යුරෝපයේ දැවැන්තම ශ්‍රී ලාංකික සැණකෙළිය බවට පත්ව ඇති " ශ්‍රී ලංකා ක්‍රිකට් සැණකෙළියේ" සභාපති තනතුරට මහනුවර ධර්මරාජ විද්‍යාලයත් ආදී ශිෂ්‍ය උපුල් ඒකනායකත් ඒකමතිකව පත් කැර ගැණිනි.
එංගලන්තයේ ඇති ශ්‍රී ලංකා ප්‍රධාන විද්‍යාල ආදී ශිෂ්‍ය සමිති මේ සැණකෙළිය සමරයි.
පාසල් 35ක සංගම් ක්‍රිකට් සැණකෙළියට ක්‍රිකට් කණ්ඩායම් සහභාගී කරවයි.
එහිදී දවස පුරාම සීමිත ක්‍රිකට් තරඟ නැරඹීමටත් ක්‍රීඩා පිටිය අවට කඩ සාප්පු වලින් ශ්‍රී ලාංකික කෑම බීම, එලවළු, පළතුරු, සිල්ලර බඩු සහ අනෙකුත් ද්‍රව්‍ය මිලදී ගැනීමටත් ලාංකිකයෝ පුරුදු වී සිටිති.
පාසල් නියෝජිත ඡන්දයෙන් සඪාපති තෝරා ගැනෙයි.
ධර්මරාජ විද්‍යාලයීය ආදී සිසු සංගමයේ එක්සත් රාජධානි ශාඛාවේ සභාපති ද උපුල් ඒකනායකයි.
විසින් 2007 වසරේ සිට හොබවන අතර මෙම කාලය තුලදී ඔහු විසින් සාමාජිකත්වය ප්‍රවර්ධනය , විවිධ ක්‍රීඩා ඉසව් වෙනුවෙන් තම පාසල නියෝජනය කරවීම, ආගමික සංස්කෘතික අවස්ථාවන් සංවිධානය කිරීම සහ තම මව් පාසලේ දියුණුව වෙනුවෙන් සහෝදර සාමාජිකයන් සමඟ එක්ව විවිධ උපකාර කිරීම් වැනි කටයුතු ඉටු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ශුභ පැතුම් ! (ර)
සුබ පැතුම්.(හේ)
කවදාවත් තනතුරු පස්සේ යන පුද්ගලයෙක් නෙවෙයි. අවංක, නිහතමානි, වැදගත් ධර්මරාජ ආදී සිසුවෙක්. අපේ සුභ පැතුම්! (නදී)