රුපියල් 20 සිට 30 දක්වා ඉහළ නැංවු ලොතරැයි මිල යළි පැරණි මිලටම අලෙවි කිරිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනිම සඳහා ජනපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් දී ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ලක්ෂමන් යාපා මහතා අද (17) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය..
ලොතරැයි මිල ඉහළ දැමීමත් සමග එහි අලෙවිය පහළ ගිය බව කියමින් ලොතරැයි අලෙවි නියෝජිතයෝ මේ වනවිට වර්ජනයක නිරතව සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොතරැයි මණ්ඩලයේ සභාපතිනිය ලැජ්ජාවක් ඇත්නම් ඉල්ලා අස් විය යුතුය. සීත කාමර වල සිට තීරණ ගත් ඇමතිවරුන්ට කනේ පහරක් මේක. (බ)
හොඳම මුදල් ඇමැතිගේ නා ගැනීම සහ අනා ගැනීම දැන්වත් ඉවර වෙයිද ? (බ)
රටේ නැති ප්‍රශ්නයක් ඇති කරලා පස්සේ අාපහු තිබුන විදිහටම වෙනස් කරලා කියනවා ඔන්න අපි මේ ප්‍රස්නේ විසදුවා කියල.අනේ මෙහෙමත් මිනිස්සුන්ව රවටන ආණ්ඩුවක්..(බ)
ලොතරැයි කියන්නේ කිසිම ලෙසකින් අත්‍යවශ්‍ය දෙයක් නොවන නිසා මිල වැඩිකළාට කමක් නැහැ. එ්ක රජයට ආදායමක්. අයවැයකින් සම්මතවුණ දෙයක් වෙනස් වුණාම විහිළුවක්. මිනිස්සු උද්ඝෝෂණය කරන වාරයක් ගානේ තීරණ වෙනස් කළාම රටක් පාලනය කරන්න පුලුවන්ද. (නි)
තිළිණ, ආණ්ඩුව මිනිස්සු රැවටුවේ නැත . මිනිස්සු ලැබූ නිදහස අසාධාරණ ඉල්ලීම් ලබාගැනීමට භාවිතා කිරිමක් (බ)
මේක නින්දා සහගත විසඳුමක්. (බ)
මේක රටේ මහා ලොකු ප්‍රශ්නයක් නෙමේ,,මෙයට වඩා ලොකු ප්‍රශ්න මග හරින්න මේ වගේ ප්‍රශ්න ආණ්ඩුවෙන් ගේන්නේ,,,අපි බුද්ධිමත්ව සිතන්න ඕනේ,,,(බ)
මිල වැඩි කරනකොට ඔය දැන් අඩු කරපු අය දන්නේ නැද්ද. එයාල දැනගත්තේ අදද? (බ)
එහෙනම් නම් දැඩි කරපු අනිත් ඒවත් පිළිවෙලකට අඩු කරගෙන යමු (බ)
බුද්ධික එක්ක මම 100% එකඟයි. මේ තීරණය වැරදියි. ඕනෑම දෙයක මිල ඉහළ ගියාම ටික දවසක් යනතුරු අලෙවිය පහළ යන එක ස්වාභාවිකයි. ඕනෑම අත්‍යවශ්‍ය භාණ්ඩයකට වුණත් මේක තමයි වෙන්නේ. ලොතරැයි කියන්නේ වැඩිපුර තියන සල්ලි වලින් ගන්න දෙයක්. ආණ්ඩුවට සල්ලි හම්බ කරන්න දැන් කවුරුවත් ඉඩ දෙන්නේ නැහැ. ඕනෑ එකටයි එපා එකටයි දෙකටම උද්ඝෝෂණ. ඔක්කොම අඩුවට දුන්නම ආණ්ඩුව ගෙනියන්නේ කොහොමද? (නි)
මුදල් ඇමති වෙලත් කරන කියන කිසි දෙයක් හරියන්නේ නැනේ. අනේ මන්දා මොකද කියලා. වෙලාවවත් බලාගන්න ඕනේ. (බ)
හරිහමන් ප්‍රතිපත්තියක්, කොන්දක් නැති පිරිසකුයි ආණ්ඩු කරන්නේ. මේවගේ දෙයක් වෙයි කියලවත් හිතාගන්නවත් බැරි, දුර දැක්මක් නැති උදවියද මහ පුටුවල ඉන්නේ...? ලැජ්ජයි මහත්තයෝ. මීට කලින් 25,000/- හේ දඩේ අයින්කළා. දැන් මේක. (බ)
එතෙක් මෙතෙක් වර්ජන ගැන අසා නොතිබුණු පාර්ශවයන් පවා වැඩවර්ජන වලට පෙළඹීම නව රජයේ නිදහස යුතු ලෙස පාවිච්චි කිරීමක්ද, නැතහොත් පරිපාලනයේ වරදක්ද යන්න විමසා බැලීමට කාලය එළඹ ඇත..(බ)
මේවගේ අලුත් ප්‍රශ්න මවලා ඒවා එවෙලේම විසඳනවා. කැප්පෙටිපොල ආදීන් ජාතික වීර ලැයිස්තුවට එක්කළා, රාජ්‍ය නිලධාරීන්ගේ ටයිපටිය බුරුල්කළා, බලන්න මේ දැවෙන ප්‍රශ්න වහා විසඳන හැටි. අපනම් සැබෑ වාසනාවන්ත ජාතියක්. (බ)
දැන් ඉතින් කට්ටිය කෑගහයි මේකත් මහින්ද මහත්තයා වැඩිකරලා මෙයාල අඩුකළා වගේ. මෙයාලගේ සැළසුම් මේවා (නි)
ලොතරැයියක් මිලදී ගැනීම යනු මිලට ගන්නාගේ කැමැත්ත අනුව සිදුවන දෙයක්. අත්‍යවශ්‍ය භාණ්ඩයක්ද නොවන මෙහි මිල අනවශ්‍ය ලෙස ඉහල නැංවීමෙන් සිදුවනුයේ රජයට ඉහළ අදායමක් ලැබෙන ලොතරැයි කර්මාන්තයේ පරිහානියයි. එනිසා මෙය රජය පැත්තෙන් ගත් හොඳ තීරණයක් (බ)
රටේ විධායක ජනාධිපති වරයෙක් ඉන්නවා කැබිනට් මණ්ඩලයක් තියනවා ඇමතිවරයකුට බැ තීරණ ගන්න අනික මේක අසාධාරන ඉල්ලීමක් නෙමේ ලොතරැයි මිලදී ගන්න පාරිබෝගිකයට වෙන අසාධාරනයක් රජයට මුදල් අවශ්‍ය වුනාම මහජනයව තලා පෙලන්න බෑ ජනාධිපති තුමාගේ ඒ පියවර ඉතාම සාධාරනයි (බ)
එක්කෙනෙක් වැඩි කරනවා,තව එක්කෙනෙක් අඩු කරනවා.\"අන්තෝ ජටා බහි ජටා \" (ම)
මේ වෙනකොට හරියටම පාඩුව කොටි 5 ඉක්මවා ඇත . (ම)
හොඳම මුදල් ඇමැතිද ? , හොඳටම නා ගන්න මුදල් ඇමැතිද ? (ම)
බුද්ධික, නලීන්, දැන් ඔයාලා කියන්නේ ලොතරැයිය අත්‍යවශ්‍ය දෙයක් නොවෙන නිසා මිල වැඩිවුණාට කමක් නැහැ කියලානේ. හරි මිල වැඩිවෙනකොට මිනිස්සු ලොතරැයි මිලදී ගන්න එක අඩු කරනවා. එතකොට ලොතරැයි විකුණලා පොඩි සොච්චමක් හොයලා ජීවත්වෙන අහිංසක මිනිසුන්ගේ දරු පවුල් වල බඩගින්න නිවන්නේ ඔයාලාද. හොඳට ඇස් ඇරලා බලන්න ඇවිදගන්න බැරි ආබාධිත කී දෙනෙක් රෝද පුටුවල අව්වේ වේළි වේළි ලොතරැයි විකුණලා ජීවත්වෙනවද කියලා. ප්‍රශ්නයක් දිහා බලනකොට යථාර්ථවාදී වෙන්න පක්ෂග්රාහී වෙන්න එපා. (නි)
මේක අතීසාරයට අමුඩ ගහන ආණ්ඩුවක්.(ම)
මේ ආණ්ඩුවේ මංගල අය වැයේ ඉදලම කරපු හැම දේම මෙහෙම තමයි (හේ)
විධායක ජනාධිපති ධූරයේ ඇති සුවිශේෂ බලය පාවිච්චි කිරිමට හැකිවීම එහි ඇති වටිනාකමයි. මේ නිසා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරිම නොකළ යුතුයි. (නි)
අනේ මන්දා, සමහරු වැඩි කරපු වෙලෙත් ඒකට හුරේ දැම්මා. දැන් අඩු කලහම කියනවා අපේ තුමාගේ වැඩ තමා කියලා. කමක් නැහැ අවරුදු පහ ඉවර වෙනකොටත් ඔක්කොම පිස්සු නටල අයෙත් තිබ්බ වගේ හදලා යන්න පුළුවන් නම්. (ර)
හැම තිස්සෙම අලිමංකඩ කියලා පාමංකඩ යනවා. (ර)
මේවාට ලොතරැයි මණ්ඩලයේ සභාපතිනිය මොනවා කරන්නද? (ර)
මේක 20ටම තිබුනා නම් අලුත් අවුරුද්දෙ මිනිස්සු කාලා ඇඳලා ජීවත්වෙනවා. මේ ආණ්ඩුව නම් අන්තිමයි (නි)
අනේ හොඳයි අසරණ ලොතරැයි වෙළෙන්දන්ජ වෙනුවෙන් කල හොඳ වැඩක්. (ර)
ඕක තිබුන විදිහට තියෙන්න ඇරියා නම් ඉවරනේ (නි)
රුපියල අවප්‍රමාණය වෙලා ණය බර වැඩිවීම, මහබැංකු වංචාව, සංචිත අඩුවීම හා ආයෝජන ඉවත්වීම, ආර්ථික වර්ධනය අඩුවීම, ඒක පුද්ගල ආදායම අඩුවීම, භාණ්ඩ මිල ඉහළයාම, නිෂ්පාදන ආර්ථිකයට බදු ගැසීම, ගොවිතැන නැති කරලා ආහාර සුරක්ෂිතතාවය නැති කිරීම, ගොවියා නැතිවීම, මැති ඇමතිවරුන්ගේ දීමනා වාහන වැඩිකිරීම, අයවැය පරතරය වැඩිකිරිම, සංවර්ධනය නැතිකිරීම, අයවැය යෝජනා කිසිවක් ක්‍රියාත්මක නොවීම ආදිය හොඳම මුදල් ඇමති ලෙස තේරිපත්වීම සඳහා බලපාන්න ඇති. අනේ කාලේ වනේ වාසේ! (නි)
කෝ මේ දඩබ්බර මුදල් ඇමති (හේ)
මට නම් වසරේ හොඳම විහිළුව දකුණු ආසියාවේ හොඳම මුදල් ඇමති ලංකාවේ වීම. (නි)
ඩුබායි රටේ බැංකු වල ,ඉතාලියේ සෙන්ට් ෆ්රැන්සිස්කෝ බැංකු වල,හෝන්කොන් රටේ බැංකු වල ශි ෂෙල් රටේ බැංකු වල තිබෙන කෝටි ප්‍රකෝටි ගණනින් වූ හිමිකරුවන් නොමැති මුදල් නැවත ජනතා සතු කරන්න ජාතික ප්‍රතිපත්තියක් ඇති කරන්න.(හේ)
ගසා කනවා කියලා මෙහෙමත් ගසා කනවද හොද වැඩේ ගොන් ආණ්ඩුව (බ)
වෙච්ච දෙයක් අන්තිමට.(හේ)
නුවණක්කාර තීරණයක් (නි)
කමල්, ටිකිරි බණ්ඩා, මොළයක් කියලා දෙයක් උත්පත්තියෙන් ඔය දෙන්නට පිහිටලා නැද්ද. රෙදි නැතුව ආණ්ඩුව කඩේ යන්න එපා අනේ. (නි)
අනේ මෙහෙමත් නාගන්න ආණ්ඩුවක්. තව සබන් ඕනේද ? (බ)
අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමා මැදිහත් වෙලා මේ ප්රශ්නය ඉතාමත්ම සාදාරන විදියට විසදීම ගැන අපි ඔබතුමාට ගෞරව කරනවා. ඒ වගේම අපිට නම්‍යශීලී නායකයෙක් කාලෙකට පස්සේ ලැබිලා තියෙනවා. මහජනතාව මත බර පිට බර පටවලා තමන්ගේ වරප්‍රසාද සහ දීමනාවල් වැඩිකරගෙන වැජඹෙන්න හදන ඇමතිවරුන්ට ඔබතුමා හොදම පිළිතුරක් ලබාදීලා තියෙනවා. ලොතරැයි අලෙවි කරුවන්ටත් අපි ස්තුතිවන්ත වෙන්න ඕනා එකාවගේ සාමුහිකව වැඩ කරලා තමන්ට වෙන්න ගිය විශාල අසාධාරණය වළක්වා ගත්තා. අපේ අනෙක් අයත් තේරුම් ගන්න ඕනා එකාවගේ සාමුහිකව වැඩ කළොත් අහිංසක ජනතාවට වෙන අසාධාරණ ගොඩක් වළක්වා ගන්න පුළුවන් කියලා. (බ)
දුරදිග නොබලා සමහරු කරන වැඩ! ලොතරැයි වෙළෙන්ඳන්ට ජයවේවා! (නි)
එතෙක් මෙතෙක් වර්ජන ගැන අසා නොතිබුණු පාර්ශවයන් පවා වැඩවර්ජන වලට පෙළඹීම නව රජයේ නිදහස අයුතු ලෙස පාවිච්චි කිරීමක්ද, නැතහොත් පරිපාලනයේ වරදක්ද යන්න විමසා බැලීමට කාලය එළඹ ඇත (නි)
මෙය අසවලාට හොඳ කණේ පහරක්. (නි)
මට නම් ඕවා නිකන් දුන්නත් එපා (නි)
මේ වැඩෙන් පෙනෙන්නේ ආර්ථික විශේෂඥයන්ට වැඩිය ආර්ථිකය ගැන හොඳ දැනුමක් ජනාධිපතිතුමාට තිබෙන බවයි. ඉදිරිපත්කළ දෙවැනි අයවැයෙත් සිදුරු එමටයි. ඕකද මුදල් ඇමති කෙනෙකුගේ කාර්යය. දැන්නම් එළියට යන්න වෙලාව හොඳයි. ලොතරැයි ගන්නවා කියන්නේ සිහින මවන එකක් බව ඕනෑ කෙනෙකුට තේරෙනවා. (නි)