ලන්ඩන් බෞද්ධ විහාරයේ කඨින පිංකම විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබිය.
1926 දි අනගාරික ධර්මපාල තුමන් විසින් ආරම්භ කරන ලද ලන්ඩන් බෞද්ධ විහාරස්ථානය, යුරෝපයේ ආරම්භ කළ ප්‍රථම ථෙරවාද බෞද්ධ විහාරස්ථානයයි. අද වන විට යුරෝපයේ හැම රටකමවාගේ ථෙරවාද විහාරස්ථාන ඇත.
ලන්ඩන් බෞද්ධ විහාරයේ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක බෝගොඩ සීලවිමල හිමියන්ගේ අනුශාසනාවෙන් සංවිධානය කැරුණු කඨින පිංකම සඳහා ශ්‍රී ලාංකික මෙන්ම යුරෝපිය පිරිස් ද සහභාගී වුහ.
මෙවර පිංකමේ දායකත්වය දරන ලද්දේ පේරුසිංහ පවුලේ සැමදෙනා විසිනි.
පිංකමේ සියලු වැඩකටයුතු සඳහා විහාර පාලක සභාවේ සහ දායකයන්ගේ සහයෝගය ලැබුන බව සීලවිමල හිමියෝ කියති.
ලන්ඩන් නුවර සහ ඒ අවට ශ්‍රී ලාංකික විහාරස්ථාන බොහොගනනක මාහා සංඝයා වහන්සේ පිංකම සඳහා වැඩමකර සිටියහ.
වැඩමකළ සංඝයාවහන්සේලාගේ ඒකමතික තීරණය අනුව චීවරය ලන්ඩන් බෞද්ධ විහාරවාසී පුජ්‍ය තවලම බන්දුල හිමියන්වෙත පුජාකරනු ලැබිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පත්, ඔබ කියා ඇති පරිදි 'සාංගික දාන හෝ සිල්වත් අය වෙත දෙන දාන'. මෙම 'සිල්වත්' භික්ෂුව හෝ උපාසක/උපාසිකාවන් තෝරාගන්නේ කෙසේද? කටින සිවුර මැසීම (බුදුන් වහන්සේ භාවිතා කලෙත් ඉවත දමන රෙදි කොටස් වලින් පිළියෙළ කර ගත සිවුරක් නේද?), කටිනය වෙනුවෙන් විහාර ගෙවල් තුල 'සල්ලි ගස් එල්ලීම' වැනි දේවල් බුදු රජුන් දෙසනා කල දේවල්ද? වැහි කාලෙට උන්වහන්සේ ගත කල ජීවන ක්‍රමය 'සැමරීමෙන්' ලැබෙන පින කුමක්ද? (දී)
පුක්කුස, ජයන්ත මහත්මා කියා ඇති දේ සිතේ තබාගෙන පවෙන් වැළකී සිටින්න. (නි)
ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා පිහිට වූ පන්සල තමයි ලන්ඩන් බෞද්ධ විහාරය. එංගලන්තයේ සිටින අපිට කලාතුරකින් පවත්වන මෙවැනි උත්සවයකවත් සභාගි වීමට ලැබීමත් වාසනාවක්. මේ රටේ තිබෙනේ පන්සල්වල වේද සිටින හාමුදුරුවරු සුකොපබෝගී ජීවිතයක් ගත කරනව කියලද සිතන්නේ? ඇත්තෙන්ම නැහැ උන් වහන්සේලාට හරියට සැප පහසුකම් නැහැ ලංකාවේ වගේ. විශේෂයෙන්ම සීත ඉර්තුව කාලේ හරිමඅමාරුයි මේ රටේ ඉන්න. සමහර පන්සල්වල මාසෙකට ගෑස් බීලම එංගලන්ත පවුම් දාහ පනිනවා. ලංකාවේ සිටින ඔබලත් පුලුවන්නම් මේ රටේ බෞද්ධ ධර්ම අය ප්‍රචාරය කිරීමට ආධාරයක් වසයෙන් සුළු මුදලක් හෝ ලන්ඩන් බෞද්ධ විහාරයට ආධාර කරන්න. (දී)
ඔබල සියලු දෙනාම පින්කම් කර එය අන් සියලු ලෝ වැසින්ටත් අනුමෝදන් කරන්න.ඕනෑ තරම් සතර අපායේ/දිව්‍ය ලෝකවල / බ්‍රහ්ම ලෝකවල අපේ සසර ගමනේ දෙමාපියෝ/නෑයෝ /හිත මිතුරෝ ඉන්නවා පින් බලාගෙන.එනිසා ඕනෑම පිනක් කර මේ පින් වලින් කොටසක් මගේ මෙන්ම සියලු ලෝකවාසී සත්වයින්ගේ , සසර ගමන බිහිවූ පටන් දෙමාපියන්/ගුරුවරුන්/නෑයින්/හිතමිතුරන් වෙත අත්පත් වී නිවන් සැප ලැබේවා කියලා, මෛත්‍රී භාවනාව කරන්න විනාඩි 5 වත්. (නි)
ධර්මසේන මහත්මයා දැනුවත් කරනවා නම් මම දන්නා දෙයක් තමයි බොහොමයක් එංගලන්තයේ වැඩ වසන අපේ හාමුදුරුවරු දෙතුන් වරක්වත් ලංකාවට වඩිනවා.තවත් අය යුරෝපා රටවල සක්මන් කරනවා.සීත කාලෙට මුළු පන්සලම උණුසුම් කරන්න අවශ්‍ය නැහැ. කාමර තුනක් පැය 24 ම උණුසුම් කරන්න යන්නේ පවුම් දෙසීයි-විදුලි සහ ගෑස් එකතුව..(මමත් හිටිය ලන්ඩන්වල පහුගිය සති හතරේ) ඔබතුමාගේ ඔය කියන බණ ලංකාවේ මිනිසුන්ට නම් ගැලපෙනවා. ඔබතුමා කියන භික්ෂුන්ට අවැසි සැප සම්පත් මොනවාද.? (ස)
මෙම පණිවිඩය සීල සහ චන්දන වෙතයි.යම් අයෙකු අරහත් බවට පත්වන තුරු පවතින අඩුපාඩු තිබෙනවා.එනිසා සිල්වත් බව අපට හොයන්න අමාරුයි 100%. නමුත් භික්ෂුන් වහන්සේලට, සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් අයට (ගිහි/පැවිදි) හෝ එම මාර්ගයට පිවිසි අයට දෙන දාන ඉතා උතුම් වෙනවා.ප්‍රතිපල නිමක් නැ.මෙම සාසනය අවසානයේ පහල වෙන කසාය කන්ට භික්ෂුවටද (කහ නූලක් පමණක් අතේ බැදගත් සියලු කම් සැප විදින සාමාන්‍ය පුද්ගලයෙකි) දෙන දානයේ ආනිසංස අසංඛෙය්‍යයි. (සීමාවක් නැත.) අවශ්‍ය යම් අයකු වේ නම් මට ලියන්න.මට පුළුවන් එම කරුණු මුද්‍රණය කර එවන්න. මෙම පූජාවන් සියල්ල බුදුන් උදෙසා කරන පූජා වෙනවා.මෙම ලස්සන මල පරවී යන්නා සේ මගේ ජීවිතයත් ගෙවී යයි, මෙය අනිත්‍ය වැඩීමයි.මල් පූජාවේ ආනිසංස නිමක් නැත.(ප්‍රදාන 7) තමාට උපන් සැම ආත්මයක් පාසාම බව බෝග, වටිනා ඇදුම්, ගෞරවය, කීර්තිය, ලස්සන පෙනුමක් ලැබේ. (ස)
දානයක් දෙන්නේ තමන්ට පින් ලබා ගැනීමේ චේතනාවෙන් නම් එය ගනුදෙනුවක්. ලබන්නා සතුටු වන පරිදි ,හිලව්වට පින් ලබා නොගෙන යමක් දෙන්නේ නම් එයයි උතුම් දානය. නැති,බැරි දිළින්දෙකුට දෙන දානය වඩා වටින්නේ නැද්ද ජයන්ත? (නි)
මෙසේ පරලොවක් නැත යනුවෙන් සිතීමද මිත්‍යා දිශ්ටියට අදාල වේ. (දිල්)
ඕනෑම දෙකට මිනිස්සු එක එක දේවල් කියනවානේ . තෙරුවන් සරණයි (දී)
ජයන්ත මහත්මයා, පන්සිල් රකින්නාට සෝතාපන්න ඥානය ලැබේද? ඒ කෙසේද? මුළු මහත් විශ්වයේ නොගිනිය හැකි කොටසක සිටින 'ජීවයට' ම තමා මේ සියලු 'දුක්'. ජීවයට අමතරව මුළුමහත් විශ්වයේ ඇත්තේ පදාර්තය සහ රික්තකය. ජීවයත් පදාර්තත් හැරුණු විට පවතින යම් දෙයක් ගැන බුදු සමිදුන් දේශනා කර ඇත්ද? ඔබට පින්! (ස)
ජයන්ත මහත්මයා, මා ඉහත සම්පත් යනුවෙන් වැරදීමකින් ඔබව ආමන්ත්‍රණය කර ඇත. සමාව අයැදිමි. මාගේ ප්‍රශ්නයට පිළිතුරක් ඔබෙන් බලාපොරොත්තු වෙමි. (ස)
පිටිගල මහතා වෙත, නැත, කෙසේවත්ම නොලැබේ.මන්ද පන්සිල් රැකීම යනු සිල්වත් බවයි.නමුත් ඔබ දානය, භාවනාව කල යුතුමය,ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සිදු කිරීම සහ ඔබ කල යුතු වීර්ය තුලින් සෝවාන් පලයට පැමිණිය හැක.එය ලොව ලැබිය හැකි සෑම තනතුරකටම වඩා උතුම්ය.එයට යා යුතු මග පිළිබද විස්තර අවශ්‍ය නම් කතා කරන්න.3341227517- ජයන්ත මිලානෝ (ස)
පින් සිද්ද වෙන වැඩක් (දී)
බුදුන් වරක් පාංශු කූලයක් ගත්තේය.එය පනුවෝ ගසා සිටි මිනියකින් ගත් රෙද්දකි.පසුව එය පඞු ගසා සිවුරක් කර ගත්තේය.දෙවියෝ සාදුකාර දුන්නේය, මුළු ලෝක ධාතුවම කම්පා විය.බුදුන්ට ඕන තරම් සිවුරු පිරිකර ලැබුනේය.ඒවා පිළිගත්තේය. නමුත් මහා කාශ්‍යප තෙරුන් පමණක් මුළු ජීවිත කාලයම භාවිතා කලේ පාංශු කූල සිවුරු පමණි.භික්ෂු,භික්ෂුනි,උපාසක,උපාසිකා යන අයගෙන් කවුරුන් සිල්වත්ද නැද්ද යන්න අපට සෙවිය නොහැක.තෙරුවන් ශ්‍රද්ධාවෙන් දෙන කුමන දෙයක් වේද එහි ප්‍රතිපල අස්න්කෙයියයි. (සීමාවක් නැත).මෙහිදී දායකයා භික්ෂුවට සිවුරු ආදී සැම දේම දේවි.මෙම කාලය වැස්ස සහිත වේ.පිණ්ඩපාත ආදිය සදහා නොයාමෙන් කූබියෙකුවත් නොමැරේ. (ස)
ජයන්ත මහතාණනි, ඔබට බොහෝ පින්! මා නොබෝ දිනකදී කියවූ පොතක සඳහන් වුනේ පන්සිල් රකින්නාට සෝතාපන්න ඥානය පහළවී සෝවාන් භාවයත්, අටසිල් රකින්නාට සකෘදාගාමි භාවයත්, දසසිල් රකින්නාට අනාගාමී භාවයත්, ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රකින්නාට අරහත් භාවයත් ලැබෙන බවකි. ඔබ කියා ඇති පරිදි මීට අමතරව දාන සහ භාවනා මීට සමාන්තරව වැඩිය යුතුයි නේද? ඔබගේ මෙම ධර්ම දානය අප බොහෝ අගය කරනවා. (ස)
ජයන්ත මහත්මා, මගේ අනිත් ප්‍රශ්නය නම්...අසන්කය (අසීමිත) ලෙස පින් ලබන්න දානය දෙන්න 'භික්ෂුව' තෝරාගන්නේ කෙසේද. ලංකාවේ නම් භික්ෂුවක් යනු හැඳුනුම්පතේ එය සඳහන් කෙනෙකි. තවත් කෙනෙක් සිවුරු දරා 'ගිහි ක්‍රියා'වල නිරත වනවා. තවත් කෙනෙක් භික්ෂුවක් ලෙස හඳුන්වා ගනිමින් අබුද්ධ සහ දේශපාලන කටයුතු වල නිරත වෙනවා. මෙලෙස මහානුසාන්සික දානයකට සුදුසු භික්ෂුව ඔබ කෙසේ තෝරා ගන්නේද? ඔබට පින්! (දී)
කාරුණික සමාව අයදීමයි. ඉහත දක්වා ඇති පරිදි දානයේ ප්‍රබේද 14 ලෙස නිවැරදි විය යුතුය.තෙරුවන් සරණයි සැමට.(නදී)
මෙහිදී භාවනාව ඉතාම වැදගත් වෙනවා.තමාගේ ජීවිතේ චරිතයට අදාල (රාග,ද්වේෂ,මෝහ,සද්දා,බුද්ධි,විතක්ක) අනුව සම සතලිස් කර්මස්ථාන වලින් එකක් තෝරා ගෙන භාවනා කිරීම කළ යුතුය. (නි)
කතා කරලා වැඩක් නැහැ විකාර (දී)
බුදු දහමේ කියවෙන පරිදි දානයේ ආනිසංස සහ ඒවා ලැබෙන්නේ කා සදහා දුන්නොත්ද යන වග දැනගන්න වේලාම සුත්‍රය ,චුල්ල කම්ම විබංග සුත්‍රය කියවා බලන්න.එහි දානයේ ආනිසංස කොටස් 16 තිබෙනවා. තිරිසන් සතකුට දෙන දෙයට ආත්ම 100 යි.අසරණ අයකුට දෙන දානයේ ඵල ආත්ම 1000.සිල්වත් අයකුට අප්‍රමාණයි.නමුත් ඔබ දෙන ඕනෑම දෙයක්,ඕනෑම කෙනෙකුට එය මැනවින් සකස් කොට,ලස්සනට,පිළිවෙලට දීම ඔබට සසර ගමනේ සැපය වඩාත් හොදින් ලැබීමට හේතුවෙනවා.කුමන දෙයක් කාට දුන්නත් ඔබට එහි ඵල ලැබෙනවා. බලාපොරොත්තු වුණත් නැතත්. නමුත් එය නිවන් සැප ලැබීම පිණිස වේවා කියා පැතුවොත් වඩා උතුම් වෙනවා.තෙරුවන් සරණයි. (නි)
පිංකම් හැමතැනම වගේ යස අගේට සිද්ද වෙනවා නමුත් පින්වන්තයෝ තමයි හොයාගන්න අමාරු. (නදී)
අයියෝ සල්ලි (දී)
බලන්නකෝ ශිෂ්ට සම්පන්න රටවල තිබෙන මානුෂික සහ ආගමික නිදහස. මම හිතන්නේ මෛත්‍රී බුදුන් උපදින්නේ බුද්ධිමතුන් සිටින යුරෝපයේ රටක, මේ ආගමික කටයුත්ත කරන්නේ.ඒ එංගලන්තයේ මනුෂ්‍යත්වයට ගරු කරන පිරිසක් සෑදු නීති රීති අනුව අපේ රටවලින් පැමිනි අයට එම රටේ ඉන්න දුන් නිසානේ . (නි)
සසර කතරින් එතෙර වීමට ඔබට අත් වැලක්වීමට හැකි නම් මා වෙත කොතරම් සැනසීමක් ලැබේද ? නමුදු ධර්මයේ රසය කෙතරම් දුරට අපට දැනේද?ඕනෑම ගැටළුවක් ලියන්න/අමතන්න. සියලු සත්වයෝ නිදුක් වෙත්වා.නිවන් දකිත්වා. සාදු,සාදු,සාදු.00393341227517 (ස)
චිවරය දරන ඕනෑම භික්ෂුවක් එයට සුදුසුයි. කුමන ක්‍රියාවක උන් වහන්සේලා නිරත වුණත් ඔබට ලැබෙන පින අප්‍රමාණයි.මොකද එතන ත්‍රිවිධ රත්නය වැඩ සිටිනවා. (නි)
සාදු... සාදු... සාදු..... (ස)
ෂෙරිෆ්, පින්කම් කරන්නේ පින්වන්තයෝ තමයි, ඔබට මේ පින්තුර දැක්කම බලාගන්න පුළුවන් පින්වන්තයෝ. (ස)
අද පන්සල් තුල මුලික වශයෙන් සිදුවන්නේ පින්කම් උත්සවයන්ය. බුදුන් වහන්සේ කියා ඇත්තේ අසරණ රෝගියෙක්ට සැලකීම තමන් වහන්සේට සලකනවා හා සමාන බවය. එය මහා පින්කමක් ලෙසය. බුදුන්ගේ කාලේ වස් වැසුවේ වැහි කාල වල පයින් යාම දුෂ්කර බැවිනි. මෙය මේ ආකාරයට අද සැමරුවාම පින් ලැබෙන බව උන්වහන්සේ කොතෙනක වත් දේශනා කර නැත. මේවාට යන ධනස්කන්ධය පන්සල් වලින් මුලික වී වත් අසරණ දුප්පතුන් වෙනුවෙන් යෙදෙව්වේ නම් එය මහා පින්කමක් වනු ඇත. (නදී)
සාදු.සාදු.සාදු.මේවා අට මහා කුසල් වේ. කඨිනය දීම,අටපිරිකර පූජාව,ධර්ම දේශනය, ත්‍රිවිද රත්නය උදෙසා දානය දීම එකවර සිදුවන ඉතා වටිනා කුසල් වේ. පින් කැමති ඔබටත් මෙම පින්කම් සදහා සහබාගි වී හෝ මේ ආකාරයට අන්තර් ජාලය තුලින් දැක හෝ එක සමානවම පින් සිදු කර ගත හැක. අන් අය කරන පින් දැක තමා සතුටු වීම ''පත්‍යනුමෝදනා'' ලෙස හැදින්වේ. යම් අයකු යම් දහම් කරුණක් දැන ගැනීමට හෝ ධර්ම දානමය පිනකට සහබාගි වීමට කැමැති නම් පමණක් කතා කරන්න.තෙරුවන් සරණයි සියලු දෙනාට. සියලු සත්වයෝ නිදුක් වෙත්වා.නිවන් දකිත්වා.00393341227517. (නදී)
නිමල් මම වැරදි චේතනාවකින් නෙවෙයි එම ප්‍රකාශය කලේ. (ස)
බොහොමයක් අගය කරන්නේ ආමිස පුජාව. ඉතාම වැදගත් වෙන්නේ ප්‍රතිපත්ති පුජාව. ඒක තමයි බුදුන් වස්හන්සේ දේශනා කලේ.(නදී)
නමුත් එඩ්මන්, දාන,සීල, භාවනා කියල පින් තුන් ආකාරයක සදහනක් තියෙනවා. ඔබ කියන ආකාරයට බුදුන් වදාලේ ''යෝ ගිලානන් උපට්ටේයිය ,සෝ මන් උපට්ටේයිය '' එනම් යම් අයකු ගිලනුන්ට /රෝගීන්ට සලකයිද හෙතෙම මට උපස්ථාන කරන්නේය. දානයේ පල ලැබෙන ආකාරය දැනගන්න ''වේලාම සුත්‍රය, චුල්ල කම්ම විබංග සුත්‍රය'' කියවා තේරුම් ගන්න.මොකද දානයේ ප්‍රබේද කොටස් 16 දක්වා තිබෙනවා.අසරණ අයට දෙන දෙය ආත්ම 1000 දක්වා ප්‍රතිපල ලැබේ. නමුත් සංගික දාන ,කටින පින්කම් හෝ සංගික දාන ආදී සිල්වත් අයවෙත දෙන දාන හෝ කුමන පරිත්‍යාගයක් වුවද ප්‍රතිපල අසන්කෙයියයි.(සීමාවක් නොමැත)යම් කරුණක් දැනගන්න ඕන නම් කතා කරන්න.තෙරුවන් සරණි.00393341227517.(නදී)
සිල්වතුන්ට දෙන දානය සහ කුසගින්නේ ඉන්න අයට දෙන දානය වෙනස්. සිල්වතෙක් හොයාගන්න නම් අමාරුයි. ඒ උනත් කුසගින්නේ ඉන්න කෙනෙක් හොයාගන්න හරිම පහසුයි. ඒ අයගේ කුස පිරෙව්වම හිතට ලැබෙන සතුට අපරිමිතයි, ලැබෙන පින කොහොම උනත්. (ස)
ආගමික සහ ජිවනයට හොඳම උදාහරණයක් ලංකාව තුල ජාති ආගම් අතර භේදභින්න කරන පුද්ගයින් දැනගත යුතුයි. සැවම මිනිසුන් වන වග මොනම ආගම ඇදහුවත් දවසක මේවා දාලා යන්න වෙනවා. ආගම් වල දර්ශනයන්ට අනුව ජිවත්වෙන්නේ නම් මේ ප්‍රශ්නය ඇති වන්නේ නෑ. ලෝකයේ එකම රට ප්‍රධාන පෙලේ ආගම් 4 එක්වර අදහන බුද්ධාගම, කතෝලික ආගම, මුස්ලිම් සහ හිංදු ඒ බහුතරයක් බුද්ධාගම අදහන අය වන බැවින්. නමුත් යම් පිරිසක් මනුෂ්‍යත්වය හරහා ගොඩ නැගි ඇති බුද්ධ ධර්මයට පටහැනිව යමින් රට ඇවිලිමෙ ක්‍රියාවක යෙදි සිටිනවා. (ස)
ජයන්ත මහතාණෙනි, ලංකාවේ පිච්ච මල් ලක්ෂ ගණන් පූජා කරන 'පිච්ච මල් පූජාවෙන්' ලැබෙන ආනිසන්සේ කුමක්ද? (ස)
යම් අයකුට මෙම ආත්ම භවයේදීම අඩුම තරමින් සෝවාන් පලයවත් ලගා කරගැනීමට අවශ්‍යනම් මෙන්න මග: කල්‍යාණ මිතුරු ඇසුර-ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය-ධර්මය නුවනින් විමසීම (යෝනිසෝ මනසිකාරය) -ධර්මයට අනුව හැසිරීම (ධම්මානු ධම්ම පටිපදා) අනතුරුව දාන සීල භාවනා වැඩිම කල යුතුය.එ ය නිවනට මාර්ගයයි. යම් අයෙක් ධර්ම දානයක් කැමති නම් අමතන්න. 00393341227517(නදී)
ජයන්ත මහතාට - අපි බලන්න ඕනේ දානයක තියෙන ප්‍රායෝගික පැත්ත.මොනන මොන සුත්‍ර අටුවාටිකා තිබ්බත් තමන් කරන දේ ගැන හරි අවබෝධයක් තියෙන්න ඕනේ.ලබන ආත්මය ගැන හිතන්න ඕනේ නැහැ තමන් හොඳ දෙයක් කරනවා නම්.පන්සල් වල අපරිමාණ අටපිරිකර තියෙනවා. බැරිද ඒවා අපේ ලංකාවේ දුප්පත් පන්සල් වලට පරිත්‍යාග කරන්න.කරුණාකරලා කියන්න, බිම එරමිණිය ගොතාගෙන පාත්‍රයෙන් දානය වලදන භික්ෂුන් වහන්සේලා කොපමණ ඉන්නවද කියලා. (ස)