පෞද්ගලික රෝහලකදී වෛද්‍යවරයෙකු විසින් රෝගියෙකු පරීක්ෂා කළ යුතු අවම කාලය විනාඩි 10ක් විය යුතු බවට දැනුම් දී ඇති අතර රෝගීන් පරීක්ෂා කිරීමට ලබාගන්නා මුදල ද නියම කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කීවේය.
එමරෝහල්වල රසායනාගාර පරීක්ෂණ කිහිපයක් සඳහා සාධාරණ මිලක් නියම කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සැළසුම් කර ඇති බවත් ඒ අනුව සී.ටී ස්කෑන්, එක්ස්-රේ වැනි පරීක්ෂණ මීට ඇතුළත් වන බවෙ මහීපාල මහතා සඳහන් කළේය.
රෝහල් නියාමනය කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇති අතර රසායනාගාර පරීක්ෂණ 33ක් සඳහා මේ වන විටත් සාධාරණ මිලක් නියම කර ඇති බව මහීපාල මහතා කියා සිටියේය.
රෝහල් පරීක්ෂා කිරීම සඳහා ජ්‍යෙෂ්ට සහකාර ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් විමර්ශන කමිටුවක් යෙදවීමට නියමිත බව ඔහු වැඩිදුරටත් කීවේය. රෝහල්හි රෝගී සත්කාරක සේවා නිවැරදි ආකාරයකට නියාමනය කර ගුණාත්මක සේවාවක් ඇති කිරීම මෙහි අරමුණ බව අධ්‍යක්ෂ ජනරාල් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ගියා නවලෝකයක තියෙන රෝහලකට. එන්න කිව්වේ 5.00 ට. සුප්‍රසිද්ද ස්නායු දොස්තර ආවේ 7.00 ට. මම ගත්තේ 9.30 ට. මම කාමරයට ඇතුළු වුනා. මෙන්න දෙබස් ...මොකද? ..හිසරදේ ඩොක්ටර් ...වමනේ යනවද? කලන්තේද? නෑ..ඩොක්.. ඩොක්...මේ බෙහෙත් අර පාමසියෙන් ගන්න ...මේ පරීක්ෂණ ටික මේ රෝහලෙන් කරගන්න ...එපමණි . ගාන 1500. තත්පර 13 ...ගියේ ..බෙහෙත්වලට 1700. පරීක්ෂණ වලට සීටී ස්කෑන් 14500.. මම ඒවා කළේ නෑ .. ගෙදර ආව ...පැනඩෝල් 2ක් බිව්වා ... නිදා ගත්තා ඊට පස්සේ මට හිසරදේ හැදුනේ නෑ .. දෙවියනේ හැදෙන්නත් එපා ..(බ)
මේ චැනෙල් දොස්තරලගෙන් අාදායම් බදුත් අය කරගන්න ඕනේ , මෙය නියම විධියට ක්‍රියාත්මක වෙනවද කියලත් බලන්න ඕනේ (බ)
අනේ.... මේ විදිහටම, 1000 ක් 1500 විතර ළමයි එක හෝල් එකකට දාල කරන ටියුෂන් කෙරුවාවටත් වැට බඳින්න අධ්‍යාපන ඇමතිට හිතේවා...(බ)
අපරාදේ පුද්ගලික රෝහලට ගියේ. ගෙදරදී පැනඩෝල් බීලා හිටියා නම් හරිනේ. සල්ලි නැත්නම් රජයේ රෝහල තියෙන්නේ. අනේ අනිච්චං! (නි)
සෞඛ්‍ය අමාත්‍යංශයට ජය වේවා! (නි)
මෙම නීතිය රජයේ රෝහල් වලට එන දුප්පත් රෝගීන්ට අකැපද? මෙතන අදහස් දාන අය නම් රජයේ රෝහල් වලට යන්නේ නැතුව ඇති. (නි)
යහපාලනෙන් අපි බලපොරොතුවෙන්නේ මෙන්න මේවා තමයි (නි)
වැඩේ හොඳයි. ඒ වුණාට සමහර දොස්තරලා මුහුණ බලන්නේවත් නැහැ. කාමරේට යනකොටම තුණ්ඩුව ලියලා ඉවරයි. (නි)
ජයම්පත්ගේ අදහසට මමත් එකඟයි. මෙහි ප්‍රතිලාබ අත්වන්නේ රෝගීන්ට නොව පෞද්ගලික රෝහල් වලට හා වෛද්‍යවරුන්ටයි. ඉදිරියේදී වෛද්‍යවරු මෙම නීතිය රජයේ රෝහල් වලත් ක්‍රියාත්මක කරාවි. (නි)
ඇත්ත තමයි චාමර. මෙතන අදහස් දා තිබෙන කරුණාපාලලා ඔය අනිත් අය වගේ හිතේ දෙකක් තියාගෙන වැඩකරන කෙනෙක් නොවෙයි වගේ තමයි. කියන දේ කෙළින්ම කියලා තියනවා. ඒ වුණාට චැනල් සෙන්ටර් එකේදී අපිට නම් ඒක මහා ලොකු ගානක් කියලා දැනෙන්නේ නැහැ. (නි)
මේ මුදලාලිලාගේ දක්ෂතාවය නිසා තමයි හැම රෝහලක් ළඟම මල් ශාලාවක් දාලා උපහාර දක්වා තියෙන්නේ. මොවුන්ගේ හොර අල්ලන්න නලාවේ සීසීටීවී කැමරා සවිකරලාවත් බැහැ. ඔය වකුගඩු ජාවාරමත් කරලා තියෙන්නෙත් ලයිසන් අරගෙන නීතිමය විදිහටනේ. ඔය මුදලාලිලාට මුහුණ දිහා බලලා සාක්කුවේ තිබෙන ගණන දැනගන්න විශේෂ පුහුණුවක් ලැබෙනවා (නි)
ඉතාම හොඳයි. මෙහෙමවත් නොකළොත් මේ රට හදන්න බැහැ. රෝගීන් දැනුවත් කරන්න මෙහෙම නොකරන අයව සාක්ෂි සහිතව සමාජයට හඳුන්වාදීමට. දෙවිවරු වන් දොස්තරවරු ඇත. ඒවාගේම ඉතා අකරුණාවන්ත ලෙස රෝගීන්ට සළකන නමට දොස්තරවරුද ඇත. (නි)
ඉතාම හොඳ වැඩක්. මේවා තමයි වෙන්න ඕනේ..(හේ)
ලංකාවේ සේවාවල් නැත ගසා කෑම ඇත (හේ)
පරීක්ෂණ සඳහා නියම කරන ප්‍රමාණය මහජනතාවගේ දැනුවත් වීම සඳහා පුවත්පත් වල සඳහන් කරන්න.(හේ)
කරුණාකර ගාස්තුත් සටහන් කරන්න.(හේ)
හා... ඔය දොස්තර මහත්තුරුත් අදහස් දාලා තියෙන්නේ. (නි)
ගාස්තු සටහනක් සියලු ජන මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන්න.(හේ)
මදැයි කළා.....! පැයකට ලෙඩ්ඩු 20ක් විතර උඩින් බලලා සාක්කුව පුරවාගත්ත අයට දැන් මොනවා වෙයිද? (නි)
විනාඩි 10 මොනවා කරන්නද . නලාව දමලා ලෑස්තිවෙන්න ඒ කාලේ ඉවරයි (හේ)
ලෙඩ බලන්න මිනිත්තු 10 ඇතිද?(කෞ)
රජයක් තීරණ ගත යුත්තේ 20,000 දොස්තරගා ගැන සිතා නෙවෙඉ 20000,000 ජනතාව ගැන සිතා. කිසිම රජයකට මේක කරන්න උවමනාවක් තිබුනේ නැහැ. දැන්වත් මෙය ක්‍රියාත්මක කරනවා නම් අසරණ ජනතවට ලොකු පිහිටක්. දොස්තර මාෆියාවට යට නොවී මෙය ක්‍රියාත්මක කරන්න ඔබලාට ධෛර්යය ලැබේවා.(හේ)
සියලු මිල සදහන් සටහනක් සියලු රෝහල්වල ප්‍රදර්ශනය කළ යුතුයි.(හේ)
අර දානවා කියපු පරීක්‍ෂණ කමිටුව සාමාජිකයන්ගේ වාර්ෂික ආදායම හරියට හොයා බලන්න. නැත්තම් එයාලත් පුද්ගලික මෙඩිකල් සෙන්ටර්ස් දාගනියි ඉක්මනටම. (නි)
ඔය බොරු සෝබන වැඩ නෙමේ කරන්න ඕනා. මොකද විනාඩි දහයට අඩුනම්, අපි දොස්තර මහත්තයට කියනවද තව විනාඩි කීපයක් තියනවා කියලා. මට ඒ විනාඩි කීපය මෙතන රැඳෙන්න ඕනා කියලා.. ඕවට තමයි කියන්නේ ගොන් පාට් කියලා. ඔය චැනල් සෙන්ටර් වල අයකරන ගාන වැඩියි කියල බලධාරීන්ට ගානක් නැතිව ඇති ?(හේ)
මේවා කියනවා වගේ කරනවා නම් හොඳ,,,අද කියනවා හෙට මතක නෑ (බ)
මේ ප්‍රවෘත්තිය ගැන කොමෙන්ට් කරන අයට හිතන්න තවත් දෙයක් මේ කියන්නේ. මේ නීතියට අනුව පැයකට බලන්න වෙන්නේ රෝගීන් 06. කොහොමද මේ ක්‍රමය ඉදිරියේදී රජයේ රෝහල් වලට ආවොත්. දැනටමත් සායනවලදී පැයකට රෝගීන් 50-75ක් බලනවා. හිතන්න ඉදිරියේදී මොනවා වෙයිද කියල. මෙතන වැඩි දෙනෙක් අදහස් පළකරන්නේ ද්වේශයෙන්. මට බැනලා කොමෙන්ට් නොකර හිතන්න.(බ)
කරුණාපාල කියන්න ඕන එක එකෙන්ම කියල (බ)
විනාඩි දහයක් ලෙඩෙක් බැලීම සඳහා ගත කළයුතුයි කියා යෝජනා කිරීමෙන් ඊටවඩා කාලය ගත කළයුතු ලෙඩෙක් ආවොත් "මම බලන්නේ විනාඩි දහයයි , යනවා යන්න" කියලා ලෙඩාව එළවලා දාන්නත්, ඉක්මනට බලලා ඉවර කරන්න පුළුවන් ලෙඩෙක් ආවොත් "ඔහොම තව ටිකක් ඉන්න, අපි මොනවාහරි තව අනං මනං ටිකක් කතා කරමු, වෙලාව තියනවනේ" කියලා ලෙඩාව නතර කරගන්නත් දොස්තර මහත්තයට පුළුවන්නේ (නි)
මේවා සියල්ල විනිවිද භාවයකින් යුතුව කෙරෙනවානම් අපටත් හිතෙන්න ගනියි අපේ රට යහපත් පැත්තකට ගමන් කරනවා කියල. (බ)
රාජිත මහතාට අපේ උත්ටමචාරය (හේ)
මේක කියලා තියෙන විධියටම ක්‍රියාත්මක කරනවා නම් තමා හොද (ම)
දතක් ගලවන්න කොච්චර වෙලාවක් වෙන් කරලා තියනවද ? ගාන කීයද ? (බ)
ලංකාවේ රජයේ රොහලක වෙද්‍යවරයකුගේ වැටුප රු ලක්ෂයක් පමණ වෙනවා සාමාන්‍ය පුරවැසියකු වශයෙන් ජිවත්වෙන්ට මෙම වැටුප මදිද බොහෝ වෛද්‍යවරු උදේ පහට පමන නිවසින් විටවෙනවා 6 සිට 8 දක්වා චැනල් කරනවා ඉට පසු රෑකියාවට යනවා 4 පසු චැනල් සේවේ රැ 8 විතර වනතුරු එතන ඉන්නවා උදේට යනකොටත් ළමයි නිදි සවස එනකොටත් නිදි (බ)
වැඩේ හොඳයි (හේ)
ඉතාම හොඳ වැඩක් හිසේරදයට බෙහෙත් ගන්න ගියොත් ආයේ බ්ලඩ් ප්‍රෙෂර් හදාගෙන ගෙදර එන්නේ මේ මිල අහපුවාම (බ)