ගිය වසරේ මැයි මාසයේදී චෙන්නායිහිදී ශ්‍රි ලංකා සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය යුවළක් පැහැර ගැනීමක් සම්බන්ධයෙන් ලන්ඩනයේ ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය චෙන්නායි පොලිස් කොමසාරිස් හමු වී සාකච්ඡා කළේය.
බ්‍රිතාන්‍ය පුරවැසි භාවය ලැබු තවරාජා (59) සහ ඔහුගේ බිරිය සලාජා (55) නම් මෙම වැඩිහිටි යුවළ පැහැරගෙන ඇත්තේ ඉන්දියා රුපියල් දෙකෝටි පනස්අට ලක්ෂයක (ශ්‍රී ලංකා රුපියල් පන්කෝටි හතලිස් ලක්ෂයක් ) කප්පමක් කෑම සඳහා බව ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය කියයි.
චෙන්නායි පොලීසිය මේ සම්බන්ධයෙන් නව දෙනකු අත්අඩංගුවට ගත් බවත් ඉන් දෙදෙනකු ශ්‍රී ලාංකිකයන් බවත් කියති.
මෙම යුවළ පැහැර ගැනීමට කුමන්ත්‍රණය කළැයි ලන්ඩන් පොලීසිය ලන්ඩනයේදී ත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එම යුවළ තිරුචිරපල්ලපල්ලි කෝවිලට යාම සඳහා පැමිණ සිටියදී පැහරගෙන ඇතැයි කියති.
ලන්ඩනයේ සිටින දියණිය දර්ශනීගෙන් කප්පම් ඉල්ලා ඇතැයිද අත්අඩංගුවට ගත් ඇතැමුන් එම යුවළගේ ලන්ඩන් ආයතනයේ සේවකයන් බවද කියති.
කප්පම්කරුවන් හා ඇය සමඟ පැවැති දුරකතන කතා බහ පටිගත කැර ඇය ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසියට දී ඇත.
ලන්ඩනයේ පැවැත්වෙන නඩු විභාගයට සාක්කි හා ලේඛන සොයා ගැනීම සඳහා ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය චේන්නායි නුවරට පැමිණියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණු ඉන්දියාවේ දේශපාලනයක් මෙතනට ඇද ගෙන මුව හැමට තලන්න උත්සාහ කරන්න එපා. අපේ පාලකයෝ බ්‍රිතාන්‍යට බැණ වදින්න කියල ජනතාවට උගන්වන නිසා බ්‍රිතාන්‍යයෙන් හොඳ වැඩක් වෙනකොටත් ඒක දකින්න තරම් විචක්ෂණ වෙන්න අපේ මිනිසුන්ට බැහැ. ලංකාවට විසඳගන්න බැරි අපරාධ පිලිබඳ ප්‍රශ්නවලදී අපට උදව්වෙන්නෙත් ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය බව අමතක කරන්න එපා. (අ)
චේන්නායි නුවරට....?චේන්නායි කවදද නුවරක් උනේ මහා ජරම පැත්තක්.... (දී)
දකුණු ඉන්දියාවේ ඉඳගෙන ශ්‍රිලංකාවේ ද්‍රවිඩ ජාතිකයන්ගේ මානව හිමිකම් ගැන කියමින් කිබුල් කදුළු හෙලන අය දැන් මොකද කියන්නේ ? (නදී)