යුද සමයේ සටන් බිමේ සෘජු දායකත්වය සැපයූ රණවිරුවන් විවිධ චෝදනා පිළිබඳ පරීක්ෂණ වලට ලක්වන අවස්ථාවලදි නීති සහන ලබාදීමට පිවිතුරු හෙළ උරුමය "රණවිරු නොමිලේ සහන පදනම" නමින් නීති සහන සේවාවක් අරඹා ඇතැයි එහි සංවිධායක ලේකම් තුෂාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
විවිධ චෝදනා මත රණවිරුවන් දැනටමත් අධිකරණ ඉදිරියට කැදවා ඇති අතර ඉදිරියේදිත් මෙසේ රණවිරුවන්ට චෝදනා නැගෙනු ඇතැයි ද ඒ අනතුරට මුහුණ දීමට මෙම නීතිඥ සේවාව ඇරඹූ බව ද දිසානායක මහතා පැවසුවේය.
ඉදිරියේ දී එසේ කැඳවීම් ලැබුණ හොත් වහාම රණවිරු නීති සහන පදනම අමතන ලෙස ද දිසානායක මහතා ඉල්ලා සිටියේය.
එම පදනම පිටකෝට්ටේ පාගොඩ පාරේ අංක 133A දරන ස්ථානයේ පිහිටා ඇති අතර එහි දුරකථනය 0113357666 වේ. ෆැක්ස් අංකය 0112820050 බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මංගල සරත් ෆොන්සේකා මහත්මයාව රවටලා තමන්ගේ නායකත්වය රැකගන්නත්, රට පාවා දෙන්නත් ඉත්තෙක් කරගත්ත බව ඕන කෙනෙකුට පේනවා. එයාලට ජාතියට වඩා තමන්ගේ පක්ෂේ ලොකු බව පෙන්නුවේ සරත් ෆොන්සේකා මහත්මයාට 2010 ඡන්ද ලක්ෂ 43කුත් 2015 එයත් එක යුධ අපරාධ කාරයෙක් වගේ ඡන්ද 28,000 විතරක් දීලා.... ඔයාලත් ඒ සහගහන කුමන්ත්‍රණයේ කොටස් කාරයෝ...(බ)
මෙය ඉතාමත් හොද වැඩක් ! සරත් ෆොන්සේකා හා අනිකුත් රණවිරුවන් සම තත්වයේ තබා මේ ප්‍රශ්නය ගැන කතා කරන එක වැරදියි.... ඉස්සර මේ වගේ සංවිධාන තිබුණේ නැහැ දැන් මොකටද ? (ම)
මංගල, එතකොට සුදු කොඩි කතාව? (නි)
මම නම් කියන්නේ මේක කවුරු කළත් වටිනා වැඩක් (නි)
මංගලගේ කීම හරි කියලා මමත් කියනවා (නි)
ඇත්තටම මෙය ලොකු සහනයක් (නි)
පිදුරු ගහක එල්ලෙන්න හදන ගම්මන්පිල ! කොහෙන් හරි ගොඩ එන්නයි බලන් ඉන්නේ !! අනේ මෙහෙම තණ්හාවක් !!! (බ)
මංගලගේ කීම සියයට සීයක් හරි !!! (බ)
යුධ අපරාධ වලට නොවෙයි හමුදා නිලධාරීන් අත්අඩංගුවේ ඉන්නේ. වෙනත් මිනී මැරුම්වල සැකකරුවන් ලෙසයි. අර දියේ ගිලෙන්න යන මිනිහට පිදුරු ගහත් ලොකුයිලුනේ. අපේ ගම්මන්පිල මහත්තය මේවගේ දේකටවත් හේත්තුවෙන්න ඇත්නම් හොඳයි කියල හිතිලා වගේ. නරකම නැහැ.(බ)
රණවිරුවෝ කියන්නේ අපේ සම්පතක්. එයාලා වෙනුවෙන් කිසිවෙකු පෙනීසිටිනවා නම් ඇත්තෙන්ම එය අගය කරන්න ඕනෑ (නි)
මේ අපේ රණවිරුවෝ මෙහෙම චෝදනා වලට ලක්වෙන්නේ ඇයි? (නි)
මංගල හරි. (නි)
අද සංවර්ධනය නැවතුනා පමණක් නොවේ, රටත් අනතුරේ . අද ඩොලරය කීයද? (නි)
ලංකාවේ සිටින්නේ 60%ක් විතරම අතීතය අමතක වුණ කට්ටියක් (නි)
අගය කල යුතු වැඩක්. අපිව බේරගත්ත රණවිරුවන්ව දැන් අපි බේරගන්න ඕනේ කාලයක් (ම)
රණවිරුවන් අපේ ජාතියේ ජීවයයි (නි)
ඇත්තටම මේ අදහස් දැක්කහම තරහට වඩා දුකයි. කවුරු කළත් හොඳ දේ අගයන්න නොදන්නාකම නිසා තමා අද සිංහල ජාතිය මෙච්චර බාල්දුවෙලා තියෙන්නේ. (නි)
දේශයක් බේරාගත් උතුම් රණවිරුවන්ට මෙහෙම කරන්නේ ඇයි? ඔවුන් චෝදනා ලබන්නන්ද? (නි)
2010 දී රණවිරුවන්ට අණ දුන් සෙන්පතිව උසාවි, නඩු, වැරදි මවලා හදලා දඩුවම් දෙද්දි මේ පදනම කොහෙද දන්නේ නැහැ තිබුණේ? නිකන් ගහ දන්න අපිට කොල කඩලා පෙන්නන්න එන්න එපා. (අ)
ඉතා හොඳ ක්‍රියාවක් (නි)
අපි ඉවසීමෙන් බලමු මොකක්ද මේ අය මේ කරන්නේ කියලා (නි)
'මංගල" මහත්තයට සිංහල තේරෙන්නේ නැතිද ? මෙහෙම එකක් දැන් පිහිටෙව්වා කියලනේ කියන්නේ 2010 ඔහොම එකක තිබ්බේ නැහැ. ෆොන්සේකාට ප්‍රස්නයක් වුණ එක ඇත්ත නමුත් අදවගේ බුරුතුපිටින් රණවිරුවෝ රහස් පොලිසියට එකට අරන් ගියේ නැහැ (අ)
මංගල මේ රණවිරුවන් වාසි තකා යුද ජයග්‍රහණය පාවල දෙන කට්ටිය නෙවේ.(අ)
වැලේ වැල් නැති උරුමයක් දැන් පිස්සු නටනවා වගේ අඩුගානේ රණ විරුවන වත් ඡන්දෙ දුන්නේ නැ ඔයාලට පවු (අ)
රණවිරුවන් අපහසුතාවයට පත්නොකළ යුතුයි (නි)
යුදබිමේ සටන් වැදුන රණවිරුවන් රටට අයත් සම්පතකි (අ)
තුත්තිරි ගස් වලත් දැන් එල්ලෙනවා වගේ පිවිතුරු උන්නැහේ. (අ)
රණවිරුවන් පාවා දීම නැවැත්විය යුතුයි (අ)
රණ විරුවන්ට යුද්ධයට අදාළ කිසිම සිදුවීමකට නඩු පැවරුවොත් ඒ සදහා රජය පෙනී සිටිනවා. යුද්දයට මුවා වී කල විනය විරෝධී කටයුතු වලට රජය පෙනී සිටින්නේ නැහැ. පැහැදිලිව කිව්වොත් පිවිතුරු හෙළ උරුමය මේ පෙනී සිටින්නේ රණ විරුවන්ගේ නාමය කැත කල විනය කඩකළ පිරිස වෙනුවෙන්. මේක ලාබ ප්‍රසිද්දිය වෙනුවෙන් කරනු ලබන තුට්ටු දෙකේ වැඩක්. (අ)
බණ්ඩාර සහ විජයබාහු, මට වගේම මේ රටේ ගොඩක් දෙනෙකුට හොදට සිංහල තේරෙනවා. මම ඇහුවේ ශුද්ධ සිංහලෙන් 2010 ඇයි මෙහෙම එකක් හැදුවේ නැත්තේ? බුරැතු පිටින් රණවිරැවෝ අරන් ගියත් එකයි මුලු රණවිරැ සේනාවටම අණ දුන් සහ යුද්ධය ජයගත් මනුස්සයට කරපු වද හිංසාත් එකයි. ඔය ණයට කහින උදවියට අමතක වෙලා වගේ 2010 දී ෆොන්සේකා මහත්තය විතරක් නෙවෙයි 50කට ආසන්න ප්‍රමාණයක රණවිරැවන්ව සේවයෙන් පහ කලා. ෆොන්සේකා මහත්තයගේ ආරක්ෂකයින්ගෙන් පවා පලිගත්තා. එදා හික්මීයෝ වගේ හිටපු උපාසක අප්පුලා දැන් එනවා අපිට ගස්වල කොල පෙන්නන්න. අඩුගානේ දැන් ඔය කියන පදනම් පිහිටුවාගන්නත් නිදහස තියනවා. (අ)
දැන් මනුසයනට යුද්දේ අමතක වෙලා . ඒකාලේ වින්ද කර දර අමතක කරලා .. වීරයෝ දුස්ඨයෝ කරලා .. (අ)