ලන්ඩන් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම විහාරාධිපති මහාබ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ඩබ්ලියු.ඩී.විජයරත්න, අනුලා විජයරත්න, සුසන්ත ද අල්විස්, විනීතා ද අල්විස් සහ එම පවුල් දෙකෙහි දුදරුවෝද, ඥාතීහුද සහ හිතවත්හුද දායකත්වය දැරූහ.
සීලවිමල නාහිමියන් සමඟ ලන්ඩන් විහාරවාසී පුජ්‍ය තවලම බන්දුල හිමි, කෝන්වැවේ අරියරතන හිමි, සුසාර හිමි, කළුගමුවේ කස්සප හිමි, නැගෙනහිර ලන්ඩනයේ ලුම්බිණි විහාරාධිපති මාකුරේ මංගල හිමි,ලන්ඩන් නුවර රෙඩ්බ්‍රිජ් බෞද්ධ විහාරාධිපති පෙතිගමුවේ හේමරතන හිමි, එම විහාරවාසී කලවානේ ආනන්ද හිමි, ලේච්වර්ත් බෞද්ධ විහාරාධිපති දෙදියවල විමල හිමි, තේම්ස් බෞද්ධ විහාරාධිපති ඇහැලියගොඩ ධම්මපාල හිමි, ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ විහාරවාසී කැටියපේ අමිතසාර හිමි සහ ගලයායේ ධම්මදස්සී යන හිමිවරුන් පිංකමට සහභාගී වුහ.
කඨින චීවර පුජාවෙහි ඇති වැදගත්කමත් එයින් ලැබෙන මහාත්ඵල මහානිසංශ පිළිබඳවත් සීලවිමල නාහිමියන් විස්තරකරදුන් අනුශාසනාව පැවැත්වීය. කෝන්වැවේ අරියරතන හිමියෝ සිංහල ධර්මදේශනාව පැවැත්වූහ.
මාකුරේ මංගල හිමි, පෙතිගමුවේ හේමරතන හිමි, ඇහැලියගොඩ ධම්මපාල හිමි සහ කෝන්වැවේ අරියරතන හිමියෝ විනය කර්මය පැවැත්වීමෙන් අනතුරුව වැඩමකර සිටි මහා සංඝරත්නයේ ඒකමතික තීරණයෙන් කඨින චීවරය ලන්ඩන් බෞද්ධ විහාරවාසී කළුගමුවේ කස්සප හිමියන්හට පුජාකැරිණි.
මහා බ්‍රිතාන්‍යයේ වැඩබලන ශ්‍රී ලංකා මහ කොමසාරිස් ශාමලී රොඩ්රිගෝ ඇතුළු ශ්‍රී ලාංකික මෙන්ම අන් ජාතික බෞද්ධ සැදැහැවතුන් විශාල සංඛ්‍යාවක්ද පිංකමට සහභාගී වුහ.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඉතාමත් හොඳ පින්කමකි. ලන්ඩනයේ පරණම පන්සල වන මෙම පන්සල ලන්ඩනයේ සහ අවට සියලුම පන්සල් වලට මෙම පින්කමට අරාධනා කලත් සිල්වත් පින්වතුන් ගැවසෙන සහ සිල්වත් හිමි වරුන් වැඩ වසන ලන්ඩනයේ මහමෙවුනා අසපුවට අරාධනා නොකිරීම මට මෙන්ම බොහෝ අයට ගැටලුවකි. (ර)
ලන්ඩනයේ වීරේ මහතා කියන්නාක් මෙන් මෙය මටද ගැටලුවකි. (ර)
මහමෙවුනා අසපුව ඉතාම අගනා ශාසනික සේවාවක් කරන බව පෙනෙන්නට තියෙනවා. කිසියම් හේතුවක් නිසා එම විහාරස්ථානයේ කඨින පින්කමක් පැවැත්වෙන්නේ නැහැ. අනිකුත් විහාරස්ථානවල පින්කම් සඳහා මහමෙව්නා අසපුවේ ස්වාමීන්වහන්සේලා සහභාගීවන බවක් පෙනෙන්නෙත් නැහැ. අනෙක් ශ්‍රී ලාංකික විහාරස්ථාන වලින් අසපුවේ ස්වාමීන්වහන්සේලාට ආරාධනා කරනවාද නැද්ද කියා දන්නේ නැතිව අදහස් පලකිරීම නොසුදුසු බවයි කිවහැක්කේ. උන්වහන්සේලා ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ දානමය පින්කම් වලට වදින බවනම් දැක තියෙනවා. එවැනි අවස්ථාවල අනෙකුත් ස්වාමීන් වහන්සේලා ප්‍රමාධවී වැඩම කිරීම හේතුවෙන් දානය පුජා කිරීමට නියමිත කාලයට වඩා ප්‍රමාදවූ අවස්ථාවල අසපුවේ ස්වාමීන් වහන්සේලා පමණක් දානය වැළඳීමෙන් වැළකී සිටි අවස්ථාත් අප දැක තිබෙනවා. විනය පිලිබඳව උන්වහන්සේලාතුල ඇත්තේ ඉතාම සැලකීමක් බව බොහෝ දේවලින් පෙනීගොස් තිබෙනවා. (ර)
පුක්කුස වීරේ ගේ ඉහත අදහස කියවන මට හැඟුනේ ලන්ඩනයේ මහකොමසාරිස් කාර්යාලයේ අය 'වෙලාවට වැඩ කරන' කට්ටියක් බවයි. ඔවුන්ට දෙපාරක්ම දානේ වෙලාව වැරදිලා.(බ)
දවල් 12 ම පමණක් සැලකිල්ලට ගෙන දන්නොවලදා සිටීම යනු සමූහික විනය කැඩිමයි. අසපු වැසි හිමිවරුන්ගේ හෝ අනිකුත් හිමිවරුන්ගේ විනය ගැන කතා කිරීමට අපට අයිතියක් නැත. එහෙත් සංඝ සම්මතය යනු ප්‍රභලම එකගතාවයයි. ස්වාමීන් වහන්සේලා පිරිසක් දන්වලදද්දී තවත් ස්වාමීන් වහන්සේලා පිරිසක් වළදා නොසිටිමෙන් බුදු රදුන් ඉහලින් අගය කළ සංඝ සම්මතයට ගරු නොකිරීම මගින් එම අසපු හිමිවරු බලා පොරොත්තු වන්නේ කුමක්දැයි නොදනිමි. විකාලය යනු 12 පසු යන්න නොව. එය නිවැරදි විය යුත්තේ ප්‍රධාන ආහාරයෙන් පසුව වරින් වර ආහාර නොගැනිම යන්නයි. තවද ස්වාමීන් වහන්සේලා ප්‍රධාන වශයෙන් වැලකිය යුත්තේ සතර පාරාජිකවලිනි. විකාලයේ ආහාර ගැනීම සුලු ඇවතක් පමණි. එය ඇවැත් දෙසා නිවැරදි කර ගත හැක. මානය හිතේ තියාගෙන දන් නොවලදා සිටීමෙන් දන් වලදන ස්වාමින් වහන්සෙලාව අපහසුතාවයට පත් කරනවා පමණක් නොව දන් දෙන පින්වතුනගේ කුසල චේතනාවටද හානි කරන බවයි අපගේ අදහස. බුදු දහම යනු බුද්ධිමතුන්ගේ දර්ශනයක් මයි. සැමට තෙරුවන් සරණයි! (අ)
සිරිමල්, ඔබ හරි. මහමෙවුනාවේ වැඩ වසන හිමිවරු බොහෝ විනයධරයි. විශේෂයෙන්ම දායකයෙක් දානය පරක්කු වී ගෙන ගියහොත් උන්වහන්සේලා විකාල භෝජනයෙන් වැළකී එම සත් ක්‍රියාව මෙනෙහි කරමින් බඩගින්න ප්‍රහීන කරගන්නවා. මහකොමසාරිස් කාර්යාලයේ දානමය පින්කම් වලට පමණක් උන්වහන්සේලාට ආරාධනා දෙකක් මේ දක්වා ලැබුනත් එම අවස්ථා දෙකේදීම විකාල භෝජනය අකැප නිසා උන්වහන්සේලා පමණක් දානය පිළිගෙන, වැළඳීමෙන් තොරව දෑස වසා නිසලව සිටියා. (ර)
ඉතා හොඳ වැඩක් (නි)
සාමුහික පැවැත්ම, සමගිය ශාසනයේ පැවැත්මට ඉතා අවශ්‍යයි. කවුරු සිල්වත්ද නැද්ද කියා මනින්න ගිහියන්ට ඇති අයිතිය කුමක්ද? මේ රටවල මොන පන්සලෙත් හිමිවරු කරන සේවය උදාරයි. ඒ ගැන සිතන්න. බුද්ධියෙන් සිතන්න. හැඟීම් වලට මුල් තැන දෙන්න එපා. (නි)
කඨින පිංකම් ඉතාම සුළුවට අඩු වියදමින් කරගන්න පුළුවන්කම තිබිද්දී අනවශ්‍ය විදියට වියදම් කරනවාට අපි විරුද්ධයි (නි)
වීරේ, 12 පහුවුණ පමණින් විකාල භෝජනයට අහුවෙනවා යැයි මම නම් හිතන්නේ නැහැ (නි)