(අංජුල මහික වීරරත්න)
සංවර්ධන ලොතරැයි මණ්ඩලය වෙත පරිගණක ආශ්‍රිත දිනුම් ඇදීමේ ලොතරැයි ටිකට්පත් මුද්‍රණය කර සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය වෙත පරිගණක ආශ්‍රිත දිනුම් ඇදීම සඳහා ලග්න වාසනාව, අද කෝටිපති, ශනිදා, සුපර් බෝල්, ජයෝදා, කප්රුක සසිරි යන ලොතරැයි පත් මුද්‍රණය සහ සැපයීම සඳහා ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර ඇතැයි රජය පවසයි. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය මත පදනම්ව වසරක කාලයක් සඳහා සහ ලොතරැයිපත් මුද්‍රණය සහ සැපයීමේ කොන්ත්‍රාත්තුව Toppan Forms (Colombo) Ltd., DPJ Holdings (Pvt) Ltd. Grand Export (Pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටෙන්ඩර් දාලද මේ ගොල්ලොන්ව තෝරාගෙන තියෙන්නේ නැත්නම් රනිල්ලාගේ යාලුවොද ?
කොමිස් මුලු ගාන කීයද? කාට කාටද බෙදන්නේ
කොමිස් ගැන කරදරවෙන්න එපා පෙරේරා. ඒක සාගල බිරිඳ බලාගනී