IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලන්ඩන් ඔලිම්පික් යන ශ්‍රී ලංකා කණ්ඩායම

එංගලන්තයේ ‘ලන්ඩන්’ නුවරදී මේ මස 27 වැනිදා ආරම්භවන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) කොළඹ ඔලිම්පික් නිවහනේදී ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා සමග නිල ජායාරූපයට පෙනී සිටියේය. ක‍්‍රීඩා උළෙලට සහභාගිවන පිහිනුම් ක‍්‍රීඩක හේෂාන් උණම්බුව, පිහිනුම් ක‍්‍රීඩිකා, රෙෂිකා උඩුගම්පොළ, ඉලක්කයට වෙඩි තැබීමේ ක‍්‍රීඩක මංගල සමරකෝන් සහ බැඞ්මින්ටන් ක‍්‍රීඩිකා තිළිණි ජයසිංහ මෙම අවස්ථාවට සහභාගිවුහ. බැඞ්මින්ටන් ක‍්‍රීඩක නිලූක කරුණාරත්න, මැරතන් ක‍්‍රීඩක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ සහ මීටර 400 කඩුලූ පැන දිවීමේ ක‍්‍රීඩිකා ක‍්‍රිෂ්ටි සොනාලි මෙරිල් විදෙස් ගතව සිටීම නිසා මෙම අවස්ථාවට සහභාගි නොවුහ. ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා, ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මිය මෙන්ම කළමනාකාරවරුන්ද මෙම අවස්ථාවට සහභාගිවුහ. ජායාරූපය : ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම් (ජායාරූපය : සුමින්ද සුදර්ශණ)



අදහස් (0)

ලන්ඩන් ඔලිම්පික් යන ශ්‍රී ලංකා කණ්ඩායම

sisira Thursday, 12 July 2012 05:17 PM

මේකට යන නිලධාරීන් ගනණ ක්‍රිඩකයනට වඩා වැඩිද?

:       0       0

ssp Friday, 13 July 2012 09:04 AM

මොකක්ද කට්ටිය කරන ක්‍රීඩාව?

:       0       0

ප්‍රභාත් Thursday, 12 July 2012 11:29 PM

එහෙම වෙන්න එපෑයැ , නිකන් බලා සිටීමේ ක්‍රීඩාව නියෝජනය කරන්නත් එපැයි....

:       0       0

සමන් Friday, 13 July 2012 01:09 AM

සිසිර හරි අනිවාර්‍යයෙන්ම සිද්ධවේවි........ජනතා මුදල් නේ........

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site