වසරකට වැඩි කාලයක් තිස්සේ පුරප්පාඩුවී පැවැති බි‍්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධූරයට මෙරට ප‍්‍රකට ව්‍යාපාරික කාන්තාවක් වන අමරි විජයවර්ධන මහත්මිය රජය විසින් නම් කරනු ලැබ ඇත.
ඒ අනුව බි‍්‍රතාන්‍යයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරයට අමරි විජයවර්ධන මහත්මිය ගේ උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා අනුමැතිය සඳහා යොමු කර ඇතැයි වාර්තාවේ.
ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය ලෙස නම් කළ අමරි විජයවර්ධන මහත්මිය මෙරට ප‍්‍රමුඛ පෙළේ පෞද්ගලික සමාගමක් වන ස්වදේශී සමාගාමේ සභාපතිනියද වේ.
එම ධූරයේ මීට පෙර කටයුතු කළ වෛද්‍ය ක‍්‍රිස් නෝනිස් මැක්වුඩ් සමාගමේ ප්‍රධානියෙකි. 2014 සැප්තැම්බර් මාසයේදී සජින් වාස් පහරදීමත් සමග ඇමෙරිකාවේ වොෂිංටන් අගනුවරදී සිදුවූ ගැටුමකින් පසු ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස් විය.
එතෙක් වසරකට වැඩි කාලයක් තිස්සේ පුරප්පාඩු වී තිබූ බි‍්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරයේ වැඩ බලනු ලැබුවේ චානක තල්පහේවා මහතා විසිනි.
හිටපු ශ්‍රී ලංකා ක‍්‍රිකට් නායක කුමාර් සංගක්කාරටද එම ධූරය බාර ගන්නා ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ආරාධනා කළත් ඔහු එය ප්‍රතික්ෂේප කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා තමා යහපාලනයෙන් සිදුවන දේශපාලන පත්වීම් , විදේශ අමාත්‍යංශයේ පළපුරුදු සුදුසු කම , දේශපාලන මිතුරු කමට යටය (හේ)
දේශපාලන හිතවත් කම් වලට ඕවා දෙන්නේ නැහැ කියල පහුගිය කාලේ පම්පෝරි ගැහුවේ.කෝ අනුරකුමාර මහත්තයා ඕවට කතාකරන්නේ නැද්ද.(කෞ)
මේ දේශපාලන හිතවත් කමක් නෙවෙයි දේශපාලන නෑකමක්. (බ)
මෙවැනි උසස්, වැදගත් මහ කමිසුරු පදවියක් දිය යුත්තේ රට වෙනුවෙන් වැඩක් කිරීමට හැකි උගත් කෙනෙකුටයි. ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය ලෙස නම් කළ අමරි විජයවර්ධන මහත්මියට එම ගුණාංග තිබේ. අපේ සුබ පැතුම් !!(කෞ)
සුමිත්‍රා බස්නායක, පොඩ්ඩක් ඉන්න නංගි, හදිසි වෙන්න එපා. එයා අවහම අදහසක් දායි. (නි)
මේ අපේ අගමැතිතුමාගේ ළඟම නෑදෑයෙක් නේ. අනේ වාසනාවන්. (බ)
එතකොට විදේශ අමාත්‍යංශෙේ උසස් නිලධාරීන් නැත්ද?. මම එංගලන්තය දැන්අවරුදු තිස් පහක් ගණකාදී වරයෙක් උසස් තනතුරක් දරනවා. මට බැරිද කියලා කව්රු හරි කියන්නකෝ. (බ)