
(වැසි ජලයෙන් ලුණු අස්වැන්න යට වී ඇති අයුරු)
(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
නෙළිමට තිබු මෙට්‍රික් ටොන් පහළොස් දහසකට අධික ලුණු අස්වැන්න හදිසියෙ ඇද හැලුණ මහ වැසි සමඟ දිය වි ගිය බව පුත්තලම ලුණු වගාකරුවෝ පවසති.
රටපුරා මෙ වන විට මතුව ඇති උග්‍ර ලුණු හිගයකට ප්‍රධාන හේතුව ලෙස බලපා තිබුනේද ලුණු නිෂ්පාදනයට නිසි අව් රශ්මිය අහිමි වි වැස්ස නිරන්තරයෙන් පැවතීම බවද ඔවුහු කියති.
ශ්‍රී ලංකාවේ සමස්ථ ලුණු නිෂ්පාදනයෙන් පුත්තලම සියයට 60 කට ආසන්න දායකත්වයක් දක්වා ඇති අතර නිසි අව් රශ්මිය පැවති සමයන් වලදි මෙට්‍රික් ටොන් ලක්ෂයකට අධික අස්වැන්නක් ලබා දීමට කටයුතු කර තිබු බව පුද්ගලික හා රජයෙ ලුණු ලේවායන් වල අදාල අංශ පවසති.
ලුණු නිෂ්පාදනයට බාධා එල්ල කරමින් පැවති වර්ෂා තත්වය ලුණු වගා කරුවන්ටද බරපතල ආර්ථික ගැටළු මතු කර තිබුණි.
ලුණු ලේවායන් වල රුපියල් 1500 ක මිලකට නියම වී තිබු ලුණු කිලෝ 50ක බැගයක් මේ වන විට රුපියල් 7000 කට ආසන්න මිලකට ඉහළගොස් ඇත. සිල්ලර මිලද මේ වන විට ඉතා ඉහළමට්ටමක පවතී
මේ සියල්ල හමුවේ පසුගිය සමයෙ දැඩි අව් රශ්මියක් පුත්තලම පතිත වි ලුණු ලේවායන් වල ලුණු පදම් වෙමින් එය යල කන්නයෙ ඉහල අස්වැන්නක් වාර්තා කරන තත්වයට පත්වෙමින් තිබියදී , නොසිතු ලෙස ඊයේ (17) සිට නැවත වර්ෂාව පතිත විමත් සමඟ නැවතත් පුත්තලමේ ලුණු අස්වැන්න නොලැබිමේ තත්වයට පත්ව ඇති බව ලුණු නිෂ්පාදකයෝ පවසති.



( ලුණු අස්වැන්න නෙලීම සිදු කරන අයුරු පසුගිය කන්නයේ ඡායාරූප පෙළකි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුවට ආයුෂ නැත. ස්වභාධර්මය නඩුව අහලා තීන්දුව දෙන්නත් පටන් අරං තියෙන්නේ...
හදිසියේ කොහේද අනේ? අර “හරිම වෙදර්“ යූටියුබ් චැනල් එකේ කිව්වා සති 2/3 සිටම ඔහොම වෙන බව. ලංකාවේ කාලගුණ විද්‍යා එකක් තියෙන්නේ පින් පඩි ගෙවන්න. හරි නම් “හරිම වෙදර්“ මහත්මාට රජය සම්මාන දෙන්න වටිනවා. හොයලා මුදල් තෑග්ගක් දෙන්න ඒ මනුස්සයාට... ගොවියෝ එහෙම සෑහෙන පාඩු අවම කරගත්තා...
අපේ රටේ වැස්ස අමුතු දෙයක් නොවෙයිනේ. ඒවාට විකල්ප සූදානම් කරගෙන ඉන්න ඕනෑ..
Shoi...shoi ! ලුණු පිටරටින් ගෙන්වන ක්‍රමය තවදුරටත් පුළුල් කරලා, කොමිස් කාක්කන්ගේ හොද්ද බොර කර ගැනීමට ලුණු කැටය දමා ගැනීමට.. වැස්ස වලාහක දෙවියෝත්... "Full support" !
ස්වාභාවධර්මයාත් මේ ආණ්ඩුව පිළිකුල් කරනවා, අන්තිමේ දුක් විඳින්නේ අසරණ මිනිස්සු...!
දේශගුණ විපර්යාස හේතුවෙන් අනාගතයේ ද ලුණු නිෂ්පාදනයට බලපෑම් ඇතිවිය හැකියි. මෙම තත්වයට මුහුණ දියහැකි නව තාක්‍ෂණ සහ ක්‍රම රජයේ මැදිහත්වීම හරහා සොයාගත යුතුයි.
රනිල් ඉන්න කාලේ මට මතකයි, හැම සතියේම දවස් 3,4 ක් එක දිගට හේදෙන්න වැස්සා. ගං වතුරත් මාසෙකට සැරයක් වගේ හැමතැනම. ඒත් ලුණු තිබුණානේ. මේ කාව රවට්ටන්න කියන බොරුද?
අර ලක්ෂ 45 ගොන් රැලට හොඳයි මේ වගේ ගොන් කතා. ඔවුන් ඉතින් තණකොළ කනකොට ලුණු දාගෙන කන්නේ නෑනේ. ඉතින් ප්‍රශ්නයක් නෑ...
ඉතින් ලුණු නැත්තන් අන්තිම ඇටෙත් ඉවර වෙනකම් ඇමැතියා මොකද කරේ? එයා කැබිනට් පත්‍රිකා දාන්නේ කඩේ ලුණු ඉවරයි කියලා නිව්ස් එක ගියාම. හාල් ගේන එකා හාල් ගෙන්නන්නේ කඩේ හාල් ඉවරයි කියලා පත්තරේ ගියාම. ඌට නම් ටෙන්ඩරේ 4 පාරක් දාලත් හරියට ගේන්න බැරි වුනා. ඕවා තමයි කොමිස් කියන්නේ. ඕවා තමයි හොරකම් කියන්නේ. මාලිමාවේ පොදු ගිණුමට ගියාට ඒවා හොඳ වැඩ වෙන්නේ නෑ. මේවා නතර කරන්න ආපු උන් එලිපිටම ගේම් දෙන්නේ...
මොනවද අනේ? ට්‍රිලියන 2කුත් ණය අරගෙන ලුණුවත් නැද්ද? හොඳ වෙලාවට රිළව් ලුණු කන්නේ නැහැ.
ඇමැතිලා කොහේද අනේ මේ ආණ්ඩුවේ? නැව් කුමාර කියන විදියට ඉන්නේ පාපිසිනේ...
එකතු කල ලුණු වැස්සෙන් බේරාගන්න ඒවා වහන්න ක්‍රිකට් ground වහනවා වගේ covers ගෙන්වුවා නම් ඉවරයි. දැන් ඇත්තටම ලන්කාවේ කාලකන්නි කාලගුණයක් තියෙන්න. නැතිවෙන්න පායනවා... එතකොට අඹ ගස් වැහෙන්න මල් එනවා. මල් පීදෙන කොටම නැතිවෙන්න වහිනවා. මල් කලුවෙලා වැටෙනවා. එක ගෙඩියක් හැදෙන්නේ නෑ. සොබාදහම එක්ක වගාවක්, නිශ්පාදන කරන්න බෑ. දියුණු රටවල් ඒකයි පොලිටනල්, green house ඇතුලේ සාර්තකව වගා කරන්නේ. අපි හැම දේටම මේ ක්‍රම අනුගමනය නොකළොත් අපි සදා අනාථයි.
මට පරණ අරාබි ජනකතාවක් මතක් වුණා, බූරුවන් පිටේ ලුණු පටවාගෙන දිය පහරකින් එතෙරවුණු වෙළෙන්දෙක් ගැන, ඉතින් කියන්න දෙයක් නැහැනේ ලුණු වලට මොකද වුනේ කියලා... මේ ගොන්, තකතීරු ආණ්ඩුව අර වෙළෙන්දා වගේ තමයි.
රාජපක්ෂලා වැහි දෙය්යොත් එක්ක ගහපු ගේමක් ආණ්ඩුව අපහසුතාවයට පත්කරන්න...
අනේ මොවුන්ට තියෙන ප්‍රශ්න... සැප්තැම්බර් වලට කලින් ලංකාවට වැහැලා නෑ නේ...!
ඕකට නායකයෝ ඕනෙද? පිටකොටුවේ තොග වෙළෙන්දෙකුට දෙන්න.