සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළ දින ඔහු භාවිත කළ සටහන් පොත පොලිසිය නඩු භාණ්ඩ ලෙස පොලිස් භාරයට ගත්තත් මේ වන විට එය අතුරුදන් වී ඇතැයි රහස් පොලිසිය ගල්සික්ස මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතාට දැනුම් දුන්නේය.
වික්‍රමතුංග මහතා පසුපස ලුහු බැඳ ආ බව කියන යතුරු පැදි දෙකක අංක එම පොතේ පිටකවරයේ සටහන් කර තිබූ බවට තොරතුරු ඇතැයි ද, පොතට සිදුවූ දේ සම්බන්ධයෙන් හිටපු පොලිස්පතිවරයාගෙන් පවා ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි ද රහස් පොලිසිය කීවේය.
වික්‍රමතුංග ඝාතනය පිළිබඳ විමර්ශනය කර සටහන් තැබූ ගල්කිස්ස පොලිසියේ දෛනික වාර්තා පොතේ පිටු හතරක් ගලවා ඉවත් කර තිබෙන නිසා එම පොත රස පරීක්ෂකට යැවිය යුතු යැයි රහස් පොලිසිය කළ ඉල්ලීමට අධිකරණයේ අවසරය ලැබිණි.
වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට කොහුවල යුද හමුදා කඳවුරේ බුද්ධි අංශයේ කටයුතු කළ 17 දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන අවස්ථා දෙකකදී පොලිස් ඇප පිට මුදා හැර ඇති බවත්, ඔවුන් මුදා හැරීමට නීතිපති උපදෙස් පවා ලබාගෙන නැති බවත් රහස් පොලිසිය සඳහන් කළේය.
වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්කිකරුවකු සිටිය දී කන්දේගම ප්‍රියවංශ නම් යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන මාස තුනක් රඳවාගෙන සිට මුදා හැර ඇති බව ද, ඔහු අත්අඩංගුවේ සිටි කාල සීමාවේදී යුද හමුදාවෙන් ඔහුගේ වැටුප හා උත්සව අත්තිකාරම් ආදිය පවා ලබා දී ඇති බව ද අධිකරණයට දැන්වූ රහස් පොලිසිය එම යුද හමුදා සෙබළාගේ බැංකු ගිණුමක් පරීක්ෂා කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.
ඊට ද අවසර ලැබිණි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ලීඩර් කර්තෘ පස්සෙන් පැන්නූ යතුරුපැදි අංක ලියූ පොත අතුරුදන්
උපාලි Tuesday, 28 June 2016 07:21 AM
මේ වගේ අපරාධයක් යටගහන්න නොකරන දෙයක් තියෙයිද? සාක්කි අතුරුදහන් කිරීම තමයි ලේසිම ක්‍රමය. ඔය පාතාලයෝ ආයුධ පෙන්වන්න එක්ක යනකොට අපි හුරේ දානවා. හැබැයි සිද්ධවෙන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න අමාරු නැහැ. (නි)
නාමල් Tuesday, 28 June 2016 06:54 AM
අපේ රටේ ඉතින් කොහොමත් අතුරුදහන් වෙන ඒවා හරි ජනප්‍රියයිනේ (නි)