ශ්‍රී ලංකා ජනාධිපතිට සහ ජනතාවට සෙත් පතා ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයයේ වාර්ෂික පරිත්‍රාණ ධර්ම දේශනය සහ දානමය පිංකම පැවැත්වීමට යයි.
මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ වැඩ බලන මහ කොමසාරිස් ශාමලී රොඩ්රිගෝ මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලයේ සංවිධායකත්වයෙන් ලන්ඩනයේ අනෙකුත් ශ්‍රී ලාංකික රාජ්‍ය ආයතන කාර්ය මණ්ඩල සහ හිතමිත්‍රාදීන්ගේ සහයෝගීත්වයෙන් මෙම පින්කමට ලන්ඩන් නුවර සහ ඒ අවට ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථානයන්හි මහා
සංඝරත්නය වැඩම කරවීම සඳහා අවශ්‍ය කටයුතු සුදානම් කර ඇත.
පිරිත් පිංකම 14 වන සිකුරාදා සවස 7 සිට 11 දක්වාත් හීල් දානය පසුදින උදෑසන 7 ට බටහිර ලන්ඩන් නුවර හයිඩ්පාර්ක් උද්‍යාන මාවතේ අංක 13 දරන ස්ථානයේ මහ කොමසාරිස් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.
මෙම පින්කම් සඳහා සහභාගීවන ලෙස සියලුම ශ්‍රී ලාංකිකයින් හට මහ කොමසාරිස් කාර්යාලය ආරාධනා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd