
(රංජිත් රාජපක්ෂ)
හැටන් වටවල ප්‍රදේශයේ සත්ව ගොවිපලක විවිධ රෝග වැලදී මිය යන එළදෙනුන් සහ ගවයන් මස් කඩ වලට අලෙවි කිරීමට එරෙහිව වටවල ලොනැක් වත්තේ වතු කම්කරුවෝ එම සත්ව ගොවිපල ඉදිරිපිට (14) දින විරෝධය දක්වනු ලැබුහ.
එම සත්ව ගොවිපලට පැමිණි ලොරි රථ දෙකක එවැනි සතුන් ගව බගවන්තලාව නගරයේ ගව ඝාතකාගාරය වෙත රැගෙන ගිය බවත්, ඉන් එක ලොරි රථයක් තමන් අල්ලාගත් බව ඔවුහු කියා සිටියහ.
ගවයන් ප්‍රවාහනය කිරිමට 12 වන දින ලබාගත් බලපත්‍රයක දිනය සත්ව ගොවිපලේ පාලන අධිකාරිය විසින් වෙනස් කරමින් ලෙඩ වී මිය යාමට ආසන්න බව පැවසෙන ගවයන් සහ එළදෙනුන් ප්‍රවාහනය කිරිමට කටයුතු කර ඇති බව විරෝධතාකරුවෝ කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අළුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. කුකුළු ගොවිපලවල තත්වයත් මේකම තමයි. ලෙඩ වී මිය යන සතුන් මස් කඩ වලට සහ කොත්තු රයිස් කඩවල් වලට අඩු ගණන් වලට විකිණෙන බව ප්‍රසිද්ධ රහසක්.
වතුකම්කරු මහත්වරු මැදිහත් වෙනකම් ආණ්ඩුවේ ලොකු මහත්තුරුන්ට වැරැද්ද අහුවුනේ නැහැ. කෝ මේ පුනරුදේ?
ඔච්චර ඕන නෑ. මසට කුකුල්ලු අරන් යන ලොරි වල ඉන්න කුකුල්ලු දිහා බලන්න. ඔවුන් හැම එකාටම ඇඟ පුරා හොරි. කුකුල් වසුරු ඇඟ පුරාම තැවරිලා විතරක් නෙමේ ඇඟේ තියෙන්නේ පිහාටු දෙක තුනයි. ඕවා හදන අයට නෙමේ කන උන්ටයි මඩු වලිගෙන් ගහන්න ඕනෑ. ඊට පස්සේ ඕවා කාලා පොඩි අයගේ ඉඳන් හොරි...