඕනෑම සිල්වත් ධර්මධර විනයධර බුද්ධ ශ්‍රාවකයන්ට අවමන් කිරීමත්, මෙවන් සිද්ධියක් අසා සිතෙහි තෙරුවන් ගැන කෙනෙකුගේ හිතේ පහළවෙන ශ්‍රද්ධාවට හානි වෙන අයුරින් චේතනා සහිතව ලියන නිසාත් ඔබ මහත් වූ අකුසල් රැස්කර ගන්නවා. අනෙක මොනවා කැවිලද ඔයාට ? පින්වත් ස්වාමින් වහන්සේලා කිවූ පමණින්ම මේ තරම් ක්‍රෝධ ඊර්ෂයාවකින් බැනගෙන යන්නේ? ලිපිය නැවත කියවා බලන්න. "මහමෙව්නාවේ පමණක් වෙසෙන පින්වත් ස්වාමින් වහන්සේලා" කියලා එකේ ලියල තිබෙනවද කියලා. මන් හිතන්නේ ඔයාගේ හිතේ කහට නිසා එහෙම පෙනිලා ඇති. ඒකේ තිබෙන්නේ "මහමෙව්නාවේ පින්වත් ස්වාමින් වහන්සේලා" කියලයි. ඒකෙන් කියවෙනවද අනෙක් ස්වාමින් වහන්සේලා දුසිල් කියලා? පිංකම වෙන්නේ කොලඹ ගංගාරමයෙදී නම් "ගංගාරාමයේ පින්වත් ස්වාමින් වහන්සේලා " කියල ලියාවි. මොකක්ද ප්‍රශ්නේ මෙතන.(නදී)
සුසිල්, සීලය හුවා දැක්වීම එකක් සීලයට නමස්කාර පුර්කව ගරු කිරීම එකක්. අනෙක හුවා දැක්වීම නොවෙයි උතුම්, මතුකර දැක්වීමයි වඩා උතුම්. මතුකර දක්වන්නේ මතුකරන්න තරම් වටිනා එකක් තිබෙනවානම් පමනයිනේ! ඉතින් එහෙම තිබෙනකොට මතුකරලා, විවරකරලා, අලෝකමත්කරලා දෙව් මිනිස් සහිත ලෝකයට මනාව පෙන්වීම බුද්ධිමත් කරුණු කරන අවබෝධකර ගැනීමට සමත් ලෝකයටම වැඩදායකයි නේද? ශ්‍රද්ධාවේ නොපිහිටියවුන් ශ්‍රද්ධාවේ පිහිටීමටත්, ශ්‍රද්ධාවේ පිහිටියවුන් එහි මනාකොට ඔපනම්වා ගැනීමටත් සිල්වත් ආර්ය මහා සඟ රත්නය දැකීම තුලින් පවා අවස්ථාව උදාකරගත හැකියි. ඉතින් මේ වගේ අනගි උතුම් සිදුවීමක් කර පෙළගැසෙන්න මේ පළකර ඇති පුවත මේ විකාර රූපී සමාජ ලෝක ක්‍රමය අස්සේ මතුවෙන ආශීර්වාදයක් ලෙස මම දකිමි. කලකට පස්සේ මේ මහා බද්ධ්ර කල්පයේ සතරවෙනුව පහළවුණු ගොඋතම සම්බුදු රජුන්ගේ ශ්‍රාවක පෙළගැස්මක් , සසර දුක් නිවාලන සදහම් වැස්සක් මෑතකාලයේ ලෝකයට ඉස්මතු වුනේ මේ වැඩපිළිවෙල ඔස්සේයි. මේ සදහා දායක වෙන උතුම් පින්වත් ස්වාමින් වහන්සේලාටත් , ගිහි පින්වත් උවැසි උවසියන්ටත් , මේ සදහා උපකාර වෙන සියලු දෙවියන්ටත් මේ පිංකම උත්කෘෂ්ට අයුරින් කිරීමට සියලු බාධා මගහැරී, ශක්තිය ආරක්ෂාව ලැබේවායි අපි පතමු.(නදී)
පිටිගල , ඒක හොදයි තමයි. ඉතින් අපි ඒක කරමු. මේ වගේ උතුම් පින්කම් නවත්වලා ඒක කරමු කියන එකේ තේරුමක් නැහැනේ. ඔහොම හිතුවා නම් එදා රජවරු අද අපට රුවන්වැලි සෑය, මිරිසවැටිය, සමාධිය ,අවුකන මුකුත් නැහැ. ඒ සල්ලි වලින් වෙන වැඩ කරලා තියෙයි. ඔන්න එහෙනම් ඔබ යෝජනා කරන නිසා ඔබ එය සංවිධානය කිරීමේ මුලිකත්වය ගන්න. අපි ඔක්කොම ඒ පින්කමත් කරමු. (නි)
සරලව බුද්ධාගම, භාවනාව කියාදෙන නිසා අපිටත් අහන්න පුළුවන්. මගේ හිත ඇදගත් එකම තැන මෙයයි. ඒ කාලේ බුදුහාමුදුරුවන්ටත් බැන බැන යන්න ඇති මේ පිටිගල , සුසිල් වගේ කට්ටිය. නේද ? (නි)
සුසිල් මහත්තයා, එහෙමනම් බුදුරජාණන් වහන්සේටත් වරදින්න ඇති තමන් වහන්සේගේ ගුණ ගැන උන් වහන්සේම වදාළේ. තමන් සිල්වත් පින්වත් කියලා බයක් සැකක නැතුව කියන්නත් ලොකු ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනෑ. හැමෝටම ඒක කියන්න ධෛර්යය නැහැ. කොහොම වුණත් උන් වහන්සේලා සාමයෙන් ශ්‍රද්ධාවෙන් කරන සේවයේ අඩු තැන සොයන්නේ නැතුව හැමෝම හැකි පමණින් අඩු ගානේ තමන්ගේ පවුලේ අයටවත් ධර්මය කියලා දීලා රටට සේවයක් කරමු. තෙරුවන් සරණයි (නි)
සුසිල් මහත්මා, ඔබ හරි. අත්තුක්කංසන පරවම්භන (තමන් සිල්වත් කියාගන්නා බව හා අනුන් පහතයයි) චින්තනය භික්ෂුවත් වුවත් අපායට ගෙන යනවා. (නි)