(යොහාන් භාසුර)
ලාෆ් ගෑස් මිල වැඩි කළ ද ලිට්රෝ ගෑස් සමාගමේ ගෘහස්ථ ගෑස් මිල ඉහළ නොදමන බව සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ‘ලංකාදීප’යට පැවසීය.
ලිට්රෝ සමාගම රජයට අයත් සමාගමක් මෙන්ම වෙළෙඳපොල ඉල්ලුමෙන් සියයට 85 ක් සපයන බැවින් එහි මිල ඉහළ නොදමන බව කී රාජ්‍ය අමාත්‍ය අලගියවන්න මහතා ලාෆ් සමාගම මිල වැඩි නොකිරීම හේතුවෙන් නිෂ්පාදනය අත්හිටුවීම නිසා මිල ඉහළ දැමීමට සිදුවූ බවත්ය.
ලාෆ් සමාගම ඉල්ලීම කළ මුදලට වඩා අඩු ප්‍රමාණයකින් වැඩිවීම ලබාදුන් බවත් අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්ම එපා.තව සතියකින් වගේ වැඩි කරන්න.
ඔහොමනේ හැම දේටම කිවුවේ. අන්තිමට වැඩි කරනවා .ජනතාව කබලෙන් ලිපට
69 ලක්ෂයම පුදුම කරවීමක් කරලා තියෙන්නේ හ..හ හා ලාෆ් ගෑස් මිල ඉහළට
දේශප්‍රේමයෙන් ඔද්දල් වෙලා ඉන්න අපිට මොකටද, පිටරටින් එන ගෑස්, අපි උයනවා දර ලිපේ. ලිට්රෝ ගෑස් කාරයා හිතන් ඉන්නේ අපි හිඟන්නෝ කියලද? මිල වැඩිකළ ලාෆ් ගෑස් සමාගමට ස්තුති වේවා!!
ගණන් වැඩි කරන කාලකන්නි ඇමතියෝ ටිකක්. වැඩක් නැහැ. කොහොමද සෞභාග්‍ය
මේ අය තමයි ලාෆ් ගෑස් වලට කලින් ජනතාව මුලා කරලා ඇඟට පතට නොදැනීම ගෑස් මිල වැඩි කලේ .තව ටික දවසකදී බලාගත හැකී කෙරුවාව
මෙි යක්කු කියෙන ඒව ගනන් ගන්න එපා එලිවෙනකොට බඩු වැඩිවෙලා තියෙයි.පට්ට හොරු රැල.
බලමුකො තව සතියකින් විතර, අපිත් මෙච්චර කල් හිටියෙ ලංකාවෙ තමයි. අන්තිමට සැර් එක්ක ගොලයෝ රොත්ත හත්පොලේ ගා ගත්තා
කරුණාකර ලෝක වෙළද පොලේ පවතින මිලට ලබා දෙන්න ,මේවට සහනාධාර දුන්නුවිට සිදුවන්නේ එම සහනදාරය ගෑස් බාවිතා නොකරන පිරිස් ද බදු ලෙස ගෙවීමි ය . එය ඉතා අසාධාරණය . මගේ මෝටර් රථයට බාවිතාකරන ඉන්දන සදහා ලෙබෙන සහනාදරය පාරේ බයිසිකලය පදින මනුස්සයන්ට ගෙවන්න සිදුවේ .
ඉහළ යෑම කෙසේ වෙතත් දැන්නම් ගෑස් හොදටම බැහැල