
(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකරන බවත් දැනට පවතින මිල තව දුරටත් පවතින බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (5) පෙරවරුවේ පැවසීය.
ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළ යෑම මත ගෑස් මිල සූත්‍රය අනුව ගෑස් මිල ඉහළ දැමිය යුතු වුවද ඩොලරයේ අගය පහත බැසීමේ වාසිය ජනතාවට දෙමින් ගෑස් මිල ඉහළ නොදමන බව කී මුදිත පීරිස් මහතා ඒ අනුව මාර්තු මාසයේ දැනට පවතින මිල ක්‍රියාත්මක වන බව ද සඳහන් කළේය.
ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක් රුපියල් 4,743 ක ද, කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක් රුපියල් 1,904 ක ද, කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක් රුපියල් 883 ක ද, කොලඹ මිල තව දුරටත් පවතින බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණය පැවැත්වෙන බවට පේන ලකුණක් වගේ, නැත්නම් මේ පාලකයා ජනතාව ගැන හිතන කෙනෙක් නොවෙයි...