එංගලන්තයේ ‘ලන්ඩන්’ නුවරදී මේ මස 27 වැනිදා ආරම්භවන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) කොළඹ ඔලිම්පික් නිවහනේදී ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා සමග නිල ජායාරූපයට පෙනී සිටියේය.
ක‍්‍රීඩා උළෙලට සහභාගිවන පිහිනුම් ක‍්‍රීඩක හේෂාන් උණම්බුව, පිහිනුම් ක‍්‍රීඩිකා, රෙෂිකා උඩුගම්පොළ, ඉලක්කයට වෙඩි තැබීමේ ක‍්‍රීඩක මංගල සමරකෝන් සහ බැඞ්මින්ටන් ක‍්‍රීඩිකා තිළිණි ජයසිංහ මෙම අවස්ථාවට සහභාගිවුහ. බැඞ්මින්ටන් ක‍්‍රීඩක නිලූක කරුණාරත්න, මැරතන් ක‍්‍රීඩක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ සහ මීටර 400 කඩුලූ පැන දිවීමේ ක‍්‍රීඩිකා ක‍්‍රිෂ්ටි සොනාලි මෙරිල් විදෙස් ගතව සිටීම නිසා මෙම අවස්ථාවට සහභාගි නොවුහ.
ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා, ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මිය මෙන්ම කළමනාකාරවරුන්ද මෙම අවස්ථාවට සහභාගිවුහ.
ජායාරූපය :
ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම්
(ජායාරූපය : සුමින්ද සුදර්ශණ)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට යන නිලධාරීන් ගනණ ක්‍රිඩකයනට වඩා වැඩිද?
මොකක්ද කට්ටිය කරන ක්‍රීඩාව?
එහෙම වෙන්න එපෑයැ , නිකන් බලා සිටීමේ ක්‍රීඩාව නියෝජනය කරන්නත් එපැයි....
සිසිර හරි අනිවාර්‍යයෙන්ම සිද්ධවේවි........ජනතා මුදල් නේ........