දඹුල්ල කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ ගලේවෙල බෙලිගමුවේදී ලොකු ලූනු පැටවු කන්ටේනර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පාලමක් මතින් බිමට පෙරලීමට ගොස් මාර ගසක ගැටී නැවතී ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.
කොළඹ සිට දඹුල්ලට ලූනු කිලෝ 50,000ක් පටවා ගෙන එමින් තිබු කන්ටේනර් රථයේ රියදුරු වෙනත් රථයකට ඉඩ සැලැස්වීමට යාමේදී මෙලෙස මාර්ගයෙන් ඉවතට පැන ප‍්‍රතිසංස්කරණය කරමින් තිබු පාලමක් මතින් ගොස් රථය ඇලකට පෙරලීමට ආසන්නව තිබියදී ඒ අසල තිබු මාර ගසක ගැටි රථයේ ඉදිරිපස කොටස එල්ලෙමින් තිබිණි.
විශාල අනතුරක් මෙම මාර ගස නිසා බේරි ගිය බව ප‍්‍රදේශවාසිහු පැවසූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටරට ගොවියට සහන ලැබෙන බව නම් පෙනේ. (ර)
දවසට ක්න්ටිනේර් 20 30 විතර යනවා.. රට ලුණු.අපේ එ්ව විසි කරනවා හැමදාම..කිසිම මැනේජ්මන්ට් එකක් නෑ. (ස)
කොළඹ ඉඳලා දඹුල්ලට ළුෑණු ගෙනියනවද? (ස)