පානදුර රෝහලේ ඉවත් කළ භාණ්ඩ වෙන්දේසියකදී එක්ස්රේ යන්ත්‍ර තුනක් එහි සේවකයකු සුළු මුදලකට ලබා ගෙන ඇතැයි එහි සේවකයෝ පිරිසක් කියති.

පරණ එක්ස්රේ යන්ත්‍රයක්  රුපියල් අටදහස බැගින් වෙන්දේසියේ විකුණා ඇතැයි ද එය සැකකටයුතු බව ද කියති.

බස්නාහිර පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂිකා වසන්ති රත්නපාල මහත්මිය පැවසුයේ වෙන්දෙසියක් වු බව දන්නා නමුත් වංචාවක් සිදු වු බව නොදන්නා බවයි.ඒ ගැන සොයා බලන බවද ඇය කීවාය.