පසුගිය බදාදා ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයෙදී පැවැත්වු ධර්මදේශනාවකට සවන්දීමට පැමිණි යුරෝපා ජාතිකයින් ඇතුළු පිරිසකගෙන් පන්සලේ අස්සක් මුල්ලක් නෑර සියලු ඉඩ කඩ පිරී ඉතිරී ගියේය.
ඕස්ට්‍රේලියාවේ බෝධිඥාන විහාරස්ථානාධිපති සංඝපීතෘන් වහන්සේ නමක් ලෙස සුප්‍රසිද්ධ අජාන් බ්‍රහ්මවම්සෝ හිමියෝද දේශන පැවැත්වුහ.
ලන්ඩන් බෞද්ධ විහාරය පිහිටුවා ඇති චිසික් නගරයට යාබද ඇක්ටන් නගරයේ මධ්‍යපන්තික පවුලක උපත ඒ හිමියෝ කුඩා කාලයේ ගමේ පාසලෙන් ඉගෙනුම ලබා ශිෂ්‍යත්වයක් දිනා කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට ඇතුළුවී න්‍යායික භෞතිකවිද්‍යාව හදාරා උපාධියක් දිනාගත්තේය.
වයස අවුරුදු විසි තුනේදී තායිලන්තයේ අජාන් චා බෝධිඥාන මහ තෙරුන් වෙතින් පැවිදි උපසම්පදාව ලැබූ බ්‍රහ්මවම්සෝ හිමි වසර නමයක් වනවාසීව ධර්මය ගැඹුරින් උගත්හ.
උන්වහන්සේ ඕස්ට්‍රේලියාවේ බෞද්ධ සංගමය ඇතුළු බොදු සංවිධාන රැසක උපදේශක තනතුරුද හොබවති.
සරල පැහැදිලි ඉංග්‍රීසි බසින් බුදුදහමේ ගැඹුරු තැන් පිලිබඳව සාමාන්‍ය ජනයා හට මනා අවබෝධයක් ලැබෙන ආකාරයට ධර්මදේශනා පැවැත්වීම සම්බන්ධයෙන් බ්‍රහ්මවන්සෝ හිමියෝ ප්‍රකටව සිටිති.
එංගලන්තයේ විවිධ නගරයන්හිදී බෞද්ධ විහාරස්ථාන, විශ්ව විද්‍යාල සහ අනෙකුත් ප්‍රජා සහ ආගමික සංවිධානයන්ගේ මෙහෙයවීමෙන් ඔක්තෝබර් මාසය පුරා දිනපතා උන්වහන්සේගේ ධර්මදේශනා පැවැත්විණි.
ලන්ඩන් බෞද්ධ විහාරයේ පැවැත්වුයේ එම චාරිකාවේ අවසන් ධර්ම දේශනයයි.
ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක බෝගොඩ සීලවිමල නාහිමියෝ බ්‍රහ්මවම්සෝ හිමියන් පිළිගත්හ. පුණ්‍යාණුමෝදනාවද කළහ.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිට රට ඉන්න අය ගැන ගොඩක් සතුටුයි.(හේ)
මේ පින්තුර ටික දැක්කම මුළු සිතම පහන් වුනා වගේ දැනුනා. බුදු හඩ. බුදු බණ නොඅඩුව ලොවට ඇසේවා (නදී)
ලන්ඩන් බෞද්ධ විහාරය කියන්නේ අනගාරික ධර්මපාල තුමන් දුර දක්නා නුවනින් යුතුව මීට වසර 88 ටකට පෙරා ආරම්භකළ අදට යුරෝපයේ ප්‍රමුඛ ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානය බවට පත්ව ඇති අගනා විහාරස්ථානයයි. එමඟින් බටහිර ජාතීන් අතර නිර්මල බුදුදහම ප්‍රචලිත කරවීද්ම සඳහා අනුපමේය සේවයක් ඉටු කෙරෙනවා.(හේ)
මේ හාමුදුරුවන් ඉතා හොදින් දහම් කරුණු පැහැදිලි කරන බව අසා තියෙනවා.(හේ)
සාධු සාධු! සිල් සුවඳ බුදු සුවඳ මේ ලොව පුරා පැතිරේවා! (නි)
බොදු ඉතිහාසයේ තවත් එක් අසිරිමත් මොහොතක්.! (හේ)
පන්සලට ගැළපෙන විදියට මෙම කාන්තාවන් ඇඳුම් ඇඳගෙන ඒම සතුටක්.සමහර රටවල (ටිකදෙනෙක්) කාන්තාවන් අධික සීතලෙත් එන්නේ, විනිවිද පෙනෙන කලිසම් ඇඳගෙන. අප්‍රසන්නයි....මේවාට අවවාද දී නිවැරදි කළයුතුයි (නි)
බුද්ධා ලම්බන ප්‍රීතිය සිතට දැනෙනවා.(හේ)
ඇත්තටම හොඳ වැඩක්. සාධු සාධු! (නි)
හාමුදුරුවගේ ධර්මය අසා තිබෙනවා නම් සෙනඟ තව ඕනෑතරම් පැමිණේවි. උන්වහන්සේගේ ධර්ම දේශනා අන්තර්ජාලයේ තිබෙනවා (නි)
උපතින් බෞද්ධ වූ ලක්ෂ ගණන් ජනතාව පන්සිල්වත් නොරැක සැබෑ බෞද්ධ දර්ශනයෙන් පරිබාහිර දේ මූලික කොටගෙන ජීවත්වෙද්දී, උපතින් බෞද්ධ නොවූ පින්වතුන් මේ උතුම් දර්ශනය තේරුම්ගෙන සැනසීම ළඟාකර ගන්නවා. (නි)
ලොව පවතිනා තුරු, බුදුසසුන බැබළේවා!!! (නි)
සාධු සාධු සාධු!!! (නි)
හරිම සතුටුයි! (නි)
ලන්ඩන් වල තිබෙන මෙම පන්සල නිසා සුදු ජාතිකයින් අතර පවා විශ්වාසය ගොඩනැඟුනා. පන්සලේ සිටින නායක ස්වාමීන් වහන්සේ ඇතුළු අනෙකුත් ස්වාමීන් වහන්සේලාගේ අවංකභාවය සහ මහත් කැපවීම නිසා මෙම ස්ථානය මුළු යුරෝපයේම ගෞරවයට පාත්‍ර වී ඇත (නි)
18 දා කැනඩාවේ දවසක්ම භාවනා වැඩසටහනක් තිබුනා. ස්වාමින් වහන්සේ හරිම සරල වගේම ආශාවෙන් එය සිදුකළා.තව තවත් එවනි වැඩසටහන් කරන්න ලැබේවායි ප්‍රාර්ථනා කරමි! (නි)
ඇත්තටම හොඳ වැඩසටහනක් (නි)
මම කවදාවත් මේ පන්සලට ගිහිල්ලා නැහැ. (නි)
ඇත්තටම හොද වැඩ සටහනක්.(හේ)
ධර්ම දේශනා පවත්වන එකත්, ධර්මය අසන එකත් අපේ බෞද්ධයන් බොහොම උසස් හැටියට සළකනවා. නමුත් වැඩිදෙනා ඒවා පිළිපදිනබවක් නම් අපේ ධර්මද්වීපයේ සිද්ධවෙන දේවල් වලින් පෙනෙන්නේ නැහැ (නි)
බුදුන් වහන්සේගේ ධර්මය බුද්ධිමත් මිනිසුන් සඳහායි කියන්නේ ඒකතමයි (නි)